You are here:: News Center Interviews ආණ්‌ඩුවට චෝදනා කිරීම හැරවෙන දෙයක්‌ ජවිපෙට නෑ විශ්වාසභංගය ගෙනාවේමට නොව රජයටයි මුදල් ඇමැති රවී කරුණානායක
 
 

ආණ්‌ඩුවට චෝදනා කිරීම හැරවෙන දෙයක්‌ ජවිපෙට නෑ විශ්වාසභංගය ගෙනාවේමට නොව රජයටයි මුදල් ඇමැති රවී කරුණානායක

AddThis Social Bookmark Button

1111111111111111111111RKkආණ්‌ඩුවට චෝදනා කිරීම හැර වෙන දෙයක්‌ ජනතා විමුක්‌ති පෙරමුණට කළ නොහැකි බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා සිරිකොතදී ඊයේ (07 දා) පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ රවී කරුණානායක මහතා මෙසේද කියා සිsටියේය.

අපේ පක්‍ෂයේ සමාජික ප්‍රවර්ධන කටයුතු ලබන 23 වෙනි දින 10.30 ට සිරිකොතින් ආරම්භ කෙරෙනවා. අපි බිම්මට්‌ටමටම ගොස්‌ සාමාජික ප්‍රවර්ධනය කර ගැනීමට අරමුණු කරගෙන තිබෙනවා.

ඒ වගේම අපේ රජයේ සංවර්ධන කටයුතු දැන් ආරම්භ කර තිබෙනවා. රාජගිරියෙන් පොල්ගහවෙලින් වගේම නුවර අධිවේගී මාර්ගය ඉදිකරන්න අප කටයුතු යොදලා තිබෙනවා.

තව සති දෙකක්‌ පමණ ගත වන විට අගමැතිතුමා, සහ ජනාධිපතිතුමා කියාවි අපේ රටේ ඉදිරි වසර හතර සඳහා සැලැස්‌ම මොකක්‌ද කියලා. මෙ රජය ප්‍රධාන පක්‍ෂ දෙකෙන්ම සමන්විත නිසා ලෝකයා අප දෙස ඉතා සුබවාදීව බලනවා.

ඒ නිසා මීට පෙර ආධෘර නොදුන් රටවල් අද අපට ආධාර දීමට උදව් කිරීමට ඉදිරියට ඇවිත් තිබෙනවා.

හොඳම උදාහරණය තමයි ජපානය, ඊටත් පෙර චීනය ඒ වගේම යුරෝපා හවුල, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට ගිය සතියේ ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක්‌ ලැබුණා.

ඒ තුළින් රුපියල ශක්‌තිමත් වෙනවා අපි දකිනවා මූල්‍ය විනයක්‌ අනුව රටේ ඉදිරි වැඩකටයුතු කරගෙන යන්න අපි අරමුණු කරගෙන සිටිනවා.

ඒ අතරේ නොයෙක්‌ නොයෙක්‌ බාධා පැමිණෙනවා.

නමුත් අපි මාධ්‍යයෙන් ඉල්ලා සිටින්නේ අලුත් ශ්‍රී ලංකාවක්‌ හදන්න අපිත් එක්‌ක එකතු වෙන්න කියලා. සත්‍ය ප්‍රකාශ කිරීම තමයි වැදගත් අසත්‍ය ප්‍රකාශ මඟින් මාධ්‍යය තුළ අසමබරතාවයක්‌ සිදුවෙනවා කියලා අපි දකිනවා.

රටේ සංවර්ධනය ගැනත් රටේ කටයුතු කඩාකප්පල් කිරීමටත් එකම මට්‌ටමකට යන්න එපා. සිංගප්පුරුව වැනි රටවල් දියුණු වුනේ ඒ රජයන්ට මාධ්‍යයෙන් සහයෝගය ලැබුණු නිසායි.

අපට ජවිපේ මේ වනවිට චෝදනා රැසක්‌ ඉදිරිපත් කර තිබෙනවා. ඒ අයගෙන් ඊට වඩා දෙයක්‌ අපට අසන්න ලැබෙන්නේ නෑ, ඒ අය පුපුරවපු ට්‍රාන්ස්‌ ෙµdaමර්, වී ගබඩා අපි දැන් හදාගෙන යනවා. ඒ අය නොයෙක්‌ දේවල් කියනවා. කිසිම වටිනාකමක්‌ නැති සමහරු මහපාරේ යනකොට ඒ අය ලයිට්‌ කණුවල යනවා. නමුත් අපි රට නිවැරදි දෙසට ගෙන යනවිට ඊට සියලු දෙනාගේම සහාය අවශ්‍යයි කියලා අපි මතක්‌ කරනවා.

අපේ රටේ බදු පනවා තිබෙන්නේ අපට භාරදුන් ණය බරතාවය පියවා ගැනීමටයි. දැන් අපි එය යථා තත්ත්වයට පත් කර ගෙන යනවා. රටේ ආර්ථිකය ශක්‌තිමත් කොට වැඩිකල් යන්නට පෙර අපි මේ බදු ප්‍රතිපත්තිය ලිහිල් කරනවා.

සමස්‌ත ආර්ථිකය ඒකාබදධ කිරීමට කෙටි කාලීන වැඩ පිළිවෙළක්‌ සිදු කරගෙන යනවා. ඒ ගැන අපි ඔබව නිරන්තරයෙන්ම දැනුවත් කරනවා.

මෙහිදී මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න සහ මුදල් ඇමැතිවරයා ඒවාට ලබාදුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය - ඔබට මේ වනවිට විශ්වාසභංග යෝජනාවක්‌ ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ ඇයි කියලාද ඔබ හිතන්නේ.

පිළිතුරු - ඔව් ඔබ ඒ අයගෙන් ඒ ගැන විමසිය යුතුයි. එයින් වග උත්තරකාර කර තිබෙන්නේ මාවයි. ඊට ලැබෙන ප්‍රතිඵලය අද (08 දා) බලා ගන්න පුළුවන් වේවි. අපි මීට රජයක්‌ ලෙස ඉතාම එකමුතුභාවයෙන් මුහුණ දෙනවා. රජයේ සියලුම මන්ත්‍රීවරුන් අගමැති සහ ජනපති හමු වූවා. අපි ඒකමතිකව එහිදී තීරණය කළා එය රවීට නොවෙයි ගෙනාවේ, රජයට ගෙනාවේ. කුමන්ත්‍රණකාරි, පොඩි කල්ලියක්‌ විසින් තමයි මෙය ගෙනැවිත් තිබෙන්නේ.

ප්‍රශ්නය - ජවිපෙත් මෙයට සහයෝගය දක්‌වනවා.

පිළිතුර - ජවිපෙ ආණ්‌ඩුවේ නොවෙයිනේ ඒ අයගේ ස්‌වරූපය අපි දන්නවා.

ප්‍රශ්නය - හර්ෂද සිල්වා නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටියා තුනෙන් දෙකකින් මෙය පරාජය කරනවා කියලා.

පිළිතුරු - ඔව් අපිට ඊටත් වඩා ගන්න පිළිවන් වේවි. බලමුකෝ ඒ අයට ඡන්ද කීයක්‌ ගන්න පිළුවන් වෙයිද කියලා. ඒකට තමයි අපි අභියෝග කරන්නේ.

ප්‍රශ්නය - ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දුන් ණය පිළිබඳ කොන්දේසි ප්‍රසිද්ධ නොකරන ලෙස රජය දැනුම් දුන් බව වෙබ් අඩවියක සඳහන් වෙනවා.

පිළිතුර - එහෙම දෙයක්‌ නැහැ. ඔය නිකං ඉන්න හාදයෝනේ ඕවා වෙබ් අඩවිවල දාන්නේ. පත්තර වල දාන්න බැරි නම් වෙබ් අඩවියේ දානවා. වෙබ් එකේ ගියහම ඒක අරගෙන පත්තරේ දානවා. මේක මාර මාධ්‍ය කලාවක්‌නේ.

ප්‍රශ්නය - මිනිස්‌ සිරුරට හානිකරන µdම් ඔයිල් විශාල වශයෙන් ගෙන්වනවා. එයට ප්‍රමිතියක්‌ ඇති කරන්නේ නැද්ද?

පිළිතුර - ඒ සඳහා අපි වැඩි වශයෙන් බදු අයකොට ලංකාවට µdම් ඔයිල් ගෙන්වීම අධෛර්ය කර තිබෙනවා.

ප්‍රශ්නය - වාහන යම් ප්‍රමාණයක්‌ රේගුවේ හිරවී තිබෙනවා කියා ආරංචියක්‌ තිබෙනවා.

පිළිතුර - නෑ අපි ඒවාට බදු අය කරගෙන නිදහස්‌ කරනවා. බී. එම්. ඩබ්ලිව්, මොන්ටෙරෝ වැනි සුඛෝපභෝගී වාහන සඳහා විශාල බදු අයකරගෙන අපි ඒවා වරායෙන් පිට කරනවා.

ප්‍රශ්නය - මහ බැංකු අධිපතිවරයා ඉවත් කිරීමට රජය බලාපොරොත්තු වෙනවාද?

පිළිතුර - එය මගේ අමාත්‍යාංශය යටතේ නොවෙයි තිබෙන්නේ. අගමැති සහ ජනාධිපති යටතේ තිබෙන දෙයක්‌ එය.

ප්‍රශ්නය - වසර හතරක්‌ සඳහා සංවර්ධන සැලසුමක්‌ ඉදිරිපත් කරනවා කියා ඔබ ප්‍රකාශ කළා එහි තිබෙන්නේ මොනවාද?

පිළිතුර - එහි අපේ සංවර්ධන සැලසුම්, ප්‍රාග්ධන වියදම් සහ ආර්ථික සැලැස්‌මක්‌ තුළින් ලංකාව ලෝකෙට විවර කරන ආකාරය එමඟින් සඳහන් කෙරෙනවා. එය තව සති දෙකකින් පමණ ඉදිරිපත් කෙරේවි.

ප්‍රශ්නය - පසුගිය මැතිවරණයට පෙර ඔබලා කිව්වේ වොක්‌ස්‌වගන් සමාගම අපේ රටේ කටයුතු ආරම්භ කරනවා කියලා.

පිළිතුර - අගෝස්‌තු මාසයේ වැඩ පටන් ගන්නවා. අපි කිව්වොත් ඒ දේ කරනවා.

ප්‍රශ්නය - විශ්වාසභංගයට දෙමළ ජාතික සංධානයේ ප්‍රතිචාර කොහොමද?

පිළිතුර - අපි ඒ කතා කරපු දේවල් හෙළිකරන එක හොඳ නෑ නේද එය අද (08 දා) බලා ගත හැකියි.