You are here:: Latest News විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යය රවී කරුණනායක මහතා අස්ගිරි මහනායක අතිපූජ්‍යය වරකාගොඩ ඤාණරතන නාහිමියන් බැහැදැක ආශීර්වාද ලබා ගනී
 
 

විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යය රවී කරුණනායක මහතා අස්ගිරි මහනායක අතිපූජ්‍යය වරකාගොඩ ඤාණරතන නාහිමියන් බැහැදැක ආශීර්වාද ලබා ගනී

AddThis Social Bookmark Button

asgiri kandyඅස්ගිරි මහ විහාර පාර්ශවය මගින් රටේ යම් යම් ප්‍රශ්න සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කරමින් නිවේදනයක් නිකුත් කළේ රට නිවැරදි මාවතට යොමු කරවා ගැනීමට මිස ආණ්ඩු විරෝධී මතවාදයක් ඇති කිරීමට නොවන බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍යය මැදගම ධම්මානන්ද හිමියෝ පවසති.උන්වහන්සේ පෙන්වා දුන්නේ, සමහර පාර්ශවයන් මින් ප්‍රයෝජන ගෙන මහ සංඝරත්නය ඔවුන්ගේ ගොඩට දා ගැනීමට උත්සහ කරන බවක් පෙනෙන්ට තිබෙන බවයි.

ජනපතිට හා අගමැතිට මහ සංඝරත්න්යේ ආශීර්වාදය නිරතුරුව හිමිවන බවත් යම් වරදක් ඇත්නම් එය පෙන්වා දී රජය නිවැරදි මගට යොමු කිරීම සංඝරත්නයේ වගකීම බවත් උන්වහන්සේ කීහ.

විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යය රවී කරුණනායක හා රාජ්‍යය ඇමැති වසන්ත සේනානායක යන අය අද පෙරවරුවේ අස්ගිරි මහනායක අතිපූජ්‍යය වරකාගොඩ ඤාණරතන නාහිමියන් බැහැදැක ආශීර්වාද ලබා ගත් අවස්ථාවේ ලේකම් හිමියෝ මේබව ප්‍රකාශ කළහ.

පසුගිය කාලයේ රජය විදේශ රටවල අවශ්‍යතාවන්ට නැඹුරුව ක්‍රියාකළ බවට රටේ මතයක් පවතින බවත් මෙම සිදුවීම් උළුප්පා දක්වමින් ගැටලුකාරී තත්ත්වයන් ඇති කිරීමේ සැලැසුම් ක්‍රියාත්මක වීමටද ඉඩ තිබෙන බවත් කී උන්වහන්සේ විවිධ පාර්ශව වෙතින් ප්‍රශ්න මතුවන විට ජනපති හා අගමැති පීඩනයට ලක්වන බවත් කී ධම්මානන්ද හිමියෝ එය සුදුසු දෙයක් නොවන බවද අවධාරණය කළහ.

රජය සෑම විටම මහ සංඝරත්නයේ අවවාද අනුශාසනා ගරු කරමින් කටයුතු කරන බවත් වත්මන් රජය උපරිමයෙන් ප්‍රජතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම තුළින් ඇතමුන් වැරදි ප්‍රයෝජන ගැනීමට උත්සහ කරන බවත් ප්‍රකාශ කළේය.