You are here:: Latest News ඉදිරි පළාත් පාලනය මැතිවරණය කල් දැමීමේ උත්සාහයට එක්සත්ජාතික ජාතික පක්ෂ විරෝධය- උපනායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක
 
 

ඉදිරි පළාත් පාලනය මැතිවරණය කල් දැමීමේ උත්සාහයට එක්සත්ජාතික ජාතික පක්ෂ විරෝධය- උපනායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක

AddThis Social Bookmark Button

Ravi-Derana-Presssssඉදිරි පළාත් පාලන මැතිවරණය කල්දමා ජනතාවගේ පරමාධිපත්‍යය බලය යටපත් කිරීමට ,කිසිඳු බලවේගයකට ඉඩ නොදෙන බව එක්සත්ජාතික පක්ෂ උපනායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි . මන්ත්‍රීවරයා මේබව සදහන් කළේ, 2017-11-26 දින උතුරු කොළඹ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් දරුවන් සදහා ශිෂ්‍යත්ව ක්‍රමයක් හඳුන්වා දීමේ වැඩසටහනක ට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ රවී කරුණානායක මහතා පවසුවේ 2015-ජනවාරි 8 වෙනිදා ගොඩනැගූ යහපාලනය ආපස්සට හැරවීමට ඇතැම් පිරිසක් කකුලෙන් අදිමින් සිටියත් ජනාධිපති වරයාත් ,අගමැතිවරයා ත් නිසි අවබෝධයකින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරමින් රට ඉදිරියට ගෙන යමින් සිටින බවයි. ඉදිරි පළාත් පාලනය මැතිවරණය කල් දැමීමේ උත්සාහයට එක්සත්ජාතික ජාතික පක්ෂ දැඩි ලෙස විරෝධය දක්වන බවත්, යළි අධිකරණය හමුවට ගොස් ජනතාවගේ පරමාධිපත්‍යය බලය ශක්තිමත් කර ප්‍රජාතන්ත්‍රවාදී ව කටයුතු කරනලෙස අදාල පාර්ශවයන් ගෙන් තමා ඉල්ලා සිටින බවද රවී කරුනානායක මහතා ප්‍රකාශ කළේය.මෙම අවස්ථාවට කොළඹ මහනගර සභාවේ හිටපු මන්ත්‍රී තරංග අතුරලිය මහතා ඇතුළු හිටපු නාගරික මන්ත්‍රී වරු සහ ප්‍රදේශ වාසීන්,පාසල් දරු දරියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ. ඡායාරූපයේ දැක්වෙන්නේ රවී කරුණානායක මහතා විසින් පාසල් දැරිය කට සිය අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ශිෂ්‍යත්ව යක් ප්‍රදානය කළ අවස්ථාවයි.....