You are here:: Latest News රවීගෙන් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ,ජනාධිපති බැඳුම්කර කොමිසමේ වාර්තාවට අදාළ පිටපතක් ඉල්ලා ජනාධිපති ලේකම් වරයාට ලිඛිත ඉල්ලීමක්
 
 

රවීගෙන් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ,ජනාධිපති බැඳුම්කර කොමිසමේ වාර්තාවට අදාළ පිටපතක් ඉල්ලා ජනාධිපති ලේකම් වරයාට ලිඛිත ඉල්ලීමක්

AddThis Social Bookmark Button

badumමම අලුත් දේශපාලන සංස්කෘතියක් බිහි කරන්න කටයුතු කළ පුද්ගලයෙක්. මම කියන්නෙ මාව ඝාතනය කළත් මගේ චරිතය ඝාතනය කරන්න එපා කියා -පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ,ජනාධිපති බැඳුම්කර කොමිසමේ වාර්තාව ට අදාළ පිටපතක් තමාට ලබා දෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා (08)අද ජනාධිපති ලේකම් වරයා ට ලිඛිත ඉල්ලීමක් කළේය.

අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි මන්ත්‍රී වරයා අදාළ ඉල්ලීම ඉදිරිපත් කර පිටතට පැමිණි අවස්ථාවේ දී මාධ්‍ය වේදීන් හමුවේ දැක්වු අදහස් මම ජනාධිපති කාර්යාලයට පැමිණියේ ජනාධිපති ලේකම් තුමා හමුවෙන්න. නමුත් එතුමා මොරගහකන්ද ප්‍රදේශයට ගොස් තිබෙන නිසා අතිරේක ලේකම්වරයෙකු හමුවී තොරතුරු දැන ගැනීමේ පනත යටතේ බැදුම්කර කොමිසමේ වාර්තාවේ පිටපතක් ලබා දෙන්න කියා ලිපියක් බාර දුන්නවා. අද දිනට ජනාධිපතිතුමා පත් වී අවුරුදු තුනක් වෙනවා. අපට හැකිවුණා සටන් කර තොරතුරු දැන ගැනීමේ පනත සම්මතකර ගැනීමට. ඒ නිසා අපට තොරතුරු ලබා ගැනීමේ අයිතිය ලැබී තිබෙනවා.

බැදුම්කර සිද්ධියත් සමඟ අපේ නම්ද ප්‍රකාශ වී තිබෙනවා. එහි කිසිම සාධාරණයක් නැහැ කියා අප ප්‍රකාශ කරනවා. අපේ අගමැතිතුමා සහ මා ඇතුළුතවත් එක්සත් ජාතික පාක්ෂිකයින් ඉලක්ක කර ගනිමින් ඇතැමුන් කරන ප්‍රකාශ ඉතාම අසාධාරණයි කියා මම මේ අවස්ථාවේදී පවසනවා. මෙම බැදුම්කර කොමිසමේ පිටපත ලැබූ පසුව අපට ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව කතා කරන්න පුළුවන්. ඒ නිසයි අප මේ පිටපත ලබාදෙන ලෙස ඉල්ලීමක් සිදුකළේ. ඒ අනුව එය ලබාදෙන ලෙස අප ඉල්ලා සිටිනවා. ඒ සඳහායි මම මෙතනට පැමිණියේ. හෙජින් සූදුවේ මිලියන හැත්තෑහය දහසක් පමණ තිබෙනවා. ග්‍රීක් බැදුම්කරයේ මිලියන හත්දහස් හයසියක් පමණ තිබෙනවා.

ශ්‍රී ලන්කන් ගනුදෙනුවේ කෝටි එක්ලක්ෂ හතලිස්හය දහසක අලාභයක් තිබෙනවා. උමා ඔය පිළිබඳව ප්‍රශ්න තිබෙනවා. ඒ වගේම පසුගිය කාලයේ විශාල ණය කන්දරාවක් ලබාගෙන තිබෙනවා.මේවා පිළිබඳව කතා නොකර බැදුම්කරයක් අල්ලගෙන කටයුතු කිරීම ඉතාම අසාධාරණ ක්‍රියාවක්. කවුරුන් හෝ හොරකම් කර තිබෙනවා නම් දඩුවම් ලබාදිය යුතුයි. බරපතල වංචා දුෂණ පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසමේ වාර්ථා තුළින් පුද්ගලයින් තිස් හය දෙනෙකුට වඩා වැඩි පිරිසක් පිළිබඳ විශාල හෙලිදරව්වක් සිදුවී තිබෙනවා. අපද සොරුන් පිළිබඳව හෙළිදරව් කර තිබෙනවා. ඕනෑම ගැටළුවක් විසදීමට අප බිය නැතිව ඉදිරිපත් වීමට කැමැතියි. අප බියෙන් දේශපාලනය කරන පුද්ගලයො නොවෙයි. අවුරුදු විසිපහක් පුරා දේශපාලනය තුළින් ගමට රටට සේවය කළා. මගේ දියණියගේ මිලියන අටක පමණ ණයගනුදෙනුවක් පිළිබඳවද කියවෙනවා. කවුද බොරු කියා තිබෙන්නෙ. අහක යන නෝන කෙනෙක් ඇවිත් ප්‍රකාශයක් කරනවා.

මේ සිදුවන බොහෝ දේ අසාධාරණයි. මම අලුත් දේශපාලන සංස්කෘතියක් බිහි කරන්න කටයුතු කළ පුද්ගලයෙක්. මම කියන්නෙ මාව ඝාතනය කළත් මගේ චරිතය ඝාතනය කරන්න එපා කියා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අප සොරකම් කළ බව ප්‍රකාශ කර නැහැ. එතුමා ඉදිරිපත් කළේ යම් ප්‍රකාශනයක්. එතුමාව පත් කළේ අප විසින්. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සහ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා අතර බේද ඇති කරන්න උත්සාහ කරන්න එපා කියා මා ඉල්ලා සිටිනවා. මෙම බැදුම්කර සිද්ධිය පසුපස කණ්ඩායමක් ඉලක්ක කර ගනිමින් කූඨ ක්‍රියාවක් සිදුවන බව පෙනෙනවා. මෙය එක්තරා පුද්ගලයින් කොටසකගේ උත්සාහයක්. පාර්ලිමේන්තුවේ බොහෝ දෙනෙකුට අල්ලස දූෂණය පිළිබඳව විවිධ චෝදනා තිබෙනවා. අප උත්සාහ කරන්නෙ සත්‍ය ජය ගැනීමට. ඒකයි කිසිදු බියක් නැතිව අප මෙම බැදුම්කර සිද්ධිය පිළිබඳ වාර්තාව ඉල්ලන්නෙ. අප එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කිරීමට දිවි හිමියෙන් කටයුතු කරනවා.

අපගේ නායක රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාව ආරක්ෂා කරනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ආරක්ෂා කරනවා. හැබැයි වන්දි බට්ටයො ආරක්ෂා කිරීමට සූදානම් නැහැ. අප ජනතාවට දුන් පොරොන්දු තිබෙනවා. ඒවා ක්‍රියාත්මක කිරීම අපේ අරමුණයි. ඒ අතර හොරු ටිකත් ඇල්ලිය යුතුයි. මිග් ගනුදෙනුවට කුමක්ද වන්නෙ කියා අප සෙවිය යුතුයි. නැතුව සැඩෝ බොක්ෂින් ගහන්න කියලද කියන්නෙ. බැදුම්කරේ පිටපත එළියට දැමූ පසුව සත්‍ය ජයගත හැකියි.