You are here:: Latest News එක්සත් ජාතික පක්ෂයේ ශක්තිමත් ඉදිරි ගමන පිළිබඳව බොහෝ දෙනා බිය වී අපට පහර ගැසීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. -එක්සත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක මහතා -
 
 

එක්සත් ජාතික පක්ෂයේ ශක්තිමත් ඉදිරි ගමන පිළිබඳව බොහෝ දෙනා බිය වී අපට පහර ගැසීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. -එක්සත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක මහතා -

AddThis Social Bookmark Button

sivam-kovilwඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද(14) ශිවන් කෝවිලේ පැවති තෛපොංගල් දින ආශිර්වාද පූජාවට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වේදීන් විසින් අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමිනි.

මෙහිදි අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා- එක්සත් ජාතික පක්ෂයට එරෙහිව එල්ලවන චෝදනා ඉතා අසත්‍යයි. රටේ වැදගත් ප්‍රශ්න අපට කතා කරන්න තිබෙනවා. සමහර දේශපාලනඥයන් බොරුවෙන් යැපෙන්න උත්සාහ කරන බවක් පෙනෙනවා. මේ රටේ බොරු කියන එක වැඩිවෙලා. සමහරු වැඩ කරන්නෙ නැතිව කතා කරන එකයි සිදුවන්නෙ.

අප අලුත් අරමුණකින් ඉදිරියට යා යුතුයි. මාධ්‍ය තුළින් විවිධ දේ ප්‍රචාරය වනවා. ශ්‍රී ලංකන්, මිහින් ලංකා ආයතනය, හෙජින් ගිවිසුම, මිග් ගනුදෙනුව ආදී කරුණු විසි අටක් පිළිබඳව ඉක්මනින් සොයා බැලිය යුතුයි. හෙජිං සුදුවෙන් මිලියන් අනූ හය දාහක්, ශ්‍රී ලංකන් ආයතනයේ මිලියන් එක් ලක්ෂ හතලිස් හයදාහක අලාභය තිබෙනවා. ඊට පසුව අලුතින් අහස් යානා ගත් එක නිසා මිලියන් එක් ලක්ෂ තිස් අටදාහක අලාභයක් සිදුවෙලා තිබෙනවා. මේවා පිළිබඳව සෙවිය යුතුයි. බැදුම්කර කොමිසමේ වාර්තාව එළියට දමමු කියා යි මා ප්‍රකාශ කරන්නෙ. එවිට මාධ්‍යයටත් එය කියවිය හැකියි. එක්සත් ජාතික පක්ෂය රට වෙනුවෙන් ඉටුකරන නිසි වැඩ පිළිවෙල ජනතාවගේ හදවත් තුළ තිබෙනවා. ජනතාවට දුන් පොරොන්දු අප ඉටුකරමින් සිටිනවා. එක්සත් ජාතික පක්ෂයේ ශක්තිමත් ඉදිරි ගමන පිළිබඳව බොහෝ දෙනා බිය වී අපට පහර ගැසීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය රටේ හැම කොනකම ක්‍රියාත්මක වන බව මා ප්‍රකාශ කරනවා. සිංහල, දමිළ, මුස්ලිම්, මැලේ ජාතින්ට අයත් සියලු ආගමිකයින් අන්තවාදය නැතිව එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාත්මක වෙනවා‍. එක්සත් ජාතික පක්ෂය ඡන්ද කාලයන්හිදි ආගම විකුණන්නෙ නැහැ. රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රබල ලෙස පෙරට ගමන් කරනවා. මේ රටින් අන්තවාදය සහමුලින්ම ඉවත් කරන්න ඕනෙ. සමහර පක්ෂ වල දේශපාලනය ඇතැමෙකුට තිත්තයි. අපි අලුත් වෙනසක් රටේ ඇති කරමින් සිටිනවා. ඉසුර දේවප්‍රිය මහතාගේ ඇතැම් ප්‍රකාශ ගැටලු සහගතයි. පසුගියදා එතුමා කළ ප්‍රකාශය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලවා පරීක්ෂණ කෙරිය යුතුයි.

 

 

sivam-kovil