You are here:: Latest News හිටපු ඇමති රවීගෙන් ප්‍රතිඥාවක්!  
 
 

හිටපු ඇමති රවීගෙන් ප්‍රතිඥාවක්!  

AddThis Social Bookmark Button
Ravi-Karu--FRONT-NOC-හිටපු ඇමති රවීගෙන් ප්‍රතිඥාවක්!
පසුගිය කාලයේදී කුහක දේශපාලනය විසින් තමන් වැනි අය කුණු කූඩයට දමා තිබුණත් ප්‍රශ්නයක් ඇති වූ මොහොතේ ඒ සියල්ල පසෙකින් තබා පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා එම පරාජය ජයග්‍රහණයක් බවට පත්කල බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
 
 ඔහු මේ බව සඳහන් කළේ ඊයෙ (17) යුක්තියේ විජයග්‍රහණය රැළිය අමතමිනි.
 
ජනවාරි 08 ජනවරමට අනුව තම පිරිස යහපාලනය ගෙනයන විට අනෙක් පිරිස දේශපාලනය කළ බවයි කරුණානායක මහතා කියාසිටියේ.
 
එහෙයින් එදා ජනතාවට දුන් පොරොන්දු ඉටුකිරීමට යම් කාල පරිච්ජේදයක් ගිය බව හෙතෙම සඳහන් කළේය.
 
කෙසේවෙතත් රනිල් වික්‍රමසිංහ මහතා විසින් නැවතත් ලබාගත් ආණ්ඩුව හෙට අනිද්දාම පිහිටුවීමෙන් පසු පැය විසිහතරක් යාමට මත්තෙන් එම කටයුතු ආරම්භ කරන බවයි රවී කරුණානායක මහතා පැවසුවේ.
 
https://youtu.be/zE9acJB11iQ