You are here:: Latest News ආපදා තත්වයෙන් විපතට පත්වූවන්ට ඉන්දියාවෙන් සහනාධාර ......
 
 

ආපදා තත්වයෙන් විපතට පත්වූවන්ට ඉන්දියාවෙන් සහනාධාර ......

AddThis Social Bookmark Button

indian-aidsරටතුල පවතින ආපදා තත්වයෙන් විපතට පත්වූවන්ට සහනාධාර සහ සහන කණ්ඩායම් රැගත් ඉන්දියානු INSKIRCH ‍නෞකාව ඊයේ (27) පෙරවරුවේ කොළඹ වරායට ලගාවිය.එම ආධාර භාරගැනීම සහ සහන කණ්ඩායම් පිළිගැනීම සදහා විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා කොළඹ වරාය වෙත පැමිණි අතර, මීට ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සිංධුර් මහතාද එක්ව සිටියේය.

මෙහිදී ඉන්දියානු මහ කොමසාරිස්වරයා විසින් නෞකාවෙන් රැගෙන එන ලද භණ්ඩ තොගය විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී.

වියලි ආහාර ද්‍රව්‍ය, වෛද්‍ය උපකරණ , ඖෂධ සහ විපතට පත්වූවන් මුදාගැනීම සදහා වන වෙනත් උපකරණ මෙසේ INSKIRCH ‍නෞකාවෙන් ශ්‍රී ලංකාවට ගෙනවිත් තිබේ.

මේ අතර 125 දෙනකුගෙන් පමණ සමන්විත සහන කණ්ඩායම, විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ඉතා සුහදශීලීව පිළිගන්නා ලදී.

මෙහිදී මාධ්‍ය හමුවේ රවී කරුණානායක මහතා කියාසිටියේ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ පවතින ශක්තිමත්භාවයේ ප්‍රතිපලයක් ලෙස ඉතා සුළු කාලවේලාවක් තුල ශ්‍රී ලංකාවට ආසන්නතම රාජ්‍ය ලෙස ඉන්දියාවේ සහන කණ්ඩායම්, සහ ආධාර මෙසේ ශ්‍රී ලංකාවටඑවා ඇති බවයි.

මේ අතර ආපදාවට පත්වූවන්ට සහන සැලසීම සදහා අත්‍යවශ භාණ්ඩ රැගත් තවත් නෞකා දෙකක් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. එහි එක් නෞකාවක් අද පස්වරුවේ කෙළඹ වරාය වෙත ලගාවෙන අතර අනෙක් නෞකාව හෙට (29) අළුයම ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත.