You are here:: Latest News තනි පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන මැතිවරණයේ දී විජයග්‍රහණයක් සනිටුහන් කරනවා...
 
 

තනි පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන මැතිවරණයේ දී විජයග්‍රහණයක් සනිටුහන් කරනවා...

AddThis Social Bookmark Button

Ravi-Karunanayake-1තනි පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන මැතිවරණයේ දී ඡන්ද සටනේ විජයග්‍රහණය සනිටුහන් කරන බව එජාප නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි . ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (18) පෙරවරුවේ රාජ ගිරිය මැතිවරණ කාර්යාලයේදී ,ඉදිරි පළාත් පාලන මැතිවරණයට, කොළඹ මහ නගර සභාව සඳහා එජාප ඇප මුදල් තැන්පත් කිරීමට පැමිණි අවස්ථාවේ දී ය. රට ඉදිරියට ගෙනගිය එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බවත් අවධාරණය කළ රවී කරුණානායක මහතා,මෙවර පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ බලය රටම තේරුම් ගනු ඇතැයිද කියාසිටියේය.

එදා ණය බරින්,වෙලාගෙන තිබුණ රට, ඒ සංස්කෘතියේ න් වෙනස් කළේ එක්සත් ජාතික පක්ෂයයි. අද භාණ්ඩ මිල පහළ දමා තිබෙනවා,එදා ගෑස්,ඉන්ධන ,අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහළ අගයක තිබුණ,අපි රජය පිහිටුවා ඉතා කෙටි කාලයකින් භාන්ඩ රැසක මිල අඩුකළා. රාජ්‍ය සේවක වැටුප් රුපියල් දස දහසකින් වඩිකළේ එජාප රජය බව ජනතාවට අමතක නැහැ . අද මුළුමහත් රටේම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වෙලා . අද පුද්ගල අතුරුදහන් නැහැ .මාධ්‍ය වේදීන් පැහැර ගෙන ගිහින් නැහැ . ඒ වුනත් අපට තියෙන ඉවසීම සමහර මාධ්‍ය වලට නහැ .මෙදා මුළු රටම එජාප බලකොටුවක් බව ඔප්පු කර පෙන්වන්න මෙවර පළාත් පාලන මැතිවරණයේදී අපි කටයුතු කරනවා යැයිද රවී කරුණානායක මහතා පැවැසීය. ඇතැම් සුළු පිරිසක් සම්මුතිවාදී ගමන ට එරෙහිව කුමන්ත්‍රණය කලත් , සම්මුතිවාදී රජය යටතේ ජනාධිපති තුමාත් අගමැති තුමාත් නිසි අවබෝධයකින් කටයුතු කරන නිසා එවැනි අභියෝග වලට ශක්තිමත් ව මුහුණ දීමට හකිවී ඇතැයිද කරුණානායක මහතා වැඩිදුරක් ප්‍රකාශ කළේ ය. මෙම අවස්ථාවට එජාප කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා,සහ එජාප කොළඹ දිස්ත්‍රික් පාක්ෂිකයන් පිරිසක් සහභාගී වී සිටිහ.