Ravi's Vision

Grow Sri Lanka’s economy and competitiveness in global markets for current and future generations

 

Ravi's Mission

Economic growth, sustainability and prosperity for Sri Lanka

 

Thoughts for the Day

" What you lost in the past was a part of your destiny, but what you will get in future will be the combination of both your efforts & luck."

 
 
 
 
 
 

Todays Highlights

 
 
 
 
Ravi in Parliamnet

නින්දා ප්‍රශංසා දෙකේදී පණ්ඩිතයෝ නොසැලෙති..! මං ඉල්ලා අස්වෙන්නේ ආඩම්බරයෙන්..! - රවි ඇමතිකමින් ඉල්ලා අස්වෙමින් කළ ඓතිහාසික කතාව

නින්දා ප්‍රශංසා දෙකෙහිම පණ්ඩිතයෝ නොසැලෙන බවත්, කවර චෝදනාවක් එල්ල වුණත්, තමන් දිගින් දිගටම සත්‍යය වෙනුවෙන් පෙනී සිටින බවත් අපරාධ හා දූෂණ මෙරටින් තුරන් කිරීම වෙනුවෙන් සටන් කරන අතර පාක්ෂිකයන් රැකබලා ගැනීම සඳහා වෙහෙසෙමින්. ජනවාරි 08 වෙනිදා විප්ලවයෙන් අප ආරක්ෂා කරගත් දේශපාලන හා සමාජ අගයයන් වෙනුවෙන් කැප වෙනවා යයි රවි කරුණානායක මහතා තම ඇමැතිධූරයෙන් ඉල්ලා අස්වෙමින් ප්‍රකාශ කෙළේය. ඔහු කළ ඓතිහාසික කතාව සම්පූර්ණයෙන් පහත දැක්වේ..

ගරු කතානායකතුමෙනි,

Read more
memebers

සුපිරිසුදු බව රටට පෙන්නුවා -පාක්ෂිකයන්ට රවී කියයි

හොරු කණ්ඩායමක් තමාට ඇඟිල්ල දික් කරන විට තමාෙග් සුපිරිසුදුතාව රටට පෙන්වමින් රටට අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට හැකි වූ බව හිටපු විදේශ කටයුතු ඇමැති රවි කරුණානායක මහතා පැවසීය. හිටපු ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේ බත්තරමුල්ල රජමල්වත්ත පාරේ පිහිටි ඒ මහතාගේ නිවස ඉදිරිපිට දී සිය පාක්ෂිකයන් අමතමිනි. විදේශ ඇමැති ධූරයෙන් ඉවත් වූ රවි කරුණානායකත මහතා පිළිගැනීම සඳහා ඊයේ (10) කරුණානායක මහතාගේ නිවස ඉදිරිපිටට විශාල පාක්ෂිකයන් පිරිසක් රැස්ව සිටියහ.

Read more
parlemnt raviii333

විදේශ කටයුතු අමාත්ය රවී කරුණානායක මහතා අද (10) සිය ධූරයෙන් ඉල්ලා අස්විය. ඒ මහතා මෙසේ ඉල්ලා අස්වූයේ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්ර කාශයක් කරමින්ය

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අද (10) සිය ධූරයෙන් ඉල්ලා අස්විය.  ඒ මහතා මෙසේ ඉල්ලා අස්වූයේ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින්ය.බැඳුම්කර සිද්ධියට අදාල තමා ඉලක්කකරගෙන ඇතිවූ තත්ත්වය හමුවේ තමා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බවත් අවධාරනය කළ රවී කරුණානායක මහතා රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා යහපත් දේශපාලන වාතාවරනයක් ඇති කිරීමේ අවංක අභිලාශයෙන් මෙන්ම එක්සත් ජාතික පක්ෂයට ආදරය කරන සැබෑ නායකයෙකු ලෙස මෙම තීරණය ගත් බවත් කීය.

Read more
ravii-640x400

ඉතිහාසය හා කාලය මට හිමි තැන තීරණය කරාවි – ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වෙමින්...

ඉතිහාසය හා කාලය මට හිමි තැන තීරණය කරාවි යනුවෙන් කියමින් හිටපු විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවේදී සිය කතාව ආරම්භ කරමින් කියා සිටියේය

Read more
turky

රී ලංකාවේ සංචාරයක නිරත තුර්කි හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය අහමඩ් දව්ටොග්ලු(Ahmed Davutoglu) මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අතර හමුවක්.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත තුර්කි හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය අහමඩ් දව්ටොග්ලු (Ahmed Davutoglu) මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අතර විශේෂ හමුවක් අද (07) පස්වරුවේ පැවැත්විණි.විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැති මෙම හමුවේදී දෙරට අතර, පවතින දීර්ඝ කාලීන මිත්‍රශීලී සබඳතා පිළිබදව අවධානය යොමු කෙරිණි.ආචාර්ය අහමඩ් දව්ටොග්ලු මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද හමුවීමට නියමිතය.

Read more
badumkara22

Attorney General’s Department took him to Bond Commission and is engaged in an attempt to tarnish his image.

Certain media set to hang me without trial, I proved them wrong today.- Minister of Foreign Affairs Ravi Karunanayake

Minister of Foreign Affairs Ravi Karunanayake reiterates that the Attorney General’s Department has been making an attempt to tarnish his image by calling him before Presidential Commission appointed to probe the Central Bank Bond Issus.

Read more
badumkara22

බැඳුම්කර කොමිසමට කැදවා, රජයේ නීතිපති දෙපාර්තමේන්තුව තමාගේ චරිතය ඝාතනය කිරීමේ උත්සහයක නිරතව සිටිනවා..... සාක්‍ෂි නැතිව, මාධ්‍යයෙන් මම එල්ලන්න හැදුවා, අද මම සාක්‍ෂි සහිතව ඒ සියල්ල බොරු බවට ඔප්පුකර පෙන්නුවා- විදේශකටයුතුඅමාත්‍යරවීකරුණානායකමහතා

බැඳුම්කර කොමිසමට කැදවා නීතිපති දෙපාර්තුමේන්තුව තමාගේ චරිතය ඝාතනය කිරීමට උත්සහය දරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ බැඳුම්කර ජනාධිපති විමර්ශණ කොමිසම හමුවේ අද (02) සාක්‍ෂි ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමිනි. එහිදී රවී කරුණානායක මහතා පැවසූවේ සාක්‍ෂි නොමැතිව තමා, මාධ්‍ය තුලින් එල්ලා දැමීමට හැදුවත්, අද තමා සියළු සාක්‍ෂි සහිතව ඒ සියළු දේ කොමිසම හමුවේ ඔප්පු කර පෙන්නා දුන් බවත් කීය.

Read more
bond cid

Ravi arrives at bond commission

Minister of Foreign Affairs Ravi Karunanayake arrived at the Presidential Commission of Inquiry probing the Central Bank bond, today (2).

Read more
russian embsd

රුසියානු හා ඇමරිකානු තානාපතිවරු විදේශ ඇමති හමුවේ

ශ්‍රි ලංකාවේ, රුසියානු තානාපති ඇලෙක්ස්සැන්ඩර්  ඒ කර්චාවා ( Mr. Alexander A. Karchava)මහතා සහ ඇමරිකානු තානාපති අතුල් කෙෂාප් (Athul keshap) මහතා අද පස්වරුවේ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවිය.මෙම හමුව විදේශ කටයුතු අමාත්‍යංශයේදී සිදුවිය.පළමුවෙන් රුසියානු තානාපති ඇලෙක්ස්සැන්ඩර්  ඒ කර්චාවා මහතා රවි කරුණානායක මහතා හමුවී ප්‍රකාශ කළේ  රුසියාව හා ශ්‍රී ලංකාව අතර මිත්‍රශීලී බැඳීම වර්තමානයේ ශක්තිමත් වී ඇති බවයි. ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධනය සඳහා රුසියාව නිරන්තරයෙන් සහය ලබා දෙන බවද තානාපතිවරයා කීය. මෙහිදී විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියේ රුසියාව ශ්‍රී ලංකාවේ මිත්‍රශීලී රටක් ලෙස නිරන්තරයෙන් ලබාදෙන සහය අතිශය අගය කරන බවයි.

Read more
badumkara

බැඳුම්කර සිද්ධියට අදාලව සාක්ෂි විමසීමේදී තමා පදනම් කර ගනිමින් ඉදිරිපත් වී ඇති කරුණු පිළිබඳ ලබන අගෝස්තු මස 02 දින බැඳුම්කර කොමිසම හමුවේ නිසි පිළිතුරු දෙනවා....- විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා

බැඳුම්කර සිද්ධියට අදාලව සාක්ෂි විමසීමේදී, තමා පදනම් කර ගනිමින් ඉදිරිපත් වී ඇති කරුණු පිළිබඳ ලබන අගෝස්තු මස 02 දින බැඳුම්කර කොමිසම හමුවේ නිසි පිළිතුරු දෙන බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම ක්‍රියාදාමය පිටුපස තමාගේ චරිතය ඝාතනය කිරීමේ කිසියම් සැලැස්මක් පවතින බවයි.අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව ප්‍රකාශ කළේ අද(26) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවැති අදට යෙදෙන ජාතික යොවුන් කොඩි දිනයට සමගාමීව පැවැති ධජ පැළඳවීමේ උත්සව අවස්ථාවේදී මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිණි. ජාතිත තරුණ සේවා සභාවේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම මගින්, රවී කරුණානායක මහතාට මෙසේ යොවුන් කොඩියක් පැළඳවනු ලැබීය.

Read more
aturu

අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා වන කාර්යාලය බලගැන්වීමේ ඊලග පියවර වෙනුවෙන්, අතිගරු ජනාධිපතිතුමාගේ අනුමැතිය හිමිවී තිබෙනවා.. -විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා-

අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා වන කාර්යාලය බලගැන්වීමේ ඊලග පියවර වෙනුවෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අනුමැතිය හිමිවූ බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පස්වරුවේ (20) විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

Read more
aus-fm

ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය ජුලී බිෂොප් මැතිනියගේ(Julie Bishop)ශ්‍රී ලංකා සංචාරය

ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය ජුලී බිෂොප් මැතිනිය (Julie Bishop) අද (19) පස්වරුවේදිවයිනට පැමිණි අතර ඇය මුලින්ම විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා හමුවීය.

මෙම හමුව විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විනි.ඡායාරූපයේ දැක්වෙන්නේ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා සහ ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය ජුලී බිෂොප් මැතිනිය සමග නිල ඡායාරූපයට පෙනී සිටි ආකාරයයි.

Read more