You are here:: Latest News එක්සත් ජාතික පක්ෂයෙ ඇමැති වරු පොවනව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැති වරු දොවනවා .... හිටපු මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා.
 
 

එක්සත් ජාතික පක්ෂයෙ ඇමැති වරු පොවනව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැති වරු දොවනවා .... හිටපු මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා.

AddThis Social Bookmark Button

ravi-dayasiriඑක්සත් ජාතික පක්ෂයෙ ඇමැතිවරු  සිය   අමාත්‍යාංශ වලින් රටේ ආර්ථිකය පොහොසත් කරන  විට,  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු එම   ආදායම දොවමින් සිටින බව  හිටපු මුදල් අමාත්‍ය,  පාර්ලිමේන්තු මන්ත්‍රී  රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.මන්ත්‍රී වරයා මේබව කියා සිටියේ ඊයේ  (09)පෙරවරුවේ කොළඹ  සුගතදාස  ක්‍රීඩා සංකීර්ණයේ සකස් කළ ජාත්‍යන්තර මට්ටමේ ,    කෘත්‍රීම  ධාවන පථය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට, සහභාගී වෙමිනි.

 
රුපියල් මිලියන 500 වියදමින් සකස් කළ මෙම  කෘතීම  ධාවන පථය ට , මීටර් 200 සහ   මීටර් 400 ධාවන පථ දෙකක් අයත් වේ.
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සව අවස්ථාවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා  කියා සිටියේ ජනාධිපතිවරයා   සහ අගමැතිවරයා ගේ නායකත්වයෙන් පවතින සම්මුතිවාදී ආණ්ඩුව රට සංවර්ධනය කිරීම සඳහා ලැබුණු, සුදුසුම අවස්ථාව  වන බවයි.   මෙම සම්මුතිය  විපර්යාසයට ලක් වුව හොත්   ප්‍රජාතන්ත්‍රවාදය  අභියෝගයට ලක්විය හැකි බවත් හෙතෙම පැවසීය.
එසේ උවහොත්,  වත්මන් පාලනය සම්බන්ධයෙන් ජනතාව තුල පවතින     විශ්වාසය  පළුදු විය හැකි  බවත්  තුවක්කුව,පිස්තෝලය හෝ පාතාලය    තුළින් රටේ  පාලනය මෙහෙය වන්නේ ද? යන්න ජනතාව ප්‍රශ්න කරනු ඇති බවත් කරුණානායක මහතා කියා සිටියේ ය.
 
  මෙහිදී    වැඩි දුරටත් අදහස් දැක්වූ රවී කරුණානායක මහතා පැවසුවේ  එක්සත්ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධව ගොඩ නගා ගත් සම්මුතිවාදී පාලනය අභියෝගයට ලක්නොවන ආකාරයෙන් පවත්වාගෙන යාම සියළු දෙනා ගේ වග වීම විය යුතු බවයි .
" අද මේ වැය කරන්නෙ රටේ මුදල්, රටේ මුදල් කියන්නෙ ජනතාවගේ මුදල්, මම මුදල් ඇමැති කාලෙ දයාසිරි ජයසේකර ඇමැති තුමාගේ ඉල්ලීමකට අනුව මේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා විශාල මුදලක් වෙන්කලා.
දයාසිරි ඇමැති තුමා, ඒ මුදල් වලට සාධාරණ ය, ඉටුකර ල තියෙනවා. අනෙකුත් අමාත්‍යාංශ වලත් මේ වගේ වැඩ සිද්ධ වෙනවනම් මේ රට ගොඩ නගන එක අපහසු නැහැ. 
අද නාස්තිය දූෂණය ඉහළ ගිහින් තියෙන්නෙ. ආණ්ඩු වෙනස් වුනත්, දූෂණයට සම්බන්ධ සුළුතර නිලධාරීන් වෙනස් වෙලා නැහැ. මේ රට හදන්න,  පුලුවන්   හරි දැක්මක් යටතේ වැඩකිරීමෙන්, අද වැඩ කරන අයට තමා,  චෝදනා කරන්නෙ, දැන් එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංසන්දනය කලොත් කොටස් දෙකක්. එක පැත්තකින් පොවනව,අනිත් පැත්තෙන් දොවනවා. එක්සත්ජාතික පක්ෂයේ ඇමැති වරුන්ට තියෙන්නෙ පොවන අමාත්‍යාංශ, මුදල්, විදේශ කටයුතු වගේ අමාරුවෙන් කර ගෙන යන අමාත්‍යාංශ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තියෙන්නෙ දොවන අමාත්‍යාංශ, SAMURDHI, කම්කරු, ක්‍රීඩා වගේ අමාත්‍යාංශ. එක්සත්ජාතික පක්ෂය පොවනව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දොවනවා. ජනතාවට ප්‍රතිලාභ දෙන්න පුළුවන් අමාත්‍යාංශ ටික තියෙන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැති වරු ළඟ. දැන් විශ්වාස භංග යේදී , දායාසිරි ඇමැති තුමා එක මතයක හිටියෙ, ෆවුසි ඇමැති තුමා තවත් මතයක හිටියෙ.මේක නෙමේ අද  අවශ්‍ය වන්නේ, මගේ අදහස් වලට විශ්වාස භංග අවශ්‍ය නැහැ , නමුත්  ජනතාව තුලින් තමා විශ්වාසය ගේන්න අවශ්‍ය වන්නෙ "
යැයිද රවී කරුණානායක මහතා වැඩිදුරටත් කීය.
 
රවී කරුණානායක මහතා ගේ අදහස් වලට ප්‍රතිචාර දක්වමින් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර අමාත්‍ය වරයා සිය කතාවේදී කියා සිටියේ, රවී කරුණානායක හිටපු මුදල් ඇමැති තුමාගේ ප්‍රකාශය තමා දකින්නේ වෙනස් ආකාරයකට බවයි. එනම් තණකොළ කවන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැති වරු, , දොවන්නෙ එක්සත් ජාතික පක්ෂ ඇමැති වරු කියල මම කල්පනා කරන්නේ.
විශ්වාස භංග යෝජනා වේ දී මම හිතට එකඟව පක්ෂ පාතීව ඡන්දය භාවිතා කළා. මොකද බැඳුම්කර සිද්ධිය ගැටලු කාරි නිසා  මගේ හිතට එකඟව ඊට විරුද්ධව ක්‍රියා කරන්න බැහැ.  සම්මුතිවාදී පාලනය කදී හැමෝටම ගෞරවාන්විතව කටයුතු කරන්න අවකාශ තිබිය යුතුයි .
දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැති වරුන් ට විවිධ දේ කියනව. පිං ඇමැති වරු කියනවා. විවිධ නම් පට බැදිල.
තව දවස් දෙක තුන කින් අපි මේ ආණ්ඩුවේ කටයුතු කරනවද, නැද්ද යන්න තීරණය කරනවා " යැයිද  දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.
 
මෙම අවස්ථාවට A.H.M ෆවුසි අමාත්‍ය වරයා ඇතුළු, රජයේ මැති ඇමැති වරු සහ නිලධාරීන් එක්ව සිටියහ.