You are here:: Latest News කොළඔ ගොඩ ගැසෙන අප ද්‍රව්‍ය ත්‍රිවිධ හමුදාව හෝ යොදවා දින හතරක් ඇතුලත ඉවත් කළ යුතුයි. -විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා-
 
 

කොළඔ ගොඩ ගැසෙන අප ද්‍රව්‍ය ත්‍රිවිධ හමුදාව හෝ යොදවා දින හතරක් ඇතුලත ඉවත් කළ යුතුයි. -විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා-

AddThis Social Bookmark Button

ravee karu 1දින කිහිපයක් තිස්සේ කොළඔ ගොඩ ගැසී ඇති අප ද්‍රව්‍ය දින හතරක් ඇතුලත ඉවත් කිරීමට අදාළ අංශ පියවර ගත යුතු බව, විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රාජ්‍ය ආයතනවල කඔ ඇදීම් තුලින් මතුවන අහිතකර ප්‍රතිවිපාකවලට ජනතාවට පිඩාවක් වීමට ඉඩ නොතැබිය යුතු බවයි.

මෙම ගැටලුව සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා දැනුවත් කළ බවද රවී කරුණානායක මහතා කියා සිටියි. ඒ අනුව, ත්‍රිවිධ හමුදාව හෝ යොදවා අප ද්‍රව්‍ය ඉවත් කිරීමට අදාළ අංශ පියවර ගත යුතු බව හෙතෙම පෙන්වා දෙයි.

අප ද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳව පළාත් ප්‍රධාන ඇමතිවරයා සහ රේඛීය අමාත්‍යාංශ අතර පවතින පරස්පරතාවයන් හමුවේ ජනතාවට බලපෑමක් වීමට ඉඩ නොතැබිය යුතු යැයිද කරුණානායක මහතා වැඩිදුරටත් පෙන්වාදෙයි.

අද (14) පෙරවරුවේ කොටහේන,කනපති හින්දු බාලිකා විද්‍යාලයේ, නව ගොඩනැගිල්ලට මුල්ගල තැබීම සඳහා පැවැති උත්සව අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

"ලඟම පාසල හොඳම පාසල සංකල්පය යටතේ මෙම ගොඩනැගිල්ල ඉදි කෙරෙනු ඇත."

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාද එක්ව සිටියේය.