You are here:: News Bulletin අධික වර්ෂාපතනයෙන් සහ සුළඟින් අවතැන් වූ ජනතාව වෙනුවෙන් හැකි ඉක්මණින් සහන සළසනවා
 
 

අධික වර්ෂාපතනයෙන් සහ සුළඟින් අවතැන් වූ ජනතාව වෙනුවෙන් හැකි ඉක්මණින් සහන සළසනවා

AddThis Social Bookmark Button

floodxඊයේ දිවා කාලයේ සිට මේ වන තෙක් ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ඇතැම් පෙදෙස්වල දැඩි දේපළ හානි වාර්තා වී ඇත, ඇතැම් පෙදෙස්වල විදුලිය විසන්ධිවීම වැනි අත්‍යවශ්‍ය සේවා බිඳවැටී වැනි තත්වයන් වාර්තා වී අැත. රජයක් ලෙස වහාම ක්‍රියාත්මක වෙමින් ආපදාවන්ට ලක්ව ඇති ප්‍රදේශ කරා කඩිනම් සහන සේවා සළස්වා,

ආපදා තත්වය සැළකිල්ලට ගෙන අග්‍රාමාත්‍යවරයාගේ සහ අධ්‍යාපන අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත අද දින ආපදාවන්ට ලක්වූ ප්‍රදේශවල සියලුම පාසැල් සඳහා නිවාඩු ලබා දුන් අතර. අද උදෑසන සිටම මාගේ දිස්ත්‍රික්කය වන කොළඹ දිස්ත්‍රික්කය පුරා අවතැන් වූ හෝ පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් හැකි උපරිමයෙන් සහනසැළස්වීමේ කටයුතු සම්පාදනය කරන අතර, ග්‍රාම නිළදාරීවරු හරහා මේ වන විටත් අදාල තොරතුරු රැස්කෙරෙන බව මම අවධාරණය කර සිටිමි.

හදිසි ආපදා තත්වයක් ඇතිවුවහොත් වහාම ආපදා කළමණාකාරණය මධ්‍යස්ථානය අමතා අදාල නිළධාරීන් දැනුවත් කරනා ලෙසත්, අවදානම් තත්ව යටතේ නිවාස වල රැඳී සිටිනා පුද්ගලයන් වෙතොත්, වහාම ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරනා ලෙසත් මම මාගෙ දිස්ත්‍රික්කයෙ සහ අන් සියලූ දිස්ත්‍රික්කවල ජනතාවගෙන ඉල්ලා සිටිමි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය - 0112 136 136