You are here:: Latest News අපි කළ වැඩ එජාපයට මතක නෑ - රවි
 
 

අපි කළ වැඩ එජාපයට මතක නෑ - රවි

AddThis Social Bookmark Button

01-Ravi-uඑක්සත් ජාතික පක්ෂයේ උප නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාගේ උපදේශයෙන් කොළඹ මහා නගර සභාවේ නාගරික මන්ත්‍රීනි සඳමාලි මහත්මිය විසින් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය අසල සංවිධානය කරන ලද විශේෂ වෛද්‍ය සායනය ඉකුත්දා පැවැත්විණි.මෙම වෛද්‍ය සායනයට රජයේ වෛද්‍ය නිලධාරින් මෙන්ම හෙද කාර්ය මණ්ඩලය ද සහාය වූ අතර වෛද්‍ය පරීක්ෂණ ද නොමිලේ සිදුවිය.


“සර් දැන් බලන්න යහපාලන රජය හදන්න බර ඇද්දෙ ඔබතුමා වගේ කිහිප දෙනයි. නමුත් පාර්ලිමේන්තු මැතිවරණයෙන් පැරදුණු අයටත් මැති ඇමැතිකම් ලැබුණා පමණක් නෙමෙයි අමාත්‍යංශ දෙන්න කවුරුවත් නැතිව ද කොහේදෝ දෙක බැගින් දීලා, නමුත් ඔබතුමාට ඇමැතිකමක් අද ලැබෙයි හෙට ලැබෙයි කියලා තමයි අපි බලා​පොරොත්තුවෙන් හිටියේ. එහි සිටි පිරිසක් විමසූහ.


රවී ඊට සිනාසෙමින් අපූරු පිළිතුරක් දුන්නේය. මැණික ගල් නැති තැන තිරුවානා ගලක් මැණිකක් කියලා කතාවක් තියෙනවනේ. ඒ වගේ තමයි අපේ පක්ෂයේ කටයුතු අද සිදුවන්නෙ. අපේ සමහර අයට අපි කළ කැප කිරීම දැන් මතක නැහැ. අනික මම තනතුරු බලාගෙන වැඩ කළ කෙනෙක් නෙමෙයි. මට තනතුරු පට්ටම් තිබුණත් එකයි නැතත් එකයි. ඒක හරියට කෝට් බෑයක් වගෙයි. කෝට් එක ගැලව්වම කිසිවක් නැහැ. මට ලැබෙන තනතුරු පට්ටම්වලට වඩා මාව අපරාජිත ජනතා නියෝජිතයෙක් කළ උතුරු කොළඹ ජනතාව වන ඔබලා මට ඊට වඩා වටිනවා. රවී කීවේය.