You are here:: Latest News නිල සංචාරයක් සඳහාසෞදි අරාබියානු Royal HighnessAlwaleed Bin Talal Abdulaziz AL Saud, කුමරු දිවයිනටපැමිණෙයි.
 
 

නිල සංචාරයක් සඳහාසෞදි අරාබියානු Royal HighnessAlwaleed Bin Talal Abdulaziz AL Saud, කුමරු දිවයිනටපැමිණෙයි.

AddThis Social Bookmark Button

sauidiනිල සංචාරයක් සඳහා අද (04) දිවයිනට පැමිණි සෞදි අරාබියානු Royal HighnessAlwaleed Bin Talal Abdulaziz AL Saud කුමරුහා විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා අතර විශේෂ හමුවක් අද (04) දහවල් විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණි.විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මැතිතුමාගේ නිල ආරාධනාවකට අනුව සෞදි Royal HighnessAlwaleed Bin Talal Abdulaziz AL Saud කුමරු ඇතුළු පිරිස දිවයිනට පැමිණියහ.

එකළොස් දෙනෙකුගෙන් සමන්විත මෙම සෞදි අරාබියානු දුත පිරිස විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ පැය භාගයක පමණ වේලාවක් සාකච්ඡා කළ අතර ශ්‍රී ලංකාව හා සෞදි රජය අතර, රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ශක්තිමත් කර ගැනීමට අදාළ කරුණු මෙහිදී අවධානයට ගැණින.

මෙම අවස්ථාවට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා සහ අමාත්‍යාංශයේ නිලධාරිහු පිරිසක් සහභාගි වී සිටීයහ.

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා හමුවීමෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාද හමු වූ සෞදි Royal HighnessAlwaleed Bin Talal Abdulaziz AL Saud කුමරු ඇතුළු පිරිස පසුව,

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා හමු වී සාකච්ඡා පවත්වන ලදී.