You are here:: Latest News විපතට පත් ජනයාට ජපානයෙන් ආධාර
 
 

විපතට පත් ජනයාට ජපානයෙන් ආධාර

AddThis Social Bookmark Button

japanees aidsපසුගියදා ඇද හැලුණු අධික වර්ෂාව නිසා ඇති වූ ගං වතුරෙන් හා නාය යාමේ තත්ත්වයන් නිසා විපතට පත් ජනතාව වෙනුවෙන් ජපානයෙන් එවන ලද භාණ්ඩ තොගයක් ශ්‍රී ලංකා රජයට භාර දීම ඊයේ (31) ආපදා කළමනාකරණ අමාත්‍යංශයේදී සිදු කෙරිණි. ටෙන්ට් රෙදි, මෙට්ට, ජල පිරිසිඳු කරන යන්ත්‍ර, ජල පෙරණයන්, ජෙනරේටර්, නිදන මෙට්ට, ජල ටැංකි යනාදිය මෙම භාණ්ඩ අතර විය.

මෙහිදී අදහස් දැක්වූ ජපන් තානාපති කෙනිජි සුගනුමා ප්‍රකාශ කළේ ජපානයද නිරන්තර මෙවන් ආපදා තත්ත්වයන්ට ගොදුරු වන බවත් එවන් අවස්ථාවන්වලදී ජපන් රජය පත් වන තත්ත්වයන් පිළිබඳ අවබෝධය ඔවුන් සතු බවත් මෙවන් අවස්ථාවක ලංකා රජයට උපකාර කිරීමට හැකිවීම පිළිබඳ සතුටට පත් වන අතරඅනතුරට පත් වූවන් වෙනුවෙන් තම රජයේ කනගාටුව ප්‍රකාශ කරන බවත් ප්‍රකාශ කරන ලදී.

එහිදී අදහස් දැක්වූ ආපදා කළමනකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා කියා සිටියේ ආපදාවන්ට පත් වූවන් වෙනුවෙන් කණගාටුවට පත් වන බවත්, මිනිසුන්ගේ අදූරදර්ශී ක්‍රියා නිසා මෙවන් ආපදා නිසා ඇතිවන හානි තත්ත්වයන් වැඩි වන බවත් පැවසීය. එම හේතුව හේතුවෙන් අනතුරු හැඟවීම් කළ පසුව මිනිසුන් එම ස්ථානවලින් ඉවත් නොවීම හේතුවෙන් ඒ සඳහා දැඩිව ක්‍රියා කිරීම සඳහා නව නීති සම්පාදනය කළ යුතු කාලය එළඹ ඇති බවත් ඒ සඳහා අවශ්‍ය යෝජනා ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට සම්මත කර ගැනීමට අපේක්ෂා කරන බවත් පැවසීය.

තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කර සිටියේ ලංකාවේ මිනිසුන් කාලගුණ විද්‍යා දෙපාර්ථමේන්තුව නිකුත් කරන අනාවැකි ගණන් නොගැනීමද ආපදාවන් නිසා ඉහළ යන මරණ සංඛාව වැඩි වීම කෙරෙහි බලබා ඇති බවත් පැවසීය. හෙට දින දිවයිනට මේ සම්බන්ධව අත්දැකීම් බහුල විශේෂඥ කණ්ඩායමක් පැමිනෙන බවත් ඔවුන්ගේ නිර්දේශයන්ද සලකා බලා ඉදිරි කටයුතු සංවිධානයට අදහස් කරන බවටද ඒ මහතා ප්‍රකාශ කළේය මෙම අවස්ථාව සඳහා විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක මහතා ඇතුළු ජපන් නියෝජිතයන් පිරිසක්ද සහභාගී විය.