You are here:: News Bulletin තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් අයවැය සම්මතයි පක්‍ෂව 165 යි; විරුද්ධව 55 යි
 
 

තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් අයවැය සම්මතයි පක්‍ෂව 165 යි; විරුද්ධව 55 යි

AddThis Social Bookmark Button

parliament and court simbol2017 අයවැය ලේඛනය තුනෙන් දෙකක ඡන්ද සංඛ්‍යාවක්‌ ලබමින් වැඩි ඡන්ද 110 ක්‌ සහිතව පෙරේදා (10 දා) පාර්ලිමේන්තුවේදී සම්මත විය.පළමුව මුදල් අමාත්‍යාංශ වැය ශීර්ෂය සම්බන්ධව ඡන්ද විමසීම සිදුකෙරිණි.

එහිදී ඊට පක්‍ෂව ඡන්ද 164 ක්‌ද විරුද්ධව ඡන්ද 55 ක්‌ද ලබා වැඩි ඡන්ද 109 කින් සම්මත විය.

දෙවනුව සමස්‌ත අයවැයට අදාළව ඡන්ද විමසීම සිදුකෙරිණි. එහිදී අයවැයට පක්‍ෂව ඡන්ද 165 ක්‌ද, විරුද්ධව ඡන්ද 55 ක්‌ද ලැබිණි. පළමු ඡන්ද විමසීමේදී ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රී චතුර සේනාරත්න මහතා ඡන්දය ප්‍රකාශ නොකර සිටි අතර දෙවනුව ඡන්ද විමසීමේදී අයවැයට පක්‍ෂ විය.

ජනතා විමුක්‌ති පෙරමුණ හා ඒකාබද්ධ විපක්‍ෂය අයවැයට විරුද්ධ වූහ. ද්‍රවිඩ ජාතික සන්ධානය හා ඊ.පී.ඩී.පී. පක්‍ෂය ආණ්‌ඩුව සමඟ අයවැයට පක්‍ෂව ඡන්දය දුන්හ.

2017 වසරට අයවැය ලේඛනය මුදල් ඇමැති රවි කරුණානායක මහතා විසින් නොවැම්බර් 10 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිණි. ඊට පසුදා සිට මාසයකට ආසන්න කාලයක්‌ අයවැය විවාදය පැවැත්වූ අතර අමාත්‍යාංශ වැය ශීර්ෂ කිහිපයක විවාදයට ජනාධිපති මෛත්‍රිපාල සිsරිසේන මහතාද එක්‌විය.

කාරක සභා අවස්‌ථා විවාදය පෙරේදා අවසන් වූ අතර මුදල් අමාත්‍යංශය සඳහා ඡන්දයක්‌ අවශ්‍ය බව දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව පෙළින් පෙළට ඡන්දය විමසන ලදී.

සමස්‌ත අයවැය ලේඛනය සඳහා මන්ත්‍රීවරුන්ගේ නමින් ඡන්දය විමසිය යුතු බව විපක්‍ෂයේ සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ඉල්ලා සිටියේය. ඒ අනුව ඡන්දය විමසීම නමින් සිදුකෙරිණි.

සිරිපාල ගම්ලත්, ප්‍රේමලාල් ජයසේකර, මහින්ද රාජපක්‍ෂ සහ තේනුක විදානගම යන මහත්වරු ඡන්දය විමසද්දී සභාගැබෙහි නොසිටියහ.