You are here:: Latest News ඇමතිකම් ප්‍රශ්න විසඳාගත යුතුයි - ජනපතිව දුරස්ථ කරන්නේ කීපදෙනයි
 
 

ඇමතිකම් ප්‍රශ්න විසඳාගත යුතුයි - ජනපතිව දුරස්ථ කරන්නේ කීපදෙනයි

AddThis Social Bookmark Button

11111111111front newපාලිත රංගේ බණ්ඩාර මහතාට අනිවාර්යයෙන්ම අමාත්‍ය ධුරයක් ලබාදිය යුතු බවත් එය ලැබෙන බවත් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.ඒ මහතා පෙන්වා දෙන්නේ ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරයකු වන රංගේ බණ්ඩාර මහතාට අමාත්‍ය ධුරයක් ලබාදීම සඳහා කටයුතු කෙරෙන බවත් එම ක්‍රියාදාමයෙහි යම් ගැටළුවක් මතු වී ඇති බවත් එය ඉතා ඉක්මනින් විසඳා ගන්නා බවත්ය.

එසේම මෙවන් සිත් අමනාපකම් ඇතිවන සිද්ධි ගණනක් ම මතුව ඇති බව පවසන රවී කරුණානායක මහතා එය විසඳීම සඳහා මාර්ගයක් ඇති බවත් කාල වකවානුවකට පෙර ඒවා විසඳා අවසන් කළ යුතු බවත් අවධාරණය කළේය.

එසේම තමන්ගේ අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් කරුණානායක මහතා පැවසුවේ අගමැතිවරයා තමන්ට දෙන බවට පොරොන්දු වූ අමාත්‍යාංශය තමන්ට නොලැබුණු බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ මේ ගමන ඉදිරියට යා හැකි බවත් ඒ මහතාව දුරස්ථ කරන්නේ කළු බැටළුවන් කිහිප දෙනෙකු කරන ක්‍රියාවන් බවත් පෙන්වා දුන් ඒ මහතා ඔවුන්ව හැකි ඉක්මනින් පක්ෂය විසින් නිවැරදි කළ යුතු බවත් සමහර අවස්ථාවල ඇඟිල්ල කපා හෝ ශල්‍යකර්මය කිරීමට සිදුවන බවත් සඳහන් කළේය.

https://lankanewsweb.net/sinhala/