You are here:: Latest News
 
 

Latest

උත්සව සමයේ භාණ්ඩ මිල ගණන් සොයා බැලීම සඳහා මුදල් අමාත්‍යවරයා කොළඹ සුපිරි වෙළෙඳසැල්වල සංචාරයකනිතර වෙයි.. වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ සුපිරි වෙළෙඳසල් පිළිබඳ පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි..

AddThis Social Bookmark Button

supermarket visitඅලුත් අවුරුදු සමයේ වෙළෙඳපොළේ භාණ්ඩ මිල ගණන් පිළිබඳ සොයා බැලීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද (09) පස්වරුවේ කොළඹ, ප්‍රදේශ කිහිපයක සුපිරි වෙළෙඳසල්වල හදිසි සංචාරයක නිරත විය. මෙහි දී පාරිභෝගිකයන් සමග ද සුහද කතාබහක නිරත වූ මුදල් අමාත්‍යවරයා මිල ගණන් පිළිබඳ විමසා බැලීය. භාණ්ඩවලින් බහුතරයක් සාමාන්‍ය මිල ගණන් යටතේ අලෙවි කළ ද, ඇතැම් වෙළෙඳසල්වල ටින්මාළු, හාල් මැස්සන් සහ කිරිපිටි මිල ගණන්වල විෂමතා ඇති බවට එම සංචාරයේ දී අනාවරණ විය. එම අවස්ථාවේ දී ඒ සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරිය වෙත පැමිණිලි කිරීමට මුදල් අමාත්‍යවරයා පියවර ගත්තේ ය.

Read more

උත්සව සමයේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල හිගයක් නැහැ………. පාරිභෝගිකයා ආරක්ෂා කරගන්නා අතරතුර, දේශීය නිෂ්පාදකයාද ආරක්ෂා කිරීම රජයේ වගකීමක්. -මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා

AddThis Social Bookmark Button

 pettahමුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා, අද පෙරවරුවේ පිටකොටුව ප්‍රදේශයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.මෙම සංචාරයේ අරමුණ වූයේ, උත්සව සමයේ සහල් හිඟයක් පවතින බවට, පැතිර යන වාර්තාවල සත්‍ය අසත්‍යතාවය සොයාබැලීම සඳහාය.මෙම සංචාරය සඳහා කර්මාන්තහා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයුදින් මහතාද එක්ව සිටියේය.

Read more

සුපර් බෝල්, ජයෝදා සහ ගැලැක්සි ස්ටාර් ජයග්‍රාහකන්ට සුපිරි ත්‍යාග, මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතින් පිරිනැමේ..

AddThis Social Bookmark Button

devolopment-lotteryසංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සුපර් බෝල්, ජයෝදා සහ ගැලැක්සි ස්ටාර් යන ටිකට්පත්වල සුපිරි ත්‍යාගලාභීන් වෙත එම මුදල් පරිත්‍යාග කිරීම මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා මුදල් අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.සුපර් බෝල් 632 වැනි දිනුම් වාරයේ සුපිරි ත්‍යාග මුදල වූ රුපියල් 55,123,691ක (පන්කෝටි පනස් එක් ලක්ෂ විසි තුන් දහස් හයසිය අනූ එකක) මුදල, එහි ජයග්‍රාහකයා වූ කෑගල්ලේ පදිංචි ජී.ආර්. නිරෝෂන් මහතා ලබා ගත්තේ ය. ජයෝදා 1352 දිනුම් වාරයේ සුපිරි ත්‍යාග මුදල වූ රුපියල් 20,088,367ක (දෙකෝටි අසූ අට දහස් තුන්සිය හැට හතක) මුදල ලබා ගත්තේ පේරාදෙණියේ කේ. ඒකනායක මහතා ය.

Read more

මුදල් අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල කටයුතු අධීක්ෂණයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ස්වේච්ඡා සේවයට...

AddThis Social Bookmark Button

Ravi in Parliamnetමුදල් අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල කටයුතු අධීක්ෂණය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් දිස්ත්‍රික් මට්ටමින් පත් කර තිබේ. මුදල් අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල කටයුතු වඩාත් කාර්යක්ෂම සහ විධිමත් කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. ඊට අදාළ පත් වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ (05) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සිදු කෙරිණි.

Read more

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ මලයාසියානු අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්..

AddThis Social Bookmark Button

malasianදකුණු ආසියානු උප කලාපීය ආර්ථික සහයෝගීතා සමුළුව අද (03) ඉන්දියාවේ නවදිල්ලි නුවර දීආරම්භ විය. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඊට සහභාගී වීම සඳහා ඉන්දියාවට ගොස් සිටියි. සාක් කලාපයේ රටවල ආර්ථික කටයුතුවලට අදාළ කරුණු රැසක් මෙම සමුළුවේ දී අවධානයට යොමු කිරීමට නියමිත ය. එමෙන් ම, කලාපයේ ආර්ථික සංවර්ධන කටයුතුවල දී එල්ල වන අභියෝග හා ඊට විසඳුම් ද මෙහි දී සාකච්ඡා කෙරෙනු ඇති.

Read more

ඇතැම් ශ්‍රී ලාංකිකයන්ට අගය නොදැනුනත්, මුදල් අමාත්‍යවරයාගේ අගය ලෝකය දන්නවා...- මල්වතු අස්ගිරි මහ නා හිමිවරු අවධාරණය කරති

AddThis Social Bookmark Button

asgiri2017ඇතැම් ශ්‍රී ලාංකිකයන්ට අගයක් නොමැති වුව ද මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය ලෝක ඇගැයීමකට ලක්ව ඇතැයි මල්වතු අස්ගිරි මහ නා හිමිවරු පවසති. මහ නා හිමිවරු ස‍දහන් කරන්නේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා රටේ ආර්ථිකය ගොඩනැංවීම සදහා සුවිශේෂී මෙහෙවරක නිරත වී සිටින බවයි. මේ අදහස් පළ වූයේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද (01) පෙරවරුවේ දළදා මාලිගාවට ගොස් දළදා වහන්සේ වැදපුදා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් බැහැ දුටු අවස්ථාවේ දීය.

Read more

Page 17 of 217