You are here:: News Bulletin
 
 

News Bulletin

හොංකොං ඩුබායි නගර මෙන් කොළඹ වරාය නගරයද විශේෂ නීති රීති ක්‍රියාත්මක ආර්ථික මූල්‍ය කලාපයක් වේ -අගමැති රනිල් ජර්මන් රූපවාහිනියකට කියයි: ලෝක ආර්ථික සමුළුවෙන් රටට මෙතෙක් ලැබුනු ප්‍රතිලාභ මෙන්න

AddThis Social Bookmark Button

 Sweeden PMහොංකොං සහ ඩුබායි නගර අනුගමනය කරන විශේෂ නීතිරීති සැලකිල්ලට ගනිමින් කොළඹ වරාය නගර කලාපයටද ආවේනික විශේෂිත නීතිරීති සම්පාදනය කරමින් එය ආර්ථික හා මූල්‍ය කලාපයක් ලෙස සංවර්ධනය කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ ඩොයිෂවෙලා ජර්මානු රූපවාහිනී ආයතනය සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් පවසා තිබේ. 

Last Updated on Saturday, 23 January 2016 16:55 Read more

මුවදොර උයන නිවාස ජනතා අයිතියට

AddThis Social Bookmark Button

pataliකොළඹ නගරයේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ඉදිකළ නිවාස ඒකක 252 කින් සමන්විත කොළඹ 14, පර්ගියුෂන් පාර “මුවදොර උයන” මහල් නිවාස ව්‍යාපෘතිය (දෙවන අදියර) ජනතා අයිතියට පැවරීම පසුගියදා සිදු කෙරිණ. මේ මහල් නිවාස සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට මහා නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක හා මුදල් ඇමැති රවී කරුණානායක යන මහත්වරුන් සහ අමාත්‍යාංශවල නිලධාරීහු සහභාගි වූහ. ජනතා අයිතියට පත්වූ මේ “මුවදොර උයන” මහල් නිවාස ව්‍යාපෘතියේ එක් නිවෙසක් ‍වෙනුවෙන් රජය මඟින් රුපියල් ලක්ෂ 30 ක් පමණ මුදලක් වැය කර ඇත.

Read more

මූලික වැටුපට දස දහස එකතු කළොත් රජය විශාල මූල්‍ය අර්බුදයක මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ග කියයි

AddThis Social Bookmark Button

protest-logoරජය විසින් පසුගිය අතුරු අයවැයෙන් සිදු කළ රු. 10,000 ක වැටුප් වැඩිවීමට අනුරූපව, එම මුදල මූලික වැටුපට එකතු කර වැටුප් තල සකස්‌ කළහොත් රජයට රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සම්බන්ධයෙන් විශාල අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් "දිවයින"ට වාර්තා වේ.

Read more

‘අප ගන්නා සමහර තීරණ වර්තමානයේ ජනප්‍රිය නොවන්නට පුළුවන්. ඒත් අප ගත් තීරණ නිවැරදි බව අනාගත පරපුර කියාවි: රට හදන්න බැරිනම් බලය අතහැර යන්න සූදානම්‘- අගමැති රනිල් වික්‍රමසිංහ

AddThis Social Bookmark Button

Ranil-Front--viewඅද දිනයේද අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කෙළේය....තම දේශපාලන ජීවිතයේදී බලයේ ඉඳළත් තියෙනවා. බලය නැතුව විපක්‍ෂයේ ඉඳළත් තියෙනවා. බලය පාවිච්චි කරන්නේ රට හදන්නයි. පුද්ගලික න්‍යාය පත්‍ර ඉටු කර ගන්න නෙවෙයි. බලය පාවිච්චි කර රට හදන්න බැරිනම්, බලය අතහැරදා යන්න සූදානම්. රට බිල්ලට දී, රටේ අනාගතය අනතුරේ හෙලමින්, බලය ආරක්‍ෂා කර ගැනීමේ අරමුණක් තමාට නැතැයි ද ඔහු පැවසීය. ‘අලුත් අලුත් දෑ නොසිතන ජාතිය ලොව නොනගී‘ යයි ඔහු කුමාරතුංග මුනිදාසයන්ගේ ප්‍රකාශය වෙනස් කරමින් කතා කළේය. ඔහු කළ ඓතිහාසික ප්‍රකාශය සම්පූර්ණයෙන් පහත දැක්වේ.

Read more

වාහන මිල අඩුකරන්නේ නැහැ – මුදල් ඇමති අවධාරණය කරයි

AddThis Social Bookmark Button

Ravi-Karunanayake55555555555555555තම සංගමයේ සාමාජිකයින් අද දිනයේ දී මුදල් අමාත්‍යවරයා හමු වී වාහන ආනයන සම්බන්ධයෙන් පනවා ඇති නව බදු ව්‍යූහය පිළිබඳ එහි දී සාකච්ඡා කළ බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා අද දෙරණ Biz වෙත ප්‍රකාශ කර සිටියේය.

Read more

Page 4 of 48