විදුලි බිල වැඩි වීමට ඉඩ නොදෙන බව විදුලි බල,බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කළේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන සම් භාණ්ඩ නිෂ්පාදන අලෙවි ප්‍රදර්ශනයේ දෙවන දිනයේ ආරම්භක අවස්ථාවට එක්වෙමිනි.
හදිසි විදුලිය මිලදී ගැනීම් ඇති නොවන අයුරින් ඉදිරියේදී විදුලි බල ක්ෂේත්රය නිවැරදි දිශාවකට ගෙන එන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
නොබැදි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් රට ඉදිරියට ගෙනයාමට කටයුතු කරන බව කියා සිටි රවී කරුණානායක මහතා වැඩිදුරටත් අවධාරණය කළේ වසර 25ක් 30ක් පැවති ප්‍රශ්න එක දිනකින් විසඳිය නොහැකි වුවත් ඉදිරි කාලය තුළ විදුලි බල ක්ෂේත්රයේ පවතින ගැටළු සඳහා විසඳුම් ලබා දෙන බවයි.