You are here:: News Center Interviews ඝාතන සංස්කෘතිය නතර කිරිමටනම් අධිකරණ,පොලිසිය,හමුදාව ස්වාධින විය යුතුයි-රවී කරුණානායක-මේ අය-වැය කලාවට බොරු කිමක්
 
 

ඝාතන සංස්කෘතිය නතර කිරිමටනම් අධිකරණ,පොලිසිය,හමුදාව ස්වාධින විය යුතුයි-රවී කරුණානායක-මේ අය-වැය කලාවට බොරු කිමක්

AddThis Social Bookmark Button

Ravi_-Interviev_front_viewරටතුල ක්‍රියාත්මක වන ඝාතන සංස්කෘතිය අවසන් කිරිමට නම් නිතීය,පොලිසිය සහ හමුදාවට ස්වාධින ලෙස කටයුතු කිරිමට ඉඩ සැලසිය යුතු බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමෙන්තු මන්ත්‍රි රවි කරුනානායක මහතා ලංකාවේ වේබ් අඩවිය සමග පැවැත්වු සම්මුඛ සාකච්ඡාවකදි අවධාරණය කලා.


Way-ආණ්ඩුව කියන විදියට ඉදිරිපත් කිරිමට නියමිත  අය-වැය ජනතාවාදි අය-වැයක්ද?
රවී-නෑ,කොහෙත්ම නෑ,එ වුනාට ආණ්ඩුව කළාවට බොරු කියන්න දන්නවා,මොකද මේ ආණ්ඩුව හැම වෙලාවෙම කිව්වේ කරන හැම වැඩේම ජනතාවාදි කියලායි.එ වුනාට ජනතාවට අද මොනවද ලැබිලා තියෙන්නේ,මේ රටේ ආර්ථිකය ගමන් කරන මාර්ගය වැරදි කියලා අද ජාත්‍යන්තරය පවා ප්‍රකාශ කරලා තියෙනවා.නමුත් අද මොකද වෙන්නේ ජනතාව ගැන හිතලා නෙවේ මේ අය-වැය නිර්මාණය වෙන්නේ මෙක තනිකරම රාජපක්ෂ පවුලේ උවමනාවටයි නිර්මාණය වෙන්නේ එහෙම අය-වැයක් ජනතාවාදි අය-වැයක් වෙයිද?ප්‍රාග්ධන අය-වැයක් ලෙස ඉදිරිපත්වේන මේ රජයේ අය-වැය අවසන් වන්නේ පුනරාවර්තන වියදම් පමණක් ගෙවිමෙන් පසුවයි එ නිසාම මෙ අය-වැය ක්‍රියාත්මක වන අකාරය නිවැරදි නැති බව ජාත්‍යන්තර මුල්‍ය අර්මුදල පවා පිලිගෙන තිබෙනවා. මෙ අය-වැය වෙනුවෙන් ඉදිරිපත් කරලා තියෙන විසර්ජන පනතත් කිසිම මුල්‍ය විනයක් නැති,ජනතාව නොසලකා හරින මේ රජයේ කිහිප දෙනකුගේ උවමනාව මත ගොඩනැගෙන අය-වැයක් බව පැහැදිලිව කියන්න පුලුවන්.

Way-එ කියන්නේ මේ අය-වැයෙන් ජනතා සහන නැද්ද?
රවි- නෑ,කොහෙත්ම නෑ මොකද මේ රජය ජනතාවට සහන දෙන හැටි මෙ රටේ ජනතාව දන්නවා,ඔන නම් රජයේ සේවකයන්ගේ වැ‍ටුප රුපියල් 500ක් හෝ 1000 කින් වැඩි කරයි එ වුනාට එ වගේ තව ක්හිප ගුණයක් ජනතාවට බදු ගහන්න මෙ රජය ක්‍රියා කරනවා එක තමා ඇත්ත තත්ත්වය.සාමාන්‍යයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ක‍්‍රමය වන්නේ එක පැත්තකින් රැපියල් සීයක් දීලා රැපියල් දාහක් පික් පොකට් ගහන එක.ඒ නිසා මේ අය වැයේදීත් ආණ්ඩුව ජනතාවගේ පොකට් එකට ගහන එක ෂුවර්.
Way-ඒ වුණාට මාර්ග සංවර්ධනය තුලින් ජනතාව සංවර්ධනයක් දකිනවා නේද.
රවි- ඒ විදියේ සංවර්ධනයක් ජනතාව අනුමත කරනවා කියලා මම හිතන්නේ නෑ.මොකද පාරවල් දැක්කට ජනතාවගේ බඩ පිරෙන්නේ නෑ.ජනතාවට  ඕන ආදයම් මාර්ග මිනිස්සුන්ගේ පර්ස් එකේ සල්ලි නැත්නම් ආර්ථික ක‍්‍රමය වැඩක් නෑ.මොනවද මේ රජය කලේ.හම්බන්තොට වරායක් හැදුවා.ඒකට නැව් එන්නේ  නෑ.ඒකට යට කරපු සල්ලි මේ රටේ අදායම් උපයන්න පුලූවන් තැනකට යොදවන්න තිබුණා.නමුත් එහෙම නොකිරීමෙන්ම මේ රජයේ ආර්ථික කළමණාකරනය අසාර්ථක එකක් බව ඔප්පු වෙනවා.
Way-පසුගියදා මුල්ලේරියාවේ සිදු වුණ සිද්දිය ඔබ දකිනේ කොහොමද?
රවි- ඉතා පැහැදිලිව මේ ආණ්ඩුව විපක්ෂයට කරන කෙනෙහිලි කම් වල ප‍්‍රතිඵලයක් තමයි පසුගියදා අපට දකින්න පුලූවන් වුනේ.මොකද ජනාධිපති උපදේශක වරයෙකුත් ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශකයෙකුත් මේ විදියට මැර බලය පාවිච්චි කරන කොට ජනතාවට විපක්ෂයට මොනවගේ තත්ත්වයක්ද මේ රටේ තියෙන්නේ.අපි කොළඹ නගර සබාවේ කළේ ඡුන්දයක් නෙවේ යුද්දයක්.මම හිතන්නේ මේ රටේ සියලූම පරිපාලන බලයන් එක තැනකට එක පවුලකට ඒක රාශී වීම තමයි ඒ ප‍්‍රශ්ණයට මුල.ඒ කියන්නේ විධායක බලතල තමන්ට කැමති කිහිප දෙනෙකු අතර බෙදාදීම තමයි එමේ ප‍්‍රශ්ණයෙ මුල.අද භාරත ලක්ෂ්මන්ගේ පවුලේ අය විතරක් නෙමේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ධයන් වන සුසිල්, ෆවුසි ,වාසුදේව වැනි අය පවා මේ කතාව කියනවා.අද මේ රටේ පරිපාලන බලය නිෂ්ක‍්‍රීය කරලා.ඊට පස්සේ ආණ්ඩුව මේවා දිහා බලාගෙන සද්ද නැතුව ඉන්නවා.
Way-ඔබ කියන්නේ ආරක්ෂක බලය සම්පුර්ණයෙන්ම ආරක්ෂක ලේකම් වරයා අතට අරගෙන කියලද?
රවි- ඒක මම කියන්න  ඕන නෑ.ආණ්ඩුවේ නිමල් සිරිපාල, සුසිල් පේ‍්‍රමජයන්ත, විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන යන අයම තමයි මේ කතාව කියන්නේ.අපි මේකට උත්තර දෙන්න  ඕන නෑ.ආණ්ඩුවම උත්තරය දීලා තියෙන්නේ.

Way-ඝාතන සංස්කෘතිය නතර කරන්න පුලූවන්ද?
රවි- ඔව් මම හිතන විදියට මේ රටේ නීතියට අදාළ සමස්ථ වටිනාකමක් තිබෙන උසාවි පොලීසි යුධ හමුදාව සහ සමස්ථ රාජ්‍ය සේවය ඇගිලි ගැසීම් වලින් තොරව නිදහස් හා ස්වාධීන ආයතන බවට පත් කළ යුතුයි.ඒ හරහා මෙම සංස්කෘතිය අවසන් කිරීමේ පළමු පියවර තියන්න පුලූවන්.
Way-හොදයි කොළඹ මහ නගර සභාව ජයග‍්‍රහණය කිරීමේ රහස මොක්ද?
රවි- බොහොම පැහැදිලියි.අපේ පක්ෂයේ නායකත්වය මම ඇතුලූ අපේ මන්ත‍්‍රීවරු සහ අපේ කණඩායම ඉතාමත් එකමුතු භාවයකින් විනයකින් මේ මැතිවරණයට මුහුණ දීම.ඒ විතරක් නොවේ අපේ කවුරුවත් ජනතාව ඉස්සරහ පම්පෝරි ගහන්න ගියේ නැහැ.අපි කණ්ඩායමක් විදියට කැපවෙලා කටයුතු කළා.ඒ විතරක් නොවේ මේ ආණ්ඩුව කියපු බොරුත් අපිට වාසියට හිටියා.රාජ්‍ය මාධ්‍ය මොනතරම් බොරු කිව්වත් කොළඹ නගරයේ ජනතාව බය නැතුව තීන්දුවක් ගත්තා.මම ඒ ජනතාවට මගේ ආචාරය පුද කරන්න කැමතියි.
Way-කොළඹ ජයග‍්‍රහණය ආණ්ඩුවට රතු එලියක්ද?
රවි-ඇත්තෙන්ම ඔව්?ආණ්ඩුව දන්නවා කොළඹ පරදින එක ආණ්ඩුවේ අවසානය බව.මේ එකමුතු බව දිගටම පවත්වා ගෙන ගිහින් මුලූ රටේම එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවක් බිහි කරන්න අපි කටයුතු කරනවා.