You are here:: Latest News බැඳුම්කර සිද්ධිය සම්බන්ධව ජනාධිපති කොමිෂන් සභාව ඉදිරිපත් කළ වාර්තාවේ කරුණු ව්‍යාජයි
 
 

බැඳුම්කර සිද්ධිය සම්බන්ධව ජනාධිපති කොමිෂන් සභාව ඉදිරිපත් කළ වාර්තාවේ කරුණු ව්‍යාජයි

AddThis Social Bookmark Button

public-with-raviබැඳුම්කර සිද්ධිය විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාව ඉදිරිපත් කළ වාර්තාවේ කරුණු වියාජ ඒවා බව එක්සත් ජාතික පක්ෂ උපනායක ,හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි . මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ මෙම සිද්ධිය ට තමාගේ හෝ අගමැතිවරයා ගේ සම්බන්ධයක් නොමැති බවයි .සත්‍ය වාර්තාව ලබෙන තුරු ඒ පිලිබඳ ප්‍රකාශයක් කළ නොහැකි බවද හෙතෙම කියා සිටියි.

රවී කරුණානායක මහතා මේ බව පැවසුවේ (06) දින බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ එජාප මැතිවරණ කාර්යාලයක් විවෘත කිරීමෙ උත්සව අවස්ථාවකට එක්වෙමිනි. එහිදී අදහස් දැක්වු කරුණානායක මහතා."පවුලක් තියෙන කොට අවුලක් තියෙන බව කවුරුත් දන්නව.මොනතරම් පරස්පර විරෝධී මත තිබුණ ත් ,ප්‍රශ්න තිබුණ ත් ප්‍රධාන පක්ෂ දෙක යම් අසීරු ගමනක් යනව.සමහරුන්ට අලිය ගැන කථාකරන කොට වලිප්පු ව හැදෙන ව. චරිත ඝාතනය කරල අලිය බය කරන්න හදනව.මම අවධාරණය යෙන් කියවා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂය භීතියට පත්කරල කවුරු හරි ගමනක් යන්න හදනවානම් ඒක හීනයක් විතරයි. අපිව කිචි කවන්න හදන අයට පාඩමක් උගන්වන්න ඉදිරි පළාත් පාලන මැතිවරණය එජාපය ජයග්‍රාහී මාවතට ගෙනියන්න කියා මා ඉල්ලා සිටිනවා. අද ඔය එක්සත් ජාතික පක්ෂයට අභියෝග කරන අයට බුලත් විට කඩයක් වත් කරන්න බැහැ." යැයිද රවී කරුණානායක මහතා වැඩිදුරටත් කියාසිටියේය.