You are here:: Latest News පවතින වාතාවරණය හමුවේ ජනාධිපතිවරයා ට සහ අගමැතිවරයා ට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ ලබා දිය යුතුයි -එජාප උපනායක , රවී කරුණානායක
 
 

පවතින වාතාවරණය හමුවේ ජනාධිපතිවරයා ට සහ අගමැතිවරයා ට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ ලබා දිය යුතුයි -එජාප උපනායක , රවී කරුණානායක

AddThis Social Bookmark Button

Ravi-Chilawපවතින දේශපාලන වාතාවරණය සමථයකට පත්කර ගැනීම සඳහා ජනාධිපතිවරයාට සහ අගමැතිවරයා ට ස්වාධීනව ක්‍රියා කිරීමට අවකාශ සලසාදීම ඉතා වැදගත් බව එක්සත් ජාතික පක්ෂ උපනායක,පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ පළාත් පාලන මැතිවරණයෙන් උතුරු කොළඹ ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය කළ නියෝජිතයින් ට ප්‍රනාමය ඵලකිරීමේ උත්සව අවස්ථා වකට එක්වෙමිනි. ඊයෙ (17)පෙරවරුවේ තොටළඟ, මුවදොර උයන නිවාස සංකීර්ණය අසලදී මෙම උත්‍සවය පැවැත්විනි.

එහිදී රවී කරුණානායක මහතා කියා සිටියේ දේශපාලනයේ කුමන හැලහැප්පීම් තිබුණද 2015 ජනවාරි 08 වැනිදා හා 2015 අගෝස්තු 17 දින පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලබා දුන් ජනවරම ආපස්සට හැර වීමට එක්සත් ජාතික පක්ෂය ඉඩ නොදෙන බවයි. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පවතින වාතාවරණය සමථයකට පත්කිරීමට කඩිනමින් පියවර ගනු ඇතිබවත්, සම්මුතිවාදී ආණ්ඩුව ශක්තිමත්ව ඉදිරියට පවත්වා ගෙන යාම නායකයින් දෙදෙනා ගේ අභිප්‍රාය බවත් කීය. "පළාත් පාලන මැතිවරණය අවසන් වීමත් සමඟ විවිධ අදහස් මතුවී තිබේ. මැතිවරණයෙන් ආණ්ඩුව ට කිසියම් රතු එලියක් ලබා දී ඇත. එවැනි අනතුරු ඇඟවීමක් පෙන්වීමට ද සාධාරණ සාධක පවතී. 2015 ජනතාව ට ලබා දුන් ඇතැම් පොරොන්දු ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබේ. එහෙත් මෙම මැතිවරණය ආණ්ඩු වෙනස් කරන මැතිවරණය ක් නොව සම්මුති වාදී ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙළ ගමට ගෙන යන මැතිවරණයකි. පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුව හෝ ජනාධිපතිවරයා වෙනස් කරන්නේනම් මහ මැතිවරණ ,ජනාධිපතිවරණ අවශ්‍ය නොමැත. උතුරු කොළඹ එක්සත් ජාතික පක්ෂ යෙන් ඉදිරි පත් වු සියළු අපේක්ෂකයින් ජයග්‍රහණය කර තිබේ. සමහරු කතාව විතරයි වැඩ නැති බව ඡන්ද ප්‍රතිඵල වලින් පේනව. මම ගමක් ගානෙ ගිහින් පක්ෂයේ ප්‍රතිපත්ති සහ සම්මුතිවාදී ආණ්ඩුවේ වැඩපිළිවෙළ ජනතාවට පෙන්වා දුන්නා. ඒ උත්සහයේ ප්‍රතිඵල අද මල්ඵල ගැන්වී තිබෙනවා. උතුරු කොළඹ ජනතාව ධනවතුන් නොවුණත් මේ ජනතාව බුද්ධිමත් පිරිසක්. මේ ජනතාවගේ ජීවනෝපාය ගැටලු, නිවාස ප්‍රශ්නය, අධ්‍යාපන පහසුකම් ,සෞඛ්‍යය පහසුකම් මෙන්ම ප්‍රදේශයේ යටිතල පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බවද රවී කරුණානායක මහතා වැඩිදුරටත් පැවසීය.