You are here:: Latest News පවතින ආපදා තත්ත්වය හමුවේ ජාත්‍යන්තර සහය අඛණ්ඩව ලැබෙමින් පවතින බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශකරයි.
 
 

පවතින ආපදා තත්ත්වය හමුවේ ජාත්‍යන්තර සහය අඛණ්ඩව ලැබෙමින් පවතින බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශකරයි.

AddThis Social Bookmark Button

Pakistan International relief assistance continuously being received following weather disaster, says Foreign Minister Ravi Karunanayake

රට තුල පවතින ආපදා තත්ත්වය හමුවේ ජාත්‍යන්තර සහය අඛණ්ඩව ලැබෙමින් පවතින බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ මේ වන විට ප්‍රධාන පෙළේ රජ්‍යයන් 18ක් ශ්‍රී ලංකාවට විවිධ අයුරින් ආධාර ලබා දීමට දැනටමත් පියවර ගෙන ඇති බවයි.අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද පෙරවරුවේ කොළඹ වරායට ළඟා වූ ඉන්දියාවේ ජලාශ්වා (Jalashwa ) නෞකාවෙන් මෙරටට ගෙන එනු ලැබූ සහනාධාර තොගය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් භාර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත ඉන්දියානු රජය එවනු ලැබු තෙවැනි සහනාධාර නෞකාවද මෙය වේ. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සිංධුර් මහතා විසින් සහනාධාර තොගය විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට නිළ වශයෙන් භාර දෙනු ලැබීය.

මෙම නෞකාවෙන් වියලි අහාර ද්‍රව්‍ය, පානිය ජලය අවතැන්වුවන් ගලවා ගැනීම සඳහාවන උපකරණ, විදුලි ජනක යන්ත්‍ර ගෙනවිත් තිබේ.

එමෙන්ම, මෙම නෞකාවෙන් ජංගම රෝහලක් විශේෂ වෛද්‍ය කණ්ඩායමක්, ඉහල පුහුණුව ලත් කිමිදුම්කරුවන් කණ්ඩායමක්ද ශ්‍රී ලංකාවට ඒවා තිබේ. හදිසි අවස්ථාවකදී භාවිතා කිරීම සඳහා හෙලිකොප්ටර් යානා දෙකක්ද ඒ අතර වේ.

මේ අතර ඊශ්‍රායල් රජයද අවතැන් වුවන් සඳහා සහනාධාර තොගයක් ශ්‍රී ලංකා රජයට භාර දෙනු ලැබිය.

 

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ඊශ්‍රායල් තානාපති ඩවුල් කමෝන් (Daviel Carmaon) මහතා අද දහවල් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා හමු වී මෙම සහනාධාර තොගය නිළ වශයෙන් භාර දෙනු ලැබිය.

ආපදා තත්ත්වය සම්බන්ධයෙන් දැඩි ශෝකය ඵල කළ ඊශ්‍රායල් තානාපතිවරයා ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාවට සහය ලබා දෙන බවද පැවසිය. විදේශ කටයුතු අමාත්‍යාංශයේදී භාර දුන් මෙම භාණ්ඩ තොගයට, විදුලි ජනන යන්ත්‍ර සහ අධි බලැති විදුලි පහන් ද ඇතුලත් වේ.

මේ අතර පකිස්ථාන රජයද අවතැන්වුවන් සඳහා එවන ලද සහනාධාර රැගත් සුල්ෆිකා (TNS Zulfiquar) නෞකාව අද පස්වරුවේ කොළඹ වරායට ළඟා විය.

එම භාණ්ඩ තොගයභාර ගැනීම සඳහාද විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා වරායට පැමිණි අතර ශ්‍රී ලංකාවේ පාකිස්ථාන වැඩ බලන තානාපති සෆ්රාස් අහමඩ් ඛාන් සිප්රා (Safvas Ahamad kan Sipra ) මහතා විසින් අදාළ භාණ්ඩ තොගය විදේශ අමාත්‍යවරයාට භාර දෙන ලදී.

ඹෟෂධ, වෛද්‍ය උපකරණ, විශේෂ වෛද්‍ය කණ්ඩායමක්,වියලි අහාර ද්‍රව්‍ය, විදුලි ජනක යන්ත්‍ර, වතුර පොම්ප ඇතුළු භාණ්ඩ තොගයක් එම සහනාධාර තොගයට අයත් වේ.

මෙම අවස්ථාවන්ට සහභාගී වෙමින් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේ රට තුල පවතින ආපදා තත්ත්වය හමුවේ මේ වන විට රාජ්‍යයන් රැසක් සහය ලබා දීමට පියවර ගෙන ඇති බවයි.

විදේශ රජ්‍යයන්ගෙන් ද්‍රව්‍යමය භාණ්ඩවලට අමතරව මුල්‍ය ආධාරද ශ්‍රී ලංකා රජය අපේක්‍ෂා කරන බව විදේශ අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.