අද පෙරහරේ මුලින්ම යන්නේ, ...කරඬුව වඩම්මවන හස්තියා වෙනුවට , පන්දම් කාරයො, බොරු කකුල් කාරයො ....එක්සත් ජාතික පක්ෂ උපනායක , හිටපු මුදල් අමාත්‍ය,පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක
දින සියයෙන් තමා රටේ ආර්ථිකය, ගොඩනගන බවත් , ඒ සඳහා දක්ෂ නිලධාරීන් පිරිසක් සමඟ එම අභියෝගයට මුහුණ දෙන බවත් රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

දින සීයයෙන්, මම රටේ ආර්ථිකය,ගොඩනගල පෙන්වනවා,

ඔබ සැමට සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා- රවී කරුණානායක
Wishing you a happy, prosperous and peaceful Sinhala and Tamil New Year!- Ravi Karunanayake

එක්සත් ජාතික පක්ෂයෙ ඇමැති වරු පොවනව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැති වරු දොවනවා .... හිටපු මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා.
එක්සත් ජාතික පක්ෂයෙ ඇමැතිවරු සිය අමාත්‍යාංශ වලින් රටේ ආර්ථිකය පොහොසත් කරන විට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු එම ආදායම දොවමින් සිටින බව හිටපු මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.මන්ත්‍රී වරයා මේබව කියා සිටියේ ඊයේ (09)පෙරවරුවේ කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ සකස් කළ ජාත්‍යන්තර මට්ටමේ , කෘත්‍රීම ධාවන පථය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට, සහභාගී වෙමිනි.

Changing management could make SriLankan Airline profitable: Ravi..
SriLankan airlines could not be operated as a profitable venture because of its inefficient management, UNP MP Ravi Karunanayake yesterday said. He told journalists at Thotalanga that appointing a team of competent officials to the Board of Directors to SriLankan airlines could solve the issue.

සමාජ මාධ්‍ය යලි රට තුල සක්‍රීය කළ යුත්තේ, ස්ථාවර වගවීමේ ක්‍රියාවලිය කට යටත් ව බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියි
සමාජ මාධ්‍ය යලි රට තුල සක්‍රීය කළ යුත්තේ, ස්ථාවර වගවීමේ ක්‍රියාවලිය කට යටත් ව බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියි. අමාත්‍ය වරයා පෙන්වා දෙන්නේ ,ජාතිවාදය ,ආගම් වාදය,අන්තවාදය ව්‍යාප්ත කරමින් රටේ සංහිඳියාව විනාශ කරමින් ,ජනාධිපතිවරයා ට අගමැතිවරයා ට, සහ තමාට මෙන්ම සමස්ථ අමාත්‍ය මන්ඩලය ට, රජය ට විරුද්ධව ජනතාව තුල වැරැදි මතයක්,සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රියාත්මක වන්නේ නම් එය කිසියම් පාලනය කට අධීක්ෂණය කට යටත් කිරීමේ වරදක් නොමැති බවද පෙන්වා දෙයි. රවී කරුණානායක මහතා මේබව පැවසුවේ ඊයේ (12) දහවල්, තොටළඟ,එක්සත් ජාතික පක්ෂ, කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ය .

පොලීසිය සාමය ආරක්ෂා කරන්න බැඳී ඉන්නව, ජාතීන් අතර මේ වගේ ප්‍රශ්න ඇතිවුණාම පොලීසිය ක්ෂණික ව ක්‍රියාත්මක වෙලා කටයුතු කළ යුතුයි. නීතිය ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කිරීම පොලිසියේ වග කීමක් ...එලෙස ක්‍රියාත්මක වෙන්න නොහැකි නම් ගෙදර යා යුතුයි.- රවී
තෙල්දෙණිය ගැටලුව හමුවේ, එය අගමැතිවරයා ට හෝ ජනාධිපතිවරයා ට දෝෂාරෝපණය කිරීම වැරදි බවත්, නීතිය හා සාමය ආරක්ෂා කිරීම පොලිසියේ වග කීම බැවින්, සිද්ධිය මුල් අවස්ථාවේදී ම පාලනය කිරීමට පොලීසිය ක්‍රියාත්මක විය යුතුව තිබුණ බව එක්සත් ජාතික පක්ෂ උපනායක , පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා කියා සිටියි.

.IMF එක රටෙන් යන්න කාලය එළැඹීලා....හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රයට රජය තීරණ ගත හොත්, එය රටේ අනවශ්‍ය දේශපාලන ගැටලු ඇතිකිරීමට ඉඩ ඇතිබව හිටපු මුදල් අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ උපනායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා කියා සිටියි. කරුණානායක මහතා පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විවිධ යෝජනා ඉදිරිපත් කළද, ඊට ඇහුම්කන් දීම මිස එම යෝජනා ක්‍රියාත්මක කිරීමට අවශ්‍යතාවයක් නොමැති බවයි . රවී කරුණානායක මහතා මේ බව ප්‍රකාශ කළේ අද (04) පෙරවරුවේ,කොළඹ තොටළඟ පිහිටි එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි. උතුරු කොළඹ ප්‍රදේශයේ ක්‍රීඩා සංගම් පහක්(5) සඳහා ක්‍රීඩා උපකරණ බෙදාදීම වෙනුවෙන් මෙම උත්සවය පැවැත්විනි. රවී කරුණානායක මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙම ක්‍රීඩා උපකරණ තොගය බෙදා හරිනු ලැබීය. උත්සවයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ රවී කරුණානායක මහතා.

ජාතික ලැයිස්තුවෙන් පැමිණි දෙතුන් දෙනෙක් පක්ෂය විනාශ මුඛයට ඇද දමා තිබෙනවා...
ජාතික ලැයිස්තුවෙන් පැමිණි දෙතුන් දෙනෙක් පක්ෂය විනාශ මුඛයට ඇද දමා ඇතිබව එක්සත් ජාතික පක්ෂ උපනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා කියා සිටියි. මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ කිසිඳු ජනපදනමක් නොමැති එම සුළුතරය පක්ෂයට සිදුකර ඇති විනාශය යළි ආපස්සට හැර වීමට නොහැකි තරම් බරපතළ වී ඇතිබවයි. මෙම තත්ත්වය හමුවේ පක්ෂය තුල රැඩිකල් වෙනසක් සිදුවිය යුතුබවත් තරුණ කොටස් සඳහා ඉදිරියට පැමිණීම ට අවස්ථාව සලසා දිය යුතු බවත් හෙතෙම සඳහන් කරයි.

පවතින වාතාවරණය හමුවේ ජනාධිපතිවරයා ට සහ අගමැතිවරයා ට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ ලබා දිය යුතුයි -එජාප උපනායක , රවී කරුණානායක
පවතින දේශපාලන වාතාවරණය සමථයකට පත්කර ගැනීම සඳහා ජනාධිපතිවරයාට සහ අගමැතිවරයා ට ස්වාධීනව ක්‍රියා කිරීමට අවකාශ සලසාදීම ඉතා වැදගත් බව එක්සත් ජාතික පක්ෂ උපනායක,පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ පළාත් පාලන මැතිවරණයෙන් උතුරු කොළඹ ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය කළ නියෝජිතයින් ට ප්‍රනාමය ඵලකිරීමේ උත්සව අවස්ථා වකට එක්වෙමිනි. ඊයෙ (17)පෙරවරුවේ තොටළඟ, මුවදොර උයන නිවාස සංකීර්ණය අසලදී මෙම උත්සවය පැවැත්විනි.

රවී කරුණානායක මහතා පළාත් පාලන මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම..
එක්සත් ජාතික පක්ෂ උපනායක හා කොළඹ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පළාත් පාලන මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අද (10)පෙරවරු 9:00 බත්තරමුල්ල, YMBA ශාලාවේදී සිදු කළේය. ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ රවී කරුණානායක මහතා කියා සිටියේ, කුමන බාධක,අවහිරකම් මධ්‍යයේ වුවද එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ගමන ශක්තිමත් කිරීම

රවී කරුණානායක මහතා පෙබරවාරි 06 වනදා පාර්ලිමේන්තුවේ සිදු කරන ලද සම්පූර්ණ කථාව
ගරු කථානායකතුමනි,
මහජනතාවට හා රටට අහිමි වෙමින් පැවති ප්රජාතන්ත්රවාදය,නිදහස හා ආර්ථික දියුණුව ස්ථාපිත කරන්න ජිවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ දේශපාලකයෙක් හැටියට, ඒ වෙනුවෙන් මහා පරිත්‍යාගයක් කළ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට, ඒ වගේම 2015 ජනවාරියේ අලුත් ජනාධිපතිවරයෙක් ...2015 අගෝස්තු මාසයේ සම්මුතිවාදී, යහපාලන ආණ්ඩුවක් බිහි කරන්න මුල්වූ කෙනෙක් හැටියට අද මේ ගරු සභාව අමතා කතා කරන්න ලැබීම සතුටක්.

කිසිවෙකුට පහරදීම මගේ අපේක්ෂාව නොවෙයි- රවී කරුණානායක
ගරු කථානායකතුමනි,
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, රවී කරුණානායක වන මාගේ වරප්‍රසාද කඩවීම සම්බන්දයෙන් වූ ප්‍රකාශය මෙම ගරු සභාව හමුවේ ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දීම පිළිබඳව මා පළමු කොට ඔබතුමාට ස්තූතිය පිරිනමනවා.
2015 ජනාවාරි 8 දා සිට, අපේ හදවත් තුළ රැව් දුන්නා ලොකු සිහිනයක්. ඒ තමයි, සම්මුතිවාදය හා යහපාලනය ස්ථාපිත කොට මේ රටට අහිමිවූ ප්රජාතන්ත්රවාදය සහ සංහිඳියාව, ස්ථාපිත කර, ආර්ථික සහ සමාජීය සංවර්ධනය කඩිනමින් ලබාදීම. ඒ වෙනුවෙන් 2015 ජනවාරි 8 වනදා අප විසින් නව ජනාධිපතිවරයකුත් නව රජයකුත් පිහිටුවා ගත්තා. අනතුරුව 2015 වසරේ සම්මුති ආණ්ඩුවක් පිහිටුවා ගත්තා.