You are here:: Latest News ලක්‍ෂ්මන් කදිරගාමර් ආයතනය ජාතික හා ජාත්‍යන්තර වශයෙන්, දැනුමපදනම් කර ගත් කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා. -විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා
 
 

ලක්‍ෂ්මන් කදිරගාමර් ආයතනය ජාතික හා ජාත්‍යන්තර වශයෙන්, දැනුමපදනම් කර ගත් කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා. -විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා

AddThis Social Bookmark Button

kadiragamaලක්‍ෂ්මන් කදිරගාමර් ආයතනය ජාතික හා ජාත්‍යන්තර වශයෙන්, දැනුමපදනම් කර ගත් කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ තිබු, වැරදි ප්‍රති රූපය නිවැරදි කරමින් ශ්‍රී ලංකාව ලෝකය තුල ඔසවා තැබීම සඳහා දිවංගත ලක්‍ෂ්මන් කදිරගාමර් මහතා ගත් ප්‍රයත්නය ප්‍රසංශනීය බවයි.

අද (15) පෙරවරුවේ කොළඔ 07 ලක්‍ෂ්මන් කදිරගාමර් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යයවරයා මේ බව ප්‍රකාශ කළේය.

හිටපු විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ද, මෙම ආයතනය ශක්තිමත්ව පවත්වාගෙන යාමට පියවර ගත් බව සඳහන් කළ අමාත්‍ය රවී කරුණානායක මහතා, රට ඉදිරියට ගෙන යෑම සඳහා අළුත් සංකල්ප අවශ්‍ය බවද කීය. ඒ අනුව නව අදහස් තුළින් රට ඉදිරියට ගෙන යෑමේ සැලසුම් මෙම ආයතනය තුළින් නිර්මාණය කිරිමට හැකි බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ලොව සියලු රාජ්‍යයන් සමග විනිවිද භාවයෙන් කටයුතු කිරිම මගින් ශ්‍රී ලංකාව සියලු අංශයන්ගෙන් ඉදිරියට ගෙන යෑම අතිගරු ජනාධිපතිතුමාගෙත් අග්‍රාමාත්‍යතුමාගෙත් අපේක්ෂාව වන බවද අමාත්‍ය රවී කරුණානායක මහතා වැඩි දුරටත් පැවසීය.