You are here:: Latest News මගේ අභිලාශය ජනතාවට සේවය කිරීමයි - රවී කරුණානායක
 
 

මගේ අභිලාශය ජනතාවට සේවය කිරීමයි - රවී කරුණානායක

AddThis Social Bookmark Button

ravi powe energy2තම අභිලාශය ජනතාවට සේවය කිරීම මිස දේශපාලනඥයන්ට හෝ පිටස්තර ලෝකයාට උදව් කිරීම නොවන බව නව විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (21) පස්වරුවේ සිය නව ආමත්‍යධූරයේ දිවුරුම් දීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ රවී කරුණානායක අමාත්‍යවරයා,

 

'විදුලිබල අමාත්‍යාංශයේ නිල වශයෙන් රාජකාරි ආරම්භ කළ මේ අවස්ථාවේ දේශපාලඥයෙක් වශයෙන් මට බොහෝම පහසු ආකාරයෙන් විදුලි බිල පිළිබදව කතා කරන්න පුළුවන්. නමුත් මම මේ අවස්ථාවේ වගකීමක් ඇති අමාත්‍යාංශයක් තුළ පරිනත දේශපාලඥයෙක් වශයෙන්  අමාත්‍යාංශ ලේකම්තුමා, ලංවිම ඉංජිනේරුවරුන් ඇතුළු වගකිව යුත්තන් සමග සාකච්ඡා කරලා, ජනතාවගේ අභිවෘද්ධියත් ආයතනයේ අභිවෘදධියත් පිළිබඳව කටයුතු කරනවා. විශේෂයෙන්ම මම මේ අවස්ථාවේ කියන්න කැමතියි ජාත්‍යන්තර හෝ විජාතිකව හෝ වෙනින් කුමන හෝ පැත්තකින් කිසිම කෙනෙකුට ඇඟිලි ගහන්න දෙන්නේ නැහැ කියලා.'

 

'ප‍්‍රථමයෙන්ම අතිගරු ජනාධිපතිතුමටරත් අගමැතිතුමාටත් ස්තුතිය පුද කළ යුතුයි මට මෙම අවස්ථාව ලබාදීම පිළිබදව. මේ අවස්ථාවේදී මම ජනතාවට කියන්න  කැමතියි, අප මේ අමාත්‍යාංශයේ තිබෙන වැඩකටයුතු ජනතාවාදි ආකාරයට ඉටු කරන්නේ කොහොමද කියලා දැනගන්න අපට යම් කාලසීමාවක් දෙන්න කියලයි. ඒ අනුව අපි ජනතාවගේ සිතුම් පැතුම් අනුව කටයුතු කරනවා කියලා මම මේ අවස්ථාවේදී ප‍්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම අද තියෙන්නේ,  ජනතාව අමතකවෙලා, ප‍්‍රජාතන්ත‍්‍රවාදය යටත්වී තිබෙන යුගයක්. ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යටපත්වී තිබෙන දේට ජනතාව ඒකරාශී වෙලා අධිකරණයේ ස්වාධීනත්වය තුළින් ව්‍යවස්ථානුකූලව අපට ජයග‍්‍රහණයක් ලබාදිම පිළිබඳ ස්තුති කළ යුතුයි. අප ඒ අයට ණය ගැතියි. ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය සුරුකීම අපි සියළුදෙනාගේම රාජකාරියක් හැටියට මම සලකනවා. මේවා ඡුන්ද කාලෙට කියන සටන් පාඨ නෙමෙයි. ඒ නිසා ජනතාව වෙනුවෙන් දූෂණය, අකාර්‍යක්ෂමතාව, ඉදිරිගමනක් නැතිව යන සියළු දේ පැත්තකට දාලා, අළුත් ආරම්භයක් කරන අවස්ථාවක් අද උදාවෙලා තිබෙනවා. අපි අද මේ ආරම්භ කරන්නේ ජනතාව සමග යන ගමනක් මිසක්, ඔවුන්ගේ පස්සෙන් හෝ ඉස්සරහින් යන ගමනක් නෙමෙයි. අපි ඉතාමත් නම්‍යශීලීව, ජනතා හඩට ඇහුම්කන් දීලා, ජනතා අවශ්‍යතා ඉටුකරන එක අපි සතු කාර්යයක්. අතීතයේ සිදුවූ සියල්ල පැත්තකට දාලා, අපි සියළුම දෙනා ඒකරාශී වෙලා ජනතාව වෙනුවෙන් සිතිය යුතු අවස්ථාවක් මේක. ඒ නිසා පක්ෂයත්, ජනතාවත් ජයග‍්‍රහණය කිරීම උදෙසා අත්වැල් බැඳගෙන කටයුතු කරමු කියලා මම මේ අවස්ථාවේදී පක්ෂ භේදයකින් තොරව සියළු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.'

 

https://lankanewsweb.net/sinhala/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/127-general-news/36912-%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A-%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B7%81%E0%B6%BA-%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7-%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA-%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%BA%E0%B7%92-%E0%B6%BB%E0%B7%80%E0%B7%93-%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A