You are here:: Latest News සුපිරිසුදු බව රටට පෙන්නුවා -පාක්ෂිකයන්ට රවී කියයි
 
 

සුපිරිසුදු බව රටට පෙන්නුවා -පාක්ෂිකයන්ට රවී කියයි

AddThis Social Bookmark Button

memebersහොරු කණ්ඩායමක් තමාට ඇඟිල්ල දික් කරන විට තමාෙග් සුපිරිසුදුතාව රටට පෙන්වමින් රටට අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට හැකි වූ බව හිටපු විදේශ කටයුතු ඇමැති රවි කරුණානායක මහතා පැවසීය. හිටපු ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේ බත්තරමුල්ල රජමල්වත්ත පාරේ පිහිටි ඒ මහතාගේ නිවස ඉදිරිපිට දී සිය පාක්ෂිකයන් අමතමිනි. විදේශ ඇමැති ධූරයෙන් ඉවත් වූ රවි කරුණානායකත මහතා පිළිගැනීම සඳහා ඊයේ (10) කරුණානායක මහතාගේ නිවස ඉදිරිපිටට විශාල පාක්ෂිකයන් පිරිසක් රැස්ව සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රවි කරුණානායක මහතා- මෙම අවස්ථාවට සහභාගී වන ඔබ සියලු දෙනාටම මගේ අවංක ස්තුතිය පිරිනමනවා. මම දැන් සිටින්නේ රජමල්වත්ත පාරේ නවීකරණය කරන මගේ නිවස ඉදිරිපිට. මෙම කාරණය නිසා තමයි අනවශ්‍ය ප්‍රශ්නයක් අද ඇතිවී තිබෙන්නේ. රවි කරුණානායක කියන්නේ කවුද කියා මුලු රටම දන්නවා. මම අද දිනයේ පාර්ලිමේන්තුවේත් ප්‍රකාශයක් කළා.

මම අද අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කළා. අපට ඇඟිල්ල දික්කරන්නේ පට්ටපල් හොරු කණ්ඩායමක්. අප පිරිසුදුයි කියලයි අප ප්‍රකාශ කරන්නේ.

රට සුද්ද කළ යුතුයි. දැන් තිබෙන්නෙ අප සියලු දෙනාම එක්වෙලා වඩාත් හොඳ රටක් නිර්මාණය කිරීමයි.

මට වගේ අනෙකුත් දේශපාලනඥයන් ද ඉදිරියේ දී කටයුතු කරයි කියා මා සිතනවා.

මම මේ තීන්දුව ගත්තේ ඉතා ආඩම්බරයෙන්. පනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු මගේ එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමට, අපව බලයට ගෙනාපු සියලු දෙනාම මම මේ අවස්ථාවේ සිහිපත් කරනවා.

ජනතාව වෙනුවෙන් අප සියලු දෙනාම කටයුතු කරමු. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමඟ ආණ්ඩුව ඉදිරියට ගෙන යන්න ඕනේ.

මාධ්‍ය දවස් ගණනාවක් නිරන්තරයෙන්ම මා සම්බන්ධයෙන් තිබෙන ගැටලුව පිළිබඳව කතා කළා. මට එය දරා ගන්න පුළුවන් . මගේ බිරියට සහ දරුවන්ට ඒ කරන දෙය සාධාරණ ද.

මෙම අවස්ථාවට තීනියාවල පාලිත නාහිමි, ඌවතැන්නේ සුමන හිමි ඇතුළු මහා සංඝරත්නය, රවි කරුණානායක මහතාගේ පවුලේ සාමාජිකතයන් සහ හිතවතුන් විශාල පිරිසක් සහභාගී වූහ.