You are here:: News Bulletin
 
 

News Bulletin

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගේ තරුණ නියෝජිතවරිය ලෙස ශ්‍රී ලංකාවේ ජයත්මා වික්‍රමනායක මෙනවිය පත් කෙරේ.

AddThis Social Bookmark Button

19399505 1386663784755891 5585995437626997166 nඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගේ මිළඟ තරුණ නියෝජිතවරිය ලෙස ශ්‍රී ලංකාවේ ජයත්මා වික්‍රමනායක මෙනවිය පත් කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් කර්යාලය විසින් පසුගියදා(20) නිවේදනය කරන ලදී. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරස් මහතා විසින් මෙම පත් කිරිම සිදු කර තිබේ. ඇය මෙම තනතුරට පත් කරන ලද්දේ මෙතෙක් එම තනතුර දැරු ජෝර්දානයේ අහමඩ් අල්හෙන්ඩවායි ට පසුවය.

Read more

වත්මන් මුදල් ඇමතිවරයාට මුදල් අමාත්‍යාංශය ලැබුනේ බොහොම අසීරු අවස්ථාවක. එතුමා ඒක නැවත ගොඩගන්නවා. - අමාත්‍ය නවීන් දිසානායක

AddThis Social Bookmark Button

naveenසෑම සාර්ථක මිනිසෙකු හටම චෝදනා එල්ලවන්නේ ඔහුගේ සාර්ථකත්වය බලා සිටීමට නොහැකි වූ තැන. නමුත් ඔවුන් ඒ චෝදනා වලින් සැලෙන්නේ නෑ. බාධක මැඩගෙන ඉදිරියටම යනවා ඒකාන්තයි. රවී නුදුරේදීම මේ රටට නැවතත් ඔප්පු කරාවි ඔහු තමා මේ ලෝකයේ හොදම මුදල් ඇමතිවරයා බව.’ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා සිරිකොත පැවති මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ කලේය.

Last Updated on Sunday, 21 May 2017 08:48 Read more

නීති විරෝධී ලෙස ආනයනය කළ, රුපියල් මිලියන දෙකකට අධික වටිනාකමකින් යුත් විදේශීය මත්පැන් තොගයක් මුදල් අමාත්‍යාංශයේ මත්ද්‍රව්‍ය වැටලීම් විශේෂ ඒකකය මගින් සොයා ගැනේ...

AddThis Social Bookmark Button

arrack seeseනීති විරෝධී ලෙස මෙරටට ආනයනය කළ විදේශීය මත්පැන් තොගයක් සොයා ගැනීමට මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය වැටලීමේ විශේෂ ඒකකය අද (11) සමත් වෙයි. සුරා බදු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තු සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ද මෙම වැටලීමට එක්ව සිටියේ ය.

Read more

පසුගිය වසරේ අවසානයේ නිමකරන ලද ව්‍යාපෘති සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 10 ක්

AddThis Social Bookmark Button

edit unpublishedපළාත් සභා ඇතුලු සියලු රේඛීය අමාත්‍යාංශ වලින් 2016 වසරේ ඉටුකරන ලද සියලු සංවර්ධන කාර්යයන් සඳහා වන බිල්පත් පියවීමට අදාළ මුදල් අදාළ රාජ්‍ය ආයතන වලට කිසිදු බාධාවකින් තොරව මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාරය විසින් ක්‍රමිකව නිකුත් කිරීමේ කිසිදු ප්‍රමාදයක් නැත.සාමාන්‍ය ක්‍රමවේදය අනුව ඉදිරිපත් කරනු ලබන බිල්පත් විශාල ප්‍රමාණයක් සඳහා අදාළ වසර තුලදීම මුදල් නිකුත් කරනු ලැබේ. එහෙත් වර්ෂය අගදී ඉතිරිවන බිල්පත් ඊළඟ වසරේ මුල් කාර්තුව තුළ පියවීමට කටයුතු කිරීම සාමාන්‍ය ගිණුම් ක්‍රියාවලියකි.

Read more

ජපාන ජාත්‍යන්තර බැංකුව ශ්‍රී ලංකාව ඉහළින් තැබීමට තීරණය කරයි

AddThis Social Bookmark Button

japaneese bankජපාන ජාත්‍යන්තර සහයෝගීතා බැංකුව, ශ්‍රී ලංකාව පිළිබඳ වර්ගීකරණය ඉහළ නැංවීමට තීරණය කර ඇති බව එහි සභාපති තදහෂි මයෙදා (Mr. Tadashi Maeda) මහතා පැවසීය.

ඩවොස් නුවර ලෝක ආර්ථික සමුළු කේන්ද්‍රස්ථානයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙමින් මයෙදා මහතා වැඩිදුරටත් පැවසූයේ ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලීන් සඳහා තම බැංකුව පූර්ණ සහය ලබා දෙන බවය.

Last Updated on Sunday, 22 January 2017 07:45 Read more

Page 1 of 48

  • «
  •  Start 
  •  Prev 
  •  1 
  •  2 
  •  3 
  •  4 
  •  5 
  •  6 
  •  7 
  •  8 
  •  9 
  •  10 
  •  Next 
  •  End 
  • »