You are here:: Latest News සමාජ මාධ්‍ය යලි රට තුල සක්‍රීය කළ යුත්තේ, ස්ථාවර වගවීමේ ක්‍රියාවලිය කට යටත් ව බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියි
 
 

සමාජ මාධ්‍ය යලි රට තුල සක්‍රීය කළ යුත්තේ, ස්ථාවර වගවීමේ ක්‍රියාවලිය කට යටත් ව බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියි

AddThis Social Bookmark Button

00001111RAvi prssසමාජ මාධ්‍ය යලි රට තුල සක්‍රීය කළ යුත්තේ, ස්ථාවර වගවීමේ ක්‍රියාවලිය කට යටත් ව බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියි. අමාත්‍ය වරයා පෙන්වා දෙන්නේ ,ජාතිවාදය ,ආගම් වාදය,අන්තවාදය ව්‍යාප්ත කරමින් රටේ සංහිඳියාව විනාශ කරමින් ,ජනාධිපතිවරයා ට අගමැතිවරයා ට, සහ තමාට මෙන්ම සමස්ථ අමාත්‍ය මන්ඩලය ට, රජය ට විරුද්ධව ජනතාව තුල වැරැදි මතයක්,සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රියාත්මක වන්නේ නම් එය කිසියම් පාලනය කට අධීක්ෂණය කට යටත් කිරීමේ වරදක් නොමැති බවද පෙන්වා දෙයි. රවී කරුණානායක මහතා මේබව පැවසුවේ ඊයේ (12) දහවල්, තොටළඟ,එක්සත් ජාතික පක්ෂ, කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ය .

උතුරු කොළඹ වැනි ආසනය ක පවතින ජාතීන් අතර,ආගම් අතර සංහිඳියාව රටට ම ආදර්ශයක් සපයා දී ඇත. සමාජ මාධ්‍ය වගකීම් සහිතව කටයුතු කරන්නේ නම් කිසිවෙකු භීතියට පත් වී මේ අවශ්‍යතාවයක් නොමැත. පසුගිය දින කිහිපයේ මහනුවර ඇති වු සිද්ධි වලට පොලීසිය මුළුමනින්ම වගකිව යුතුයි. ඒවාගේම ජාතීන් අතර ආගම් අතර විරසකවීම් උත්සන්න කිරීමට සමාජ මාධ්‍ය වගකිව යුතුයි. සමාජ මාධ්‍ය පාලනය කිරීමත් සමඟ ගැටුම් කාරී තත්ත්වය පාලනය වූ ආකාරය රටම තේරුම් ගත් කාරණයක් බවද කරුණානායක මහතා කියා සිටියි.එමෙන්ම මෙම ගැටුම් වලට අනුබල දුන් පිරිස් අතර රජයේ ඇතැමුන් සිටින බවට තොරතුරු ලැබී තිබෙනවා. කොළඹ නගරයේ මෙවැනි ගැටුම් නිර්මාණය කිරීමට ඇතැම් දේශපාලනඥයින් උත්සාහ දැරූ බවත් එවැනි අවස්ථා පාලනය කිරීමට එක්සත් ජාතික පක්ෂය ක්‍රියා කළ බවද හෙතෙම පැවසිය. මෙහිදී මාධ්‍ය වේදියෙකු නැඟූ ප්‍රශ්නය කට පිලිතුරු දෙමින් රවී කරුණානායක මහතා කියා සිටියේ, තෙල්දෙණිය ප්‍රදේශයේ ගැටුම් පිටුපස රජයට සම්බන්ධ ප්‍රභල චරිත සිටින බවට තොරතුරු ලැබී ඇතිබවත්, සුදු බැටළුවන් අතර කළු බැටළුවන් ද සිටින බවයි. මෙම මාධ්‍ය හමුවේදී රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ද රවී කරුණානායක මහතා අදහස් දක්වා සිටියේය. 

රාජ්‍ය ආදායම දිගින් දිගටම බිඳ වැටුණොත්, එහි බලපෑම නැවත ජනතාවට දැනෙන්න පුළුවන් තමා මුදල් ඇමැති ධූරය දරණ සමයේ, හඳුන්වා දුන් ආර්ථික සංවර්ධන සැලසුම් අඛණ්ඩව ක්‍රියාත්මක කළේ නම් ජාතික ආදායම මීට වඩා ශක්තිමත් වීමට ඉඩ තිබුණු බව හිටපු මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අවධාරණය කරයි. කරුණානායක මහතා පෙන්වා දෙන්නේ ඉකුත් පාලන සමයේ අයාලේ තිබුණ මූල්‍ය පාලනය විධිමත්ව මෙහෙම වීමට තමා නායකත්වය දුන් බවයි. එහෙත් මේවන විට එම මූල්‍ය විනය අභියෝගයට ලක්ව ඇතිබවද හෙතෙම කියා සිටියි. මේවන විට රාජ්‍ය ආදායම සැලසුම් කළ පරිදි නොලැබෙන බවත් මෙම තත්ත්වය දිගින් දිගටම පැවතුණ හොත් එහි ප්‍රති විපාක නැවත ජනතාවට දැනෙනු ඇතිබවත් කරුණානායක මහතා ප්‍රකාශ කරයි. මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ රවී කරුණානායක මහතා. ""අද රටේ ආර්ථිකය පාලනය කරන්නෙ මහ බැංකුවේ නිලධාරීන් දෙතුන් දෙනෙක්. කිසිඳු ප්‍රායෝගික දැනුමක් නොමැති මේ සුළුතරය, තීරණ ගන්නෙ ඒ අයට ඕනෑ විදිහට. දේශපාලකයන් පිට්පස්සෙ ගිහින් තනතුරු ආරක්ෂා කර ගෙන ඔවුන්ගේ පෞද්ගලික මතය ක්‍රියාත්මක කරනවා මිස රට ඉදිරියට ගෙන යෑමේ අදහසක් මේ නිලධාරීන් ට නැහැ. මම මුදල් ඇමැති කාලෙ පොරොන්දු වුනා, වසර දෙකකට පසුව VAT බද්ධ 9% දක්වා අඩුකරන්න. දැන් ඒක ක්‍රියාත්මක කරන්න කාලය ඇවිත් තියෙන්නෙ.මොකද මම එහෙම පොරොන්දුවක් දුන්නේ කිසියම් අරමුණකින් කටයුතු කළ නිසා. මම රාජ්‍ය ආදායම වැඩි කරගන්නා සැලසුම් ක්‍රියාත්මක කළා, ඒඅනුව 2015/2016/2017 මුල් මාස හය තුල විශාල ප්‍රගතියක් ලැබුව. දැන් එහෙම ආදායම් ලැබෙන තත්ත්වයක් පෙනෙන්නේ නැහැ.මම මුදල් ඇමැති කාලේ රාජ්‍ය ආදායම 25-30% කින් වර්ධනය කළා. ඒ වර්ධනය දැන් පෙනෙන්නේ නැහැ. අද සූරා බදු ආදායම බරපතළ ලෙස පහත වැටිල. මොකද ජනතාව සූරා පානය නොකර හිටියා ද ? කොහාට ද මේ මුදල් ටික ගිහින් තියෙන්නෙ. මේව ගැන තමා අපි හොයන්න ඕනෑ. අනවශ්‍ය ලෙස ආදායම අහිමි වුනොත් නැවත ජනතාව මත බදු පැටවීම ක් වෙන්න පුලුවන්. මම මුදල් ඇමැති කාලේ බැංකු ණය පොලී අඩුකරන ලෙස මහ බැංකුව ට පෙන්වා දුන්නා. එතන ඉන්න න්‍යාය පණ්ඩිතයන් ඒවා ගනන් ගත්තෙ නැහැ.අද රැකියා විරහිත තරුණ තරුණියන් සඳහා නව රැකියා උත්පාදනය ට ඒක බල පෑව විතරක් නොවේ ,ස්වයං රැකියා කරන පිරිසට හා කුඩා,සහ මධ්‍යම පරිමාණ ව්‍යාවසායකයන් සඳහා ගැටලු ඇති කළා. මේ රජය ජනතාව ගෙන් ඈත් කරල තියන්නෙ ඔය මහ බැංකුවේ සිටින පණ්ඩිතයන් කිහිප දෙනෙක්. කිසිඳු ප්‍රායෝගික අත්දැකීමක් නොමැති මේ නිලධාරීන් සමඟ රට ඉදිරියට ගෙන යන එක ගැටලුවක්""" යැයිද රවී කරුණානායක මහතා වැඩි දුරටත් කීය. මෙම මාධ්‍ය හමුවට උතුරු කොළඹ ආසනයෙන් කොළඹ මහ නගර සභාව සදහා තේරී පත් වු එජාප පළාත් පාලන නියෝජිතයින් 17 දෙනාද සහභාගී වී සිටියහ .