You are here:: Latest News මට අවශ්‍යවෙලා තියෙන්නෙ අවස්ථාවාදී සතුරු බලවේග වලින් පක්ෂය රැකගන්න – හිටපු ඇමති රවී කරුණානායක කියයි
 
 

මට අවශ්‍යවෙලා තියෙන්නෙ අවස්ථාවාදී සතුරු බලවේග වලින් පක්ෂය රැකගන්න – හිටපු ඇමති රවී කරුණානායක කියයි

AddThis Social Bookmark Button

press confefrence22මට අවශ්‍යවෙලා තියෙන්නෙ අවස්ථාවාදී සතුරු බලවේග වලින් පක්ෂය රැකගන්න – හිටපු ඇමති රවී කරුණානායක කියයි



අද රටේ තිබෙන දේශපාලන තත්වය එතරම් සුබදායක නැහැ. කුමන ක්‍රියාමාර්ගයක් යටතේ හෝ මේ රට ස්තාවර කරන්න අවශ්‍යයි. එහෙම නැත්නම් පීඩා විඳින්නේ රටේ ජනතාව. නොහිතපු ආකාරයට වෙනස් මාවතකට පිවිසුන ශ්‍රී ලංකා දේශපාලන වාතාවරණයට හැඩගැහෙන්න තරම් රටේ ජනතාවගේ තත්වය හොඳ නැහැ කියල අපි දන්නවා. අපට ඕන රටේ තත්වය සුබ දායක කරන්න.

යැයි කොළඹ දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවසීය.

දැනට රට තුල ඇති අස්ථාවර තත්වය එක්ක එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ යම් වෙනසක් විය යුතු බවට පාක්ෂිකයා තුලින් හඬක් නැගී තිබෙනවා. නමුත් අපි මුලින්ම පක්ෂය රැකගන්න ඕන. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන එක්සත් ජාතික පක්ෂය ආක්‍රමණය කරන්න ඇතැම් අය කටයුතු කරන බව පේනවා. එහෙම අවස්ථාවාදී බලවේග වලට අවශ්‍ය විදියට එක්සත් ජාතික පක්ෂය මෙහෙයවන්න අප ඉඩතියන්නෙ නැහැ.

දේශපාලනේ අනාත භාවය පත්උනාම ඒකට පිලියමක් හැටියට එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කරන තැනක් කරන්න අපට අවශ්‍ය නැහැ. මම කවදාවත් එක්සත් ජාතික පක්ෂය හැර ගියේ නැහැ. අපි කොයිතරම් පක්ෂය රැක්කත් අපට පක්ෂයෙන් සමහර අවස්ථාවලදි සිද්ධ උනේ කෙණහිලිකම්. ඒත් පුද්ගලික වරදාන පැත්තක තියල අදටත් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පෙනී හිටින්නේ උප නායකයා විදියට මට යම් කාර්ය භාරයක් තිබෙන නිසා. පාක්ෂිකයා රැකගන්න එක මගේ යුතුකමක්, මම හිතනවා අනිත් අයත් එහෙම හිතලා කටයුතු කරාවි කියල. සමහර අවස්තාවාදී අයගේ ක්‍රියාකලාපයන් නිසා තමයි අද එක්සත් ජාතික පක්ෂයට මේ තත්වය උදා වී තිබෙන්නේ.