Ravi's Vision

Grow Sri Lanka’s economy and competitiveness in global markets for current and future generations

 

Ravi's Mission

Economic growth, sustainability and prosperity for Sri Lanka

 

Thoughts for the Day

" What you lost in the past was a part of your destiny, but what you will get in future will be the combination of both your efforts & luck."

 
 
 
 
You are here:: Home
 
 

Todays Highlights

 
 
 
 

අතීතයේ ගත් වැරදි තීන්දු තීරණ නිසා සමස්‌ත ජාතියටම බලපෑමක්‌ ඇතිවෙලා - මුදල් ඇමැති රවි කරුණානායක

raviමුදල් ඇමැති රවි කරුණානායක මහතා කාන්තාවකට නිවසක්‌ ඉදිකිරීම සඳහා අදාළ මුදල් ආධාර ප්‍රදානය කළ අයුරු.

රටේ අනාගතය ශක්‌තිමත් කරන අයවැයක්‌ හඳුන්වා දී තිබියදී ජනතාව කෙටිකාලීන අපේක්‌ෂාවලින් බැහැරව අනාගතය කෙරෙහි අවධානය යොමු කළ යුතු කාලය උදාවී ඇති බවත්, කෙටි කාලීන අපේක්‌ෂාවන් මුදුන්පත් කර ගැනීම සඳහා අතීතයේදී ගත් වැරදි තීන්දු තීරණවල අයහපත් ප්‍රතිඵල මේ වනවිට සමස්‌ත ජාතියටම බලපෑමක්‌ වී ඇතිවී ඇති බවත් මුදල් ඇමැති රවි කරුණානායක මහතා පැවැසීය.



එදා 1966 ඩඩ්ලි සේනානායක අගමැතිතුමාගේ යුගයේදී තීරණය කරන්න වුණා උතුරට අධිවේගී මාර්ගයක්‌ දානවාද, හාල් සේරුව අඩුමිලට දෙනවද කියලා. කොමියුනිස්‌ට්‌වාදීන් බෝඩ් ලෑලි උස්‌සගෙන කෑගහල අන්තිමට හාල් සේරුවේ මිල අඩු කරන්න තීරණය වුණා. ඒ කාපු හාල් අද දිරවල ඉවරයි. ඒත් අධිවේගී මාර්ගය එදා හැදුව නම් අද වෙනකොට මේ ගොඩක්‌ ප්‍රශ්නවලට විසඳුම් ලැබී ඇතැයිද රවි කරුණානායක මහතා සඳහන් කළේය.

මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා මෙම අදහස්‌ පළ කළේ කොළඹ, මෝදර ප්‍රදේශයේ ජනතාව වෙත නිවාස ඉදිකර ගැනීම සඳහා මුදල් සහ සිමෙන්ති ප්‍රදානය වෙනුවෙන් ඊයේ (06දා) පෙරවරුවේ මෝදර ප්‍රදීපා ශාලාවේ පැවැති උත්සවයකදීය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ මුදල් ඇමැතිවරයා මෙසේද කීය.

"හැම ගමකට ම නිවාස 1000 බැගින් හදන්න අපි මෙවර අයවැය මගින් යෝජනා කරල තියෙනවා. රජයේ සහ ජනතාවගේ මුදල් එකතුවෙන් තමයි මේ කටයුත්ත කෙරෙන්නෙ. ඒ වෙනුවෙන් අයවැයෙන් වෙන් කරල තියෙන මුදල් රුපියල් කෝටි 4,100 ක්‌. උතුරු කොළඹ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් පමණක්‌ නිවාස 15,000 සාදා නිම කිරීම තමයි අපේ අපේක්‌ෂාව.

අයවැයෙන් අධ්‍යාපනයට වෙන් කර ඇති මුදල් පිළිබඳව අදහස්‌ දක්‌වමින් ඇමැතිවරයා මෙසේ පැවැසීය.

"මෙවර අපි වැඩිම මුදලක්‌ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරලා තියෙන්නෙ අධ්‍යාපන අමාත්‍යාංශයටයි. රුපියල් කෝටි 16,200 ක්‌. අපි ත්‍රස්‌තවාදය අවියෙන් නැති කළා. නමුත් ත්‍රස්‌තවාදය සහමුලින්ම නැති කළ හැකි ආකාරය තමයි අධ්‍යාපනය කියල කියන්නෙ. ඒ නිසා තමයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එකතුවෙලා අධ්‍යාපනය වෙනුවෙන් ඉතිහාසයේ වැඩිම මුදල වෙන් කරලා තියෙන්නෙ. මේව අහල රුපියල් 2,500 න් මාසයක්‌ ජීවත් වෙන්න පුළුවන්. කියපු හිටපු අධ්‍යාපන ඇමැති අද කර කියා ගන්න දෙයක්‌ නැතිව ඉන්නවා." යෑයිද අමාත්‍ය රවි කරුණානායක මහතා වැඩිදුරටත් පැවැසීය.

එහිදී මුදල් අමාත්‍යතුමාගේ සංකල්පයක්‌ අනුව ක්‍රියාත්මක 'දිවියට සවියක්‌' වැඩසටහන යටතේ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 181 ක්‌ වෙත රුපියල් ලක්‍ෂය බැගින් ණය ප්‍රදානය කෙරුණු අතර නිවාස සාදා ගැනීම සඳහා පවුල් 235 ක්‌ වෙත සිමෙන්ති ප්‍රදානයද සිදුකෙරිණි. එම අවස්‌ථාවට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති සාගර පලන්සූරිය මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්‌ද එක්‌ව සිටියහ.

මේ අතර ශ්‍රී ලංකා දුම්කොළ සමාගමේ අනුග්‍රහය මත නවීකරණය කරන ලද කොටහේන ප්‍රජා සංවර්ධන මධ්‍යස්‌ථානයද අද පෙරවරුවේ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අතින් විවෘත කෙරිණි. මෙම අවස්‌ථාවට එම සමාගමේ කළමනාකරණ අධ්‍යක්‍ෂ ෆෙලිසියෝ ෆෙරාස්‌ කොළම පුරපති ඒ. ඡේ. එම්. මුසම්මිල් යන මහත්වරු ඇතුළු පිරිසක්‌ ද එක්‌ව සිටියහ. එහිදී 'දිවියට සවියක්‌ අතුරු කොළඹ සංවර්ධන වැඩසටහන සඳහාම වෙන්වූ ෆේස්‌ බුක්‌ පිටවුක්‌ද මුදල් ඇමැතිවරයා විසින් විවෘත කරන ලදී.