You are here:: Latest News ජනපතිට බංග්ලාදේශයේදී ඉහළ පිළිගැනීමක් ....
 
 

ජනපතිට බංග්ලාදේශයේදී ඉහළ පිළිගැනීමක් ....

AddThis Social Bookmark Button

bangaldesh11බංග්ලාදේශ අගමැතිණි ෂීක් හසීනා මහත්මියගේ ආරාධනාවක් අනුව තෙදින රාජ්‍ය සංචාරයක් සදහා බංග්ලාදේශය බලා පිටත්ව ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (13) පෙරවරුවේ බංග්ලාදේශයේ ඩකා ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළගාවිය.ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බංග්ලාදේශයේ සිදුකරන පළමු සංචාරය මෙය වන අතර ජනාධිපතිතුමා වෙත ඉහළ පිළිගැනීමක් ලබාදිම වෙනුවෙන් එරට රජය සියලූ කටයුතු සූදානම් කර තිබුණි. 

 ඩකා ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් අබ්දුල් හමීඩ් මැතිතුමා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර ආචාර වෙඩි මුර 21 ක් සහිත හමුදා උත්තමාචාර පිරිනමමින් ඉතා අභිමානවත් අයුරින් එම පිළිගැනීම සිදු විය. එමෙන්ම ශ්‍රී ලංකා - බංග්ලාදේශ ජාතික ධජවලින් ඩකා ජාත්‍යන්තර ගුවන් තොටුපළ සරසා තිබුණේ ද දෙරටේ හෘදයාංගම මිතුදම මැනවින් විදහාදක්වමිනි. බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතු`ථ ඉහළ පෙළේ මැති ඇමතිවරු පිරිසක් ද ජනාධිපතිතුමා පිළිගැනීම වෙනුවෙන් ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ. අමාත්‍ය රවී කරුණානායක, රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු, වසන්ත අලූවිහාරේ, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, නිශාන්ත මුතුහෙට්ටිගම යන මහත්වරුන්ද ජනාධිපතිතුමා සමග මෙම සංචාරයට එක්ව සිටී. 


   President Maithripala Sirisena, who arrived at the Dhaka International Airport, today(13)on a three-day State Visit to Bangladesh at the invitation of Bangladesh Prime Minister Sheikh Hasina received a grand welcome at the Dhaka International Airport. This is the first State Visit to Bangladesh by the President after he assumed office. The government of Bangladesh had prepared all the arrangements to accord him a grand welcome. The President was warmly received by the President of Bangladesh Mohamed Abdul Hamid. The President was accorded a guard of honour with 21-gun salute.The International Airport in Dhaka was decorated with the Sri Lanka - Bangladesh national flags, demonstrating the warm friendship between the two countries.Foreign Minister, Finance Minister and Health Minister of Bangladesh welcomed President Sirisena at the airport.The President will hold bilateral discussions with Bangladesh Prime Minister Sheikh Hasina tomorrow (July 14). He will have bilateral discussions regarding the ways to strengthen the cooperation in the fields of the maritime, education, tourism, fisheries and health as well as the ways to promote investments and trade between the two countries.During the President's visit, the two countries are expected to sign several bilateral agreements in the fields of agriculture, education, training of diplomats and Immigration & Emigration.President's delegation included Minister Ravi Karunanayake, State Ministers Wasantha Aluwihare and Mohan Lal Grero, Deputy Ministers Lasantha Alagiyawanna and Nishantha Muthuhettigama.