You are here:: Latest News පොලීසිය සාමය ආරක්ෂා කරන්න බැඳී ඉන්නව, ජාතීන් අතර මේ වගේ ප්‍රශ්න ඇතිවුණාම පොලීසිය ක්ෂණික ව ක්‍රියාත්මක වෙලා කටයුතු කළ යුතුයි. නීතිය ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කිරීම පොලිසියේ වග කීමක් ...එලෙස ක්‍රියාත්මක වෙන්න නොහැකි නම් ගෙදර යා යුතුයි.- රවී
 
 

පොලීසිය සාමය ආරක්ෂා කරන්න බැඳී ඉන්නව, ජාතීන් අතර මේ වගේ ප්‍රශ්න ඇතිවුණාම පොලීසිය ක්ෂණික ව ක්‍රියාත්මක වෙලා කටයුතු කළ යුතුයි. නීතිය ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කිරීම පොලිසියේ වග කීමක් ...එලෙස ක්‍රියාත්මක වෙන්න නොහැකි නම් ගෙදර යා යුතුයි.- රවී

AddThis Social Bookmark Button

1111RAVI newතෙල්දෙණිය ගැටලුව හමුවේ, එය අගමැතිවරයා ට හෝ ජනාධිපතිවරයා ට දෝෂාරෝපණය කිරීම වැරදි බවත්, නීතිය හා සාමය ආරක්ෂා කිරීම පොලිසියේ වග කීම බැවින්, සිද්ධිය මුල් අවස්ථාවේදී ම පාලනය කිරීමට පොලීසිය ක්‍රියාත්මක විය යුතුව තිබුණ බව එක්සත් ජාතික පක්ෂ උපනායක , පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා කියා සිටියි.

මන්ත්‍රීවරයා මේබව පැවසුවේ අද (07) පෙරවරුවේ මෝදර ශාන්ත ජේම්ස් ප්‍රාථමික විද්‍යාලයේ, පාසල් දරු දැරියන් සඳහා ක්‍රීඩා උපකරණ බෙදාදීමේ උත්සව අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වේදීන් විසින් අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි . රවී කරුණානායක මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙම ක්‍රීඩා උපකරණ බෙදා හරිනු ලැබීය. මන්ත්‍රී වරයා මෙහිදී පැවසුවේ, මෙවැනි අවස්ථාවක ජනතාව අතර සමගිය තහවුරු කිරීමට ජනමාධ්‍යවල කාර්යභාරය ඉතා වැදගත් බවයි. උතුරු කොළඹ වැනි සිංහල ,මුස්ලිම්,දෙමළ ජනතාව අතර පවතින සහජීවන සෙසු පළාත් වල ජනතාව පරමාදර්ශ කර ගත යුතු යැයිද රවී කරුණානායක මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.