You are here:: Latest News දින සීයයෙන්, මම රටේ ආර්ථිකය,ගොඩනගල පෙන්වනවා,
 
 

දින සීයයෙන්, මම රටේ ආර්ථිකය,ගොඩනගල පෙන්වනවා,

AddThis Social Bookmark Button

 IMG 20180420 130134 අද පෙරහරේ මුලින්ම යන්නේ, ...කරඬුව වඩම්මවන හස්තියා වෙනුවට , පන්දම් කාරයො, බොරු කකුල් කාරයො ....එක්සත් ජාතික පක්ෂ උපනායක , හිටපු මුදල් අමාත්‍ය,පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක
දින සියයෙන් තමා රටේ ආර්ථිකය, ගොඩනගන බවත් , ඒ සඳහා දක්ෂ නිලධාරීන් පිරිසක් සමඟ එම අභියෝගයට මුහුණ දෙන බවත් රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

කරුණානායක මහතා මේ බව ප්‍රකාශ කළේ අද (20)පෙරවරුවේ, තොටළඟ එජාප කාර්යාලයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.
කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රීඩා සමාජ සඳහා ක්‍රීඩා උපකරණ බෙදාදීම වෙනුවෙන් උත්සවය සංවිධානය කර තිබුණි.
 
උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වේදීන් නගන ලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් රවී කරුණානායක මහතා කියා සිටියේ, ජනතාව පීඩාවට පත්කිරීමේ අනවශ්‍ය බදු පැනවීම් වලට තමා තරයේ විරෝධය ඵලකරන බවයි. මේ වන විට රත්රං සඳහා පනවා ඇති, 15% බදු පැන වීම අනවශ්‍ය දෙයක් බවද හෙතෙම පැවසීය.
ආණ්ඩු වෙනස් වුණාට, දේශපාලකයන් පිටුපස යන නිලධාරීන් වෙනස් නොවීමේ ප්‍රතිඵලයක් ලෙස මෙවැනි ආර්ථික ව්‍යාකූල තත්ත්වයන් ට රට මුහුණ දෙන බව ද හිටපු මුදල් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
 
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රවී කරුණානායක මහතා ....
" අද රටේ ආර්ථිකය ගැන ජනතාව විවිධ අදහස් මතුකර තිබෙනවා.  දක්ෂතා ඇති පුද්ගලයන් සඳහා නිසි තැනක් නොලැබීම නිසා, මෙම තත්ත්වය උත්සන්න වෙලා.  අපි කව්රුත් දන්නව පෙරහර ගත්තහම ඒකෙ ප්‍රමුඛත්වය දෙන්නේ කරඬුව වඩම්ම වන හස්තියාට,  ඒ හස්තියා ගමන් ගන්නෙ ඒ සඳහා විශේෂ යෙන් සකස් කළ පාවඩ මතින්,   ඊලඟට ඒ ඒ දේවාල වල නිලමේ වරුන්, ගමන් ගන්නා අලි, ඇතුන්, අද වෙලා තියෙන්නෙ ඒකෙ අනිත් පැත්ත. කොහෙවත් ඉන්න පන්දම් කාරයෝ, අලි පැටවුන්, රබන් කාරයෝ, බොරු කකුල් කාරයෝ තමා පෙරහරේ ඉදිරියෙන් යන්නේ. රටේ වත්මන් තත්ත්වයත් මෙවගේ තමා. අතිගරු ජනාධිපති තුමාත්, ගරු අගමැති තුමාත් රටේ ආර්ථිකය හදන්න දැඩි පරිශ්‍රමයක් දරන මොහොතක, ඒ ගමනට බාධා කරන දෙතුන් දෙනෙක් ඉන්නව. ඒක අපේ නායකයින් දෙපළ අවබෝධ කරගෙන ඇතිබව මම හිතනවා."
 
යැයිද , රවී කරුණානායක මහතා වැඩිදුරටත් කීය. මෙම අවස්ථාවට කොළඹ මහ නගර සභාවේ එජාප මන්ත්‍රී වරු පිරිසක් ද එක්ව සිටියේය.