You are here:: Latest News විදේශ කටයුතු අමාත්ය රවී කරුණානායක මහතා අද (10) සිය ධූරයෙන් ඉල්ලා අස්විය. ඒ මහතා මෙසේ ඉල්ලා අස්වූයේ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්ර කාශයක් කරමින්ය
 
 

විදේශ කටයුතු අමාත්ය රවී කරුණානායක මහතා අද (10) සිය ධූරයෙන් ඉල්ලා අස්විය. ඒ මහතා මෙසේ ඉල්ලා අස්වූයේ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්ර කාශයක් කරමින්ය

AddThis Social Bookmark Button

parlemnt raviii333විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අද (10) සිය ධූරයෙන් ඉල්ලා අස්විය.  ඒ මහතා මෙසේ ඉල්ලා අස්වූයේ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින්ය.බැඳුම්කර සිද්ධියට අදාල තමා ඉලක්කකරගෙන ඇතිවූ තත්ත්වය හමුවේ තමා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බවත් අවධාරනය කළ රවී කරුණානායක මහතා රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා යහපත් දේශපාලන වාතාවරනයක් ඇති කිරීමේ අවංක අභිලාශයෙන් මෙන්ම එක්සත් ජාතික පක්ෂයට ආදරය කරන සැබෑ නායකයෙකු ලෙස මෙම තීරණය ගත් බවත් කීය.

“ මට එල්ල කරන චෝදනාවන්ට කිසිම පදනමක් නෑ. ඒ කිසිවකට මා සම්බන්ධ නැහැ. නමුත් සමහර කණ්ඩායම් සහ මාධ්‍ය දැනටම මා වැරදිකරුවෙක් කර තියෙනවා. පසුගිය දින දහය දොළහ තුළ අපේ ජනමාධ්‍ය මා සම්බන්ධව කටයුතු කළේ ඉතිහාසයේ කිසිම අවස්ථාවක කටයුතු නොකළ ආකාරයකටයි. ඔවුන් මාව කුරුසියට දක්කා ඇන ගැසිය යුතු බව පවසනවා. මම ඒවායින් සැලෙන්නේ නෑ.

මම මගේ තනතුර කැප කරන්නේ මේ සභාවේ ගරුත්වය වෙනුවෙන්. මම මගේ තනතුර කැප කරන්නේ අපේ පක්‍ෂයට සැබැවින්ම ආදරය කරන මැතිඇමතිවරු සහ පසුපෙළ මන්ත්‍රීවරු වෙනුවෙන්. කොළඹ දිස්ත්‍රික්කයේ මගේ ඡන්දදායකයින් වෙනුවෙන්. අපේ පක්‍ෂයට ආදරය කරන සියළු දෙනා වෙනුවෙන්. මම මගේ තනතුර කැප කරන්නේ ශ්‍රී ලංකාවේ නව දේශපාලන සංස්කෘතිය වෙනුවෙන්. මම මගේ තනතුර කැප කරන්නේ ශීලාචාර පාලන ක්‍රමයක් වෙනුවෙන්. මම මේ තනතුර කැප කරන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන්. මම මගේ තනතුර කැප කරන්නේ ජනාධිපතිතුමාගේත්, අගමැතිතුමාගේත් යහපාලන සම්මුතිවාදී රජය වෙනුවෙන්. ඒ නිසා මේ තීරණය ගැන ආඩම්බර වෙනවා.”