You are here:: News Bulletin චන්ද්‍රිකා රනිල් සහ එජාප නායකත්ව මණ්ඩලය හමුවෙයි...
 
 

චන්ද්‍රිකා රනිල් සහ එජාප නායකත්ව මණ්ඩලය හමුවෙයි...

AddThis Social Bookmark Button

ranl-cnandrika-1-1හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිය ජීවිතයේ ප‍්‍රථම වතාවට කොළඹ ෆොන්සේකා මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයට ගොස් රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ එජාප නායකත්ව මණ්ඩල සාමාජිකයන් පිරිසක් හමුවී සාකච්ඡ පැවැත්වීය.චබකු රනිල් හමුවූයේ දේශපාලනය ගැන සාකච්ඡ කිරීමට නොවුනද මෙකී හමුවීම ලංකාවේ දේශපාලන කරළිය අද දැඩි සේ උණුසුම් කළ අනාගත දේශපාලනයේ සුබ ලකුණක් සනිටුහන් කළ තීරණාත්මක සිදුවීමක් විය. සිද්ධිය ආරංචි වූ සැනින් දෙස් විදෙස් මාධ්‍යවේදීහු දෙසියයකට අධික පිරිසක් එම ස්ථානයට කඩා පාත් වූහ.


චබකු, රනිල් සහ නායකත්ව මණ්ඩලය හමුවූයේ ඇයගේ නායකත්වයෙන් පිහිටුවා ඇති දකුණු ආසියා ප‍්‍රතිපත්ති අධ්‍යයන ආයතනය හෙවත් එස්.ඒ.පී.ආර්.අයි (සපි‍්‍ර* නම් රාජ්‍ය නොවන සංවිධානය විසින් පසුගියදා රටේ ආගමික සංහිඳියාවක් ඇති කිරීම සඳහා සියළු ආගමික නායකයන් සමග පැවැත්වූ කතිකාවකින් පසු සකස් කරන ලද එකඟතා ප‍්‍රකාශනය එජාපයට ඉදිරිපත් කිරීමට ය. ඇය මෙය සියළු දේශපාලන පක්ෂ වෙත ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති අතර එජනිස නායකත්වයටද ඒ බව දන්වා යැවුවද ලිපියට පිලිතුරක් හෝ එවීමට මැදමූලන රෙජීමය යටත් කර ගෙන සිටින එජනිසය කටයුතු කර තිබුනේ නැත.


එජාපය සමග සාකච්ඡුාවෙන් පසු මාධ්‍යවේදීන් ඇමතූ චබකු කියා සිටියේ ආගමික සහ ජාතික අසමගිය හේතුවෙන් රටේ ඇතිවිය හැකි භයානක තත්ත්වයත් සියළුම ආගමිකයන් සහ ජාතිකයන් එකට එකතු වී කටයුතු කළහොත් රටට උදා කර ගත හැකි සංවර්ධනය සම්බන්ධයෙන් ජනතාව පුළුල් ලෙස දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩ පිලිවෙලක් ක‍්‍රියාත්මක කිරීමට කටුයතු යොදා ඇති බවයි. හිටපු ජනාධිපතිවරිය වැඩිදුරටත් මෙසේ පැවසුවාය.
‘‘සප‍්‍රි කියන්නේ දේශපාලන සංවිධානයක් හෝ ලාභ උපයන ආයතනයක් නොවෙයි. මෙහි අරමුණ දකුණු ආසියානු කලාපයේ මානව ගරුත්වයක් සහිතව ජීවත් විය හැකි සමාජයක් ගොඩ නැගීම සඳහා ආගමික සංහිඳියාවක් ඇති කරමින් පුරවැසියන් සවිබල ගන්වා ජාතීන් සහ රටවල් අතර විශ්වාසය ගොඩ නැංවීම සඳහා වැදගත් ප‍්‍රතිපත්ති සම්පාදනයට සහාය වීමයි.
පසුගිය කාලයේ ලංකාවේ බෞද්ධ නොවන අනෙකුත් ආගමික සිද්ධස්ථාන වලට එනම් ක‍්‍රිස්තියානි සහ මුස්ලිම් සිද්ධස්ථානවලටත් එම ආගමිකයන්ගේ ව්‍යාපාරික ආයතනවලටත්, විවිධ කණ්ඩායම් පහර දෙනවා අපි දැක්කා. මේ තත්ත්වයට එරෙහිව ආගමික සංහිඳියාවක් සඳහා කටයුතු කිරීමට අපි කමිටුවක් ආරම්භ කළා. බුද්ධාගමේ පාර්ශව හතරේ අනු නා හිමිවරුන් අගරදගුරුතුමන්ලා මවුලවිවරුන් සහ හින්දු ආගමික නායකයන් ඇතුළු සමාජ නායකයන් රැුසක් එම කමිටුව නියෝජනය කරනු ලබනවා. එම කමිටුව දීර්ඝ ලෙස සාකච්ඡුා කිරීමෙන් පසුව ආගමික සංහිඳියාවක් ගොඩ නැගීම යන තේමාව යටතේ මේ ලියැවිල්ල සකස් කළා.
අද එජාප නායක මණ්ඩලය සහ විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ අප හමුවූයේ මේ වැඩ පිලිවෙල සම්බන්ධයෙන් ඔහු දැනුවත් කරන්නයි. අපගේ ඉල්ලීමට අනුව ඉක්මනින්ම වේලාවක් දී හමුවී සාකච්ඡුා කිරීම ගැන ස්තූති වන්ත වෙනවා. පළමුවෙන්ම මේ ගැන දැනුවත් කරන්න අප වේලාවක් ඉල්ලා සිටියේ ජනාධිපතිවරයාගෙන් නමුත් තවම පිලිතුරක් හෝ නෑ. නමුත් දැනට ඇමැතිවරුන් කිහිප දෙනෙක් අප මුණගැසීම සඳහා අපට වේලාවන් දී තිබෙනවා’’ යි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග හිටපු ජනාධිපතිවරිය පැවසුවාය.
මෙහිදී රනිල් වික‍්‍රමසිංහ විපක්ෂ නායක වරයා මාධ්‍යයට අදහස් දක්වමින් ‘‘ අප මේ අවස්ථාවේදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡුා කෙළේ ආගමික සංහිඳියාව ගොඩ නැගීම සහ ඊට අදාල ප‍්‍රශ්න පමණයි. දේශපාලන ප‍්‍රශ්න ගැන තබා පළාත් සභා මැතිවරණය ගැනවත් සාකච්ඡුා කෙළේ නෑ.
පසුගිය කාලයේ ක‍්‍රිස්තියානි මුස්ලිම් හින්දු ආගමික සිද්ධස්ථාන වලට එල්ල වූ ප‍්‍රහාර ගැනත් ඒ ආගමික නායකයන් මුහුණ දී තිබෙන ප‍්‍රශ්න සහ මේ සිද්ධීන් සම්බන්ධයෙන් රටේ නීතිය ක‍්‍රියාත්මක නොවීම ගැනත් අප දීර්ඝ ලෙස සාකච්ඡුා කළා. එමෙන්ම බහුතරයට අයත් වන බුද්ධාගමේ මහා සංඝ රත්නයට මුහුණ දීමට සිදුව තිබෙන ප‍්‍රශ්න පිලිබඳවත් අවධානය යොමු කළ යුතු බව සප‍්‍රි ආයතනයට යෝජනා කළා.
මහා නායක හිමිවරුන් සහ සංඝ කාරක සභා අඩපණ කිරීමේ වැඩ පිලිවෙලක් ක‍්‍රියාත්මක වෙනවා. මහනායක හිමිවරුන්ගේ සහ කාරක සංඝ සභා වල ආධිපත්‍යය බිඳ වැටුනොත් විශාල ප‍්‍රශ්නයක් මතුවෙනවා. සාමාන්‍යයෙන් මෙතෙක් රාජ්‍ය අනුග‍්‍රහය ලබා දුන්නේ මහ නා හිමි වරුන් සහ කාරක සංඝ සභා කරුණු සාකච්ඡුා කර සියල්ල අනුමත කර ගැනීමටයි. නමුත් ඒ සම්ප‍්‍රදායෙන් තොරව කටයුතු සිදුවනවා. එවිට සිදුවන්නේ නායක හිමිවරුන්ගේ සහ කාරක සංඝ සභාවල බලය අඩුවීමයි. මේ උත්සාහ කරන්නේ මහා සංඝ රත්නය මත් කුඩු, කැසිනෝ සහ එතනෝල් ආදියට විරුද්ධ වීම වැළැක්වීමටයි.’’ විපක්ෂ නායක වරයා වැඩි දුරටත් පැවසීය.
සාකච්ඡුාව නිමා වී යන්නට හැ¥ හිටපු ජනාධිපතිවරියගෙන් මාධ්‍යවේදියෙක් විමසා සිටියේ ජිනීවා සමුළුව සම්බන්ධයෙන් ඇයගේ මතයයි. එහිදී පිලිතුරු දුන් ඇය ‘‘ලංකාව බේරා ගන්න උදව් කරන්න නම් ලංකාණ්ඩුව සහ ලංකාවේ ජනතාව හරියාකාරව ලෝකය පිලිගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිර්නායක අනුව කටයුතු කරන්න ඉගෙන ගන්න  ඕනේ. එතකොට ලංකාව බේරෙයි.’’ යනුවෙන් ඍජුව පැවසුවාය.
මෙම සාකච්ඡුාවට තිස්ස අත්තනායක, මංගල සමරවීර, රවි කරුණානායක, රුවන් විජේවර්ධන එජාප නායකයන්ද, සප‍්‍රි ආයතනයේ විධායක අධ්‍යක්ෂ සී.ඞී. කාසිචෙට්ටිද සහභාගී වූහ.