You are here:: Latest News හෙට පැවැත්වෙන විශේෂ සම්මේලනයේදී ව්‍යවස්ථාව සම්මත කරගන්නට සහාය වන්න!Come tomorrow, a new portrait in the back?
 
 

හෙට පැවැත්වෙන විශේෂ සම්මේලනයේදී ව්‍යවස්ථාව සම්මත කරගන්නට සහාය වන්න!Come tomorrow, a new portrait in the back?

AddThis Social Bookmark Button

UNP_Road_rallyහෙට පැවැත්වෙන එක්සත් ජාතික පක්‍ෂයේ විශේෂ සම්මේලනය අත්හිටුවීමට තහනම් නියෝගයක් ලබාගැනිමට ඊයේ කළ ක‍්‍රියා ආණ්ඩුවේ කොන්ත‍්‍රාත්තුවක් බව පවසන එජාප නායකයෝ සම්මේලනයට නියෝජිතයන් ලෙස සහභාගීවීමට නිල ආරාධනා පත‍්‍ර ලැබූ අය හෙට උදේ 9.30 ට සිරිකොත මන්දිරයට පැමිණ පක්‍ෂ ප‍්‍රතිසංවිධානයට අදාල නව ව්‍යවස්ථාව ඒකමතිකව සම්මත කර ගැනීමට සහාය දෙන්නැයි ඉල්ලා සිටිති.

අද (11) විපක්ෂ නායක නිල නිවසේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පාක්‍ෂිකයන් වෙත මෙම ඉල්ලීම කළේ පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, නියෝජ්‍ය නායක කරු ජයසූරිය, ලේකම් තිස්ස අත්තනායක හා සභාපති ජයවික‍්‍රම පෙරේරා යන මහත්වරුන්ය


මෙහිදී අදහස් දැක්වූ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවේ ව්‍යවස්ථා සංශෝධනය පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව අනුමත කර තිබෙන බැවින් හෙට පැවැත්වෙන විශේෂ සම්මේලනයේදී ද ඒකමතිකව සම්මත කරගන්නට සහාය වන්නැයිද හෙට දවස එජාපයට වැදගත් අවස්ථාවක් වන්නේ යැයිද කීය.

අධිකරණයට ගොස් පක්‍ෂ සම්මේලනය තහනම් කිරීමට කළ කුමන්ත‍්‍රණය කලින් දැනගෙන සිටි නිසා පක්‍ෂයේ නීතිඥයාට අවශ්‍ය උපදෙස් හා පක්‍ෂ නායකයා ලෙසත් තමාත් පක්‍ෂ ලේකම්වරයාත් කල්තියා ප්‍රොක්සි අත්සන් කර දී තිබූ නිසා එය ව්‍යර්ථවී ගිය බවත්, එසේ වුවත්, සමුළුවට සහභාගීවීමට නිල වශයෙන් අවසර ලැබූ අයිතියක් තිබෙන අයට පමණක් සමුළුවට සභාගි වීමට අවසර තිබෙන අතර, වැඩිපුර පුද්ගලයින් පදනමක් නැතිව සමුළුවට සහභාගී වුවහොත්, එහිදී නව ව්‍යවස්ථා කෙටුම්පත සම්මත කරගන්න අනාගතයේදී උසාවි යන්නට අවස්ථාවක් යෙදෙන බවට වික‍්‍රමසිංහ මහතා අනතුරු ඇඟැවීමක්ද කළේය.

සම්මේලනය කඩාකප්පල් නොකර සාමාකාමීව නව ව්‍යවස්ථාව සම්මත කරගන්නට අවස්ථාව ලැබෙනු ඇතැයි විශ්වාසය පළ කළ එජාප නායකයා එය හෙට අවසන් කර මහින්ද රාජපක්‍ෂ පාලනයට එරෙහිව ආරම්භ කළ සටන ඉදිරියට ගෙන ගොස් මර්දනය නැති කර මාධ්‍ය නිදහස නැවත ලාබදෙන බවද කීය.



නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා කීවේ පක්‍ෂ ප‍්‍රතිසංවිධානය පක්‍ෂ තුළ තිබුණේ එකමතයක් බැවින් ඒ සටන දිගටම යායුතු බවත්, සැඟවුණ හස්තයක් එය ව්‍යාර්ථකරන්නට ගත් උත්සාහය පරාජය වීම ගැන සතුටු වන බවත්, පීඩිත ජනතාවගේ ප‍්‍රශ්නවලට විසඳුම් ලබාදී රට සංවර්ධනය කිරීමට නම් මේරටේ දේශපාලන නායකත්වය එජාපයට දිය යුතු බවත් ය.

සියලූ අභියෝගවලට මුහුණදෙමින්, ශක්තිමත්ව අලූත් ගමනක් යන්නට, සාමකාමීව හා එක්සත්ව නව ව්‍යවස්ථාව අනුමත කරගන්නට සියලූ පාක්‍ෂිකයන්ගේ සහාය ලබාදෙන්නැයි ඒ මහතා ඉල්ලා සිටියේය.



පක්‍ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා කීවේ ඊයේ සිකුරාදා දිනයක් වූ අතර, අධිකරණයේ සමාන්‍ය සම්ප‍්‍රදායන්වලට හරස්ව මෙම තහනම් නියෝගය ඉල්ලන පෙත්සම අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ සවස 1.00 ත් පසුවී බවත් සාමාන්‍යයෙන් ඉතා වැදගත් අත්‍යවශය දෙයක් හැර මේ අන්දමට අධිකරණකට ඉදිරිපත් නොවන බවත් මෙය ඉතා රහසිගතව කළත්, කල්තියා මෙවැන්නක් ගැන දැන සිටීමත්, පක්‍ෂයේ නීතිඥයිනට අදාල ප්‍රොක්සි කල්තියා අත්සන් කර දී තිබූ නිසා මෙම තත්ත්වය වලක්වා ගන්නට හැකි වූ බවත් මෙය අධිකරණයට අදාල විෂයයක් නිසා ඊට වඩා යමක් කීමට අදහස් නොකරන බවත් කීය.

පක්‍ෂයේ සභාපති ජයවික‍්‍රම පෙරේරා සහ ඌව පළාත් සභාවේ විපක්‍ෂ නායක දයා ගමගේ මහත්වරුද අදහස් දැක්වූහ.