You are here:: Latest News ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර නව ගිවිසුම් 12 කට අත්සන් තැබේ.
 
 

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර නව ගිවිසුම් 12 කට අත්සන් තැබේ.

AddThis Social Bookmark Button

bangaldesh11rශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර නව ගිවිසුම් 12 කට අත්සන් තැබීම රාජ්‍ය නායක දෙපළ ඉදිරියේ සිදු විය.

01-02ිවිසුම දෙරටේ ප්‍රමිති ආයතන දෙක අතර ප්‍රමිතිකරණය සම්බන්ධයෙන් අත්සන් තැබූ අතර විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා සහ එරට කර්මාන්ත අමාත්‍යවරයා ඊට අත්සන් තැබීය.

03 දෙරට අතර ආර්ථීක සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම පිළිබද ගිවිසුමට අත්සන් තබන ලද්දේ විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා සහ එරට වාණිජ අමාත්‍යවරයා විසිනි.

04-05කෘෂිකාර්මික සහයෝගීතාවය පිළිබද ගිවිසුමට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අථවිහාරේ මහතා සහ එරට කෘෂිකර්ම අමාත්‍යවරයා අත්සන් තැබීය.

06-07තොරතුරු තාක්ෂණය පිළිබද ගිවිසුමකට ද අත්සන් තැබුණු අතර ඊට අත්සන් තබන ලද්දේ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියන්න මහතා සහ එරට තොරතුරු තාක්ෂණ අමාත්‍යවරයා විසිනි.

08 ගුවන්විදුලි සහ රූපවාහිනි සංවර්ධනය පිළිබ`ද ගිවිසුමට ද නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සහ එරට තොරතුරු තාක්ෂණය පිළිබ`ද අමාත්‍යවරයා අත්සන් තැබීය.

09 නෞකා ක්ෂේත්‍රයේ සහයෝගීතාවය පිළිබද ගිවිසුමට නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සහ එරට නාවුක කටයුතු පිළිබ`ද අමාත්‍යවරයා අත්සන් තැබීය.

10 විදේශ සේවා නිලධාරින් පුහුණු කිරීමේ සහ විදේශ සේවා පුහුණු ඒකකයක් පිහිටුවීම පිළිබ`ද ගිවිසුම් දෙකකට ද අත්සන් තැබුණු අතර දෙරටේ විදේශ අමාත්‍යවරු ඊට අත්සන් තැබුහ.

11 දෙරට අතර රාජතාන්ති්‍රක සහ රාජකාරී ගමන් බලපත්‍ර වීසාවලින් නිදහස් කිරීම පිළිබද ගිවිසුමට විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා සහ එරට ස්වදේශ කටයුතු අමාත්‍යවරයා විසින් අත්සන් තැබූහ.

12-16 දෙරට අතර ඇගථම් ක්ෂේත්‍රයේ ගිවිසුමකට ද අත්සන් තැබුණු අතර තොරතුරු තාක්ෂණය හා සංනිවේදනය පිළිබද ගිවිසුමකට ද අත්සන් තැබිණි.