You are here:: Latest News මෝදර සුභසාදන මධ්‍යස්ථානය සහා සුභසාදන සමාජ මාධ්‍ය ජාලය ජනතා අයිතියට
 
 

මෝදර සුභසාදන මධ්‍යස්ථානය සහා සුභසාදන සමාජ මාධ්‍ය ජාලය ජනතා අයිතියට

AddThis Social Bookmark Button

Ape Colombioඋතුරු කොළඹට යහපත් හෙට දිනක් යන තේමාව යටතේ 2016 වර්ෂයේ හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් මුදල් ඇමති ධුරය හොබවන කාලයේ මිලියන 230 ක් වෙන්කරමින් ආරම්භ කල මෝදර සුභසාදන මධ්‍යස්ථානය සහා සුභසාදන සමාජ මාධ්‍ය ජාලය පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ ආරාධනයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි

එම අවස්ථාවට කොළොඹ නගරාධිපතිනිය  රෝසි සේනානායක මැතිණිය, අමාත්‍ය ඇ.H.M ෆව්සි මැතිතුමා  ඇතුළු මැති ඇමතිවරුන් එක්වූහ

මෙම මද්‍යස්ථානයේ පුර්ණ හිමිකාරිත්වය ජනතාව සතු වන අතර මද්‍යස්ථානය තුලින් ජේෂ්ඨ පුරවැසියන්,අබාධිත පුරවැසියන්,කාන්තා,පිරිමි,තරුණ පරම්පරාව සහ ළමා පරපුර යන සෑම නගරවැසියෙක්ටම සේවා සැපයේ.මද්‍යස්ථානය තුල ජේෂ්ඨ පුරවැසියන්ට විශේෂ ඒකකයක්,විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට දිවා සුරැකුම් මද්‍යස්ථානයක් සහ සායනයක්,නොමිලේ බෙහෙත් ශාලාවක්,වෘත්ති්ය මාර්ගෝපදේශන ඒකකයක්,මෘදු කුසලතා වර්ධක ඒකකයක්,වැඩිදුර ඉගෙනුම් සහ ශිෂ්‍යත්ව අවශ්‍යතා සම්බන්දීකරන ඒකකයක්,ඉන්ටර්නෙටිිි කැෆේ,ශරීර සුවතා මධ්‍යස්ථානයක්,නගරයේ රාජ්‍ය සහා පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා පිලිබඳ සම්බන්දීකරන ඒකකයක්,පවුල් උපදේශන සේවාවක්,පුස්තකාලයක්,උත්සව ශාලාවක් වැනි පහසුකම් වලින් සමන්විත වේ.