You are here:: News Center Interviews අපි ආවේ සැබෑ වෙනසක්‌ කරන්නයි-මුදල් ඇමැති රවී කරුණානායක
 
 

අපි ආවේ සැබෑ වෙනසක්‌ කරන්නයි-මුදල් ඇමැති රවී කරුණානායක

AddThis Social Bookmark Button

1111RAVI newමුදල් ඇමැති රවී කරුණානායක මහතා පෙරේදා (20 දා) මුදල් අමාත්‍යාංශයේ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පළ කළ අදහස්‌ හා එහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න කිහිපයකට ලැබුණු පිළිතුරු පහතින් සටහන් වේ.ජනාධිපති සහ අගමැති දෙපළ මාව බොහොම විශ්වාසයකින් පත් කළේ මෙතන දූෂණය අඩු කරන්න නොවෙයි, සම්පූර්ණයෙන් නැත්තට නැති කරන්නයි. අපි බොහොම විවෘත පාලනයක්‌ ගෙනියන්නේ. අපට උදව් කරන්න කියල සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. නාස්‌තිකාර වියදම්වලට එරෙහිව තමයි අපි සටන් කළේ. අපි මෙතනට ආවේ සැබෑ වෙනසක්‌ කරන්නයි. රාජ්‍ය ආයතනවලට අනවශ්‍ය වියදම් කරන්න අප අනුමත කර නැහැ. එම වියදම් අනුමත කරපු අය ඒවා තම පෞද්ගලික මුදලින් ගෙවිය යුතු බව මම ලේකම්තුමාව දැනුවත් කරලා තියෙනවා. මේවා අපරාධ වියදම්, ජනතාවගේ බදු සල්ලි.



මීට දින දෙකකට කලින් ප්‍රකාශයක්‌ කරල තිබුණ පරිදි රජයට ලැබුණු මුදල් ප්‍රමාණයක්‌ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් වෙත එවල තියෙනව. ඒකට දැං ඉන්න ආරක්‍ෂක ලේකම් කියල තිබුණා, මේක නිවැරදි ප්‍රකාශයක්‌ නොවෙයි කියලා. ඉතිං මම මේ අවස්‌ථාවේ අහනව, එතුමාට මෙතනට එන්න කියල. මොකෝ ජනාධිපතිත්, අගමැතිත් කතා කළා. ඒ කාලේ රඟපෑම නොවෙයි දැන් තියෙන්න අවශ්‍ය වන්නේ. වැරදි කරල තියෙනවනම් ඒක තමයි නිවැරදි කරන්න අවශ්‍ය වෙන්නේ. මුදල් අමාත්‍යාංශයේ තියෙන සල්ලි වෙනිං තැනකට එවන්න බැහැ. මෙන්න මේක තමයි අපි පෙන්නුවේ. අපි කවුරුත් කිව්වේ නෑ මේක ගෝඨාභය රාජපක්‍ෂගේ පෞද්ගලික සල්ලි කියල. අපි කිව්වෙ එය එම අමාත්‍යාංශයට වෙන් කරල තියෙනව කියල. මුදල් අමාත්‍යාංශයට සල්ලි නෑ. නමුත් මේ වගේ රු. කෝටි 2000 ක්‌ වෙනිං තැනක තියෙනව. ආයතන දෙකකින් රජයට එවපු සල්ලි ටික තමයි කෙළින්ම එතනට එවල තියෙන්නේ. අන්න ඒක තමයි අපි හෙළිදරව් කළේ. මෙතන කරපු වැරැද්ද තමයි අපි පෙන්නුවේ. ඒ විතරක්‌ නොවෙයි, මේකේ ඇස්‌තමේන්තුවක්‌ තියෙනවද, ටෙන්ඩර් එකක්‌ තියෙනවද කෝටි 200 ක්‌ වියදම් කරන්න. මෙන්න මේකයි අපි හෙළිදරව් කළේ. ඒ නිසා කරුණාකර මේ අනුකම්පා සහිත ප්‍රකාශ කරන්න අවශ්‍යතාවක්‌ නැහැ. අපි මෙතන හෙළිදරව් කරන්නේ ඒ කරපු දේවල් පමණයි. අද (20) පාර්ලිමේන්තුවේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා මොහොම ඕනකමින් සද්ද කළා මෙතන අපි වැරැද්දක්‌ කළා කියල. අපි එහෙම කරන දේශපාලනඥයො නොවෙයි. අපි මීට වඩා හුඟාක්‌ හෙළිදරව් කරන්නම්.

මේ වැය කරන්නෙ පුද්ගලික මුදල් ප්‍රමාණයක්‌ නොවෙයි. ඒ නිසා වැරදි වෙලා තියෙනවනම් නිහතමානීව පිළිගන්න, ඒ වැරදි වෙලා තියෙනව කියල. අද පරිපාලනය වෙනස්‌ වෙලා තියෙන්නේ. පෞද්ගලික පවුල් වාදයක්‌ නොවෙයි මෙතන තියෙන්නේ. බොහොම විවෘතව, ජනතාව වෙනුවෙන් විශ්වාසයෙන් කටයු= කරන්නයි අපි මෙතනට ඇවිත් තියෙන්නේ. ඒකට මාධ්‍යයේ සහාය අවශ්‍යයි. මම කලින් කිව්ව වගේ දූෂණය අඩු කරන්න නොවෙයි, එය නැත්තටම නැති කරන්න තමයි අපි ගමන් කරන්නේ.

ප්‍රශ්නය - අලුත් ආරක්‍ෂක ලේකම්වරයා කියල තිබුණා නේද ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රකාශය නිවැරදියි, ඒ සම්බන්ධයෙන් ගැටළුවක්‌ නැහැ කියල. ඒ අනුව ඔබතුමාගේ ප්‍රකාශය වැරදි වෙනවා නේද?

පිළිතුර - එතුමා මම හිතන්නෙ නොදන්නව වෙන්න ඇති ARල FR (පරිපාලන සහ මුදල් රෙගුලාසි) කියන්නෙ මොනවද කියල. හේතුව මුදල් අමාත්‍යාංශයෙන් අවශ්‍ය වෙලාවට මුදල් දීමයි කරන්නේ. එදා තිබුණ අත්තනෝමතික ක්‍රියා නිසා, ඒක පුද්ගල රඟපෑම නිසා තමයි ඕක වුණේ. මේ වගේ රු. කෝටි 2000 ක්‌ කෙතරම් අවශ්‍ය ද මුදල් අමාත්‍යාංශයට. වැරැද්ද නිවැරැදි වෙන්නෙ නැහැ ඒක කිව්වායි කියල. ඒ කරපු ක්‍රියාව වැරදියි. දැං බැරි වෙලාවත් රු. 25,000 ක්‌ තිබුණා නම් අහිංසක ලිපිකරුවෙක්‌ ගාව එයාව හිරගෙදරට ගන්නවා.

ප්‍රශ්නය - මේ ගිණුම් සම්බන්ධයෙන් තියෙන සාක්‍ෂි මොනවාද?

පිළිතුර - ලංකා බැංකුවේ ටැබ්‍රොබේන් ශාඛාවේ ගිණුම් අංකය 125.

ප්‍රශ්නය - ඇමැතිතුමා, එතකොට මුදල් අමාත්‍යාංශයේ තිබිය යුතු මුදලක්‌ තමයි, මේ ගිණුමෙ තැන්පත් වෙන්නේ. හොරකම් සම්බන්ධයෙන් කතා බහවෙන වාතාවරණයක තමයි මේක ඉදිරිපත් වෙන්නෙ. නමුත් විපක්‍ෂයෙන් චෝදනා ඉදිරිපත් කළා හොරකම් කරල කියල බොරුවක්‌ ඉදිරිපත් කර තිබෙනවා කියලා?

පිළිතුර - ඒවා අපි ලිතව මින් පසු පෙන්වන්නම්. රු. 100 වියදම් කොහොමද රු. 10,000 ට වියදම් කරල තියෙන්නේ කියල.

ප්‍රශ්නය - ජනවාරි 29 දින අතුරු අයවැයෙන් ලබාදෙන සහන ගැන යමක්‌ ප්‍රකාශ කරන්න පුළුවන්ද?

පිළිතුර - මහජනතාවට හෝ මහාභාණ්‌ඩාගාරයට කිසිදු බරක්‌ නොමැතිව අපි ප්‍රකාශ කළ සහන ඒ අයුරින්ම ලබා දෙනවා. මෙහිදී පාරිභෝගික භාණ්‌ඩ 10 කට වැඩි ප්‍රමාණයකට අපි සහන ලබා දෙනවා.