You are here:: Latest News එජාප අස්ගිරි මල්වතු නාහිමිවරු මුණ ගැසේ
 
 

එජාප අස්ගිරි මල්වතු නාහිමිවරු මුණ ගැසේ

AddThis Social Bookmark Button

asgiri arbudayaරටේ ප්‍රජාතන්ත්‍රවාදය නැතිවී අද උද්ගතවෙ ඇති අර්බුද ගැන කරුණු පහදාදෙමත එජාප අමාත්‍ය කණ්ඩායමක් ඊයේ අස්ගිරි පාර්ශවයේ මහනායක  වරකාගොඩ ඤාණරතන මහනාහිමියෝ මුණ ගැසුනහ.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, පාඨලී චම්පික රණවක, රවී කරුණානායක, ජේ.සී අලවතුවල යන මහත්වරුන්  අස්ගිරි මහ විහාරයට ගොස් මහනාහිමියන් බැහැදුටු අවස්ථාවේ උන්වහන්සේ මේ බව කීහ.

 

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරුන් සඳහන් කළේය.


"ඉක්මණින් පාර්ලිමේන්තුව කැඳවීම තුළින් සියලු ප්‍රශ්න නිරාකරණය වී රටේ අගමැති කවුද යන්න තීරණය කිරීම පාර්ලිමේන්තුවට බාරදිය යුතුයි. අද වනවිට ජාත්‍යන්තරය ශ්‍රී ලංකාව දෙස බලා සිටිනවා. කවුද නියම අගමැති, කවුද නියම ඇමැති මණ්ඩලය කියන ප්‍රශ්නය ඔවුන්ට තිබෙනබ්.අවත්ය


මෙම පිරිස මල්වතු පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන්ද බැහැදැක ආශිර්වාද ලබාගත් අතර එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයා ගමගේ, ගාමීණී ජයවික්‍රම පෙරේරා, රංජිත් මද්දුම බණ්ඩාර, ලකී ජයවර්ධන, රංජිත් අලුවිහාරේ යන මහත්වරුද සහභාගි වූහ.