You are here:: News Center Interviews ජිනීවා පෙන්වා ආණ්‌ඩුව ජනතාව අන්දනවා -කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රි සහ එජාපයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ලේකම් රවී කරුණානායක
 
 

ජිනීවා පෙන්වා ආණ්‌ඩුව ජනතාව අන්දනවා -කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රි සහ එජාපයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ලේකම් රවී කරුණානායක

AddThis Social Bookmark Button
Ravi_Karunanayake_Black_and_white_imageස්‌විස්‌ටර්ලන්තයේ ජිනීවා නුවරදී මෙවර පැවැත්වෙන මානව හිමිකම් සැසිවාරයේදී ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව නැගෙන හඬ පවතින්නේ ප්‍රබල තත්ත්වයකය. ඇමරිකාව ඇතුළු අධිරාජ්‍යවාදී රාජ්‍යයන් රැසක්‌ මෙහිදී ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා ඉදිරිපත් කිරීමටද සූදානම්ව සිටිති.

මෙකී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා රජයේ පාර්ශ්වයෙන්ද ඊට මුහුණ දීම සඳහා මේ වන විට සංවිධානාත්මකව කර ඇති කටයුතු රාශියක්‌ද වේ. වත්මන් රජයට එරෙහිව එසේ ජාත්‍යන්තර හඬක්‌ නැගෙමින් තිබියදී ඉකුත් දිනවල ඉන්ධන මිල ඉහළ දැමීමට රජය ගනු ලැබූ තීරණයත් සමග රට තුළද රාජ්‍ය විරෝධී රැල්ලක්‌ මතු වෙමින් තිබිණි.

එය දැනුද සක්‍රීයව තිබෙන්නක්‌ වන අතර එහිදී රජයට එරෙහි උද්ඝෝෂණ ව්‍යාපාර රැසක්‌ දියත් කිරීමටද ජනතාව කටයුතු කරනු ලැබූහ.

මේ සිදුවෙමින් තිබෙන්නේ කුමක්‌ද? ජාත්‍යන්තරවත් දේශීයවත් රජයට එරෙහිව මෙසේ හඬක්‌ මතුවීමට කුමක්‌ හේතු වී තිබේද? එසේ නැගෙනුයේ සාධාරණ හඬක්‌ද?

මෙරට ප්‍රධානම විපක්‍ෂය වන එක්‌සත් ජාතික පක්‍ෂය මේ සම්බන්ධයෙන් දරණ ස්‌ථාවරය කුමක්‌ විය හැකිද?

ඒ පිළිබඳ කරුණු දැන ගැනීම සඳහා අපි ඉකුත් දිනෙක එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රබල චරිතයක්‌ වන කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රි සහ එජාපයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ලේකම් රවී කරුණානායක මහතා සමග කතාබහක යෙදුනෙමු.

එහිදී අප ඉදිරිපත් කළ ප්‍රශ්වලට රවී කරුණානායක මහතා සිය අදහස්‌ ප්‍රකාශ කර සිටියේ මෙලෙසිනි.

ශ්‍රීලංකාවට එරෙහිව මෙවර ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සල සැසිවාරයේදී ප්‍රබල ලෙස ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්‌ දියත්ව තිබෙනවා. මේ පිළිබඳ එක්‌සත් ජාතික පක්‍ෂයේ ස්‌ථාවරය කුමක්‌ද?

අප මේ තත්ත්වය මුලින් පැහැදිලිවම දැක්‌කා. එහිදී අප රජයට යෝජනා කළා ප්‍රධාන විපක්‍ෂය ලෙස එක්‌සත් ජාතික පක්‍ෂයත් සම්බන්ධ කරගෙන කටයුතු කරන්න කියලා. අපි එදා රජයෙන් ප්‍රශ්න කළා ඇයි එජාපය සමග මේ පිළිබඳ කතා නොකරන්නේ කියලා. විපක්‍ෂය ලෙස සද්භාවයෙන් අපි එසේ රජය සමග කතා කළේ 2009 විතර.

ඒත් එදා රජය අපිට කිව්වේ ඒ සඳහා විපක්‍ෂයේ සහාය අවශ්‍ය නොවන බවයි. ඉතින් අපි නිහඬ වුණා. අප රට ආරක්‍ෂා කරනවාය කියන ස්‌ථාවරයේ සිටිමින් නිහඬවම හිටියා. රටට එරෙහි කිසිවක්‌ කළේ නැහැ. අපි රට රැක්‌කා.

එදා අපව ඒ විදිහට ප්‍රතික්‍ෂෙප කරමින් පැහැදිලිවම රජය කළේ ජාත්‍යන්තර මතය තුට්‌ටු දෙකට ගණන් ගන්න එකයි. රජයේ එකී ක්‍රියාදාමයේ ප්‍රතිඵල තමයි අද ජිනීවාවලදී ලැබෙමින් තිබෙන්නේ.

ජිනීවාහි මතු වී තිබෙන ශ්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර කුමන්ත්‍රණයට එරෙහිව මේ වන විට රට පුරා උද්ඝෝෂණ වැඩපිළිවෙලක්‌ ක්‍රියාත්මක වී තිබෙනවා. ජනතාව වීදි බැස සිටිනවා. ඒත් ඒ සඳහා එක්‌සත් ජාතික පක්‍ෂයේ සහභාගිත්වයක්‌ පෙනෙන්නට නැහැ. මෙය රටේ ප්‍රශ්නයක්‌ බව පෙනි පෙනීත් එජාපය ඇයි එයින් මගහැර සිටින්නේ.

ඔය උද්ඝෝෂණ වැඩපිළිවෙළ තුළ තිබෙන්නේ රජය ජනතාවට කරන අමූලික බොරුවක්‌. මේක ශ්‍රී ලංකාවේ ගෙරවීමක්‌ පමණක්‌ විදිහට හැඳින්වුවොත් නිවැරදියි. එදා කට්‌ටිය මාරාන්තික කියාගෙන උපවාස කළා. වීදි බැස්‌සා. ඒත් බෑන්කි මූන්ගේ වාර්තාව නවත්තන්න පුළුවන් වුණාද?

මේවා බොරු වැඩ. මෙතනදී කෙරෙන්නේ ජනතාවට ඇති ප්‍රශ්න අමතක කරන්න රජය ගෙනයන කපටි වැඩපිළිවෙළක්‌. තෙල් මිල ඉහළ දැම්මා. විදුලි බිල ඉහළ ගියා. හැම දේකම මිල වැඩිවෙලා.

මෙතනදී නැගෙන ජනතා විරෝධය යටපත් කරගෙන බොරු අනුකම්පාවක්‌ දිනා ගන්නයි රජය මේ සැරසෙන්නේ. ඕකයි ඇත්තම තත්ත්වය.

ඔබ ඔය කියන ආකාරයට ජාත්‍යන්තරයෙන් කිසිම බලපෑමක්‌ ශ්‍රී ලංකාවට එල්ල වී නැද්ද? එසේ නම් ජිනීවාවල ඇතිවී තිබෙන තත්ත්වය කුමක්‌ද?

රජය උගත් පාඩම් කොමිසම ක්‍රියාත්මක කළා. එහි නිර්දේශ දැන් ලෝකයට ඉදිරිපත් වී තිබෙනවා. අද ජාත්‍යන්තරය කියන්නේ ඒ නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියලා. ඔවුන් කියන්නේ නිශ්චිතව එය ක්‍රියාත්මක කරන ආකාරය පෙන්නුම් කරන්න කියලා. මෙන්න මේ ටිකයි ජිනීවාවල සිද්ධ වෙන්නේ.

ඉතින් ඇයි අපි මොකටද මෙතනදී ජාත්‍යන්තරයට බොරු කරන්නේ. උගත් පාඩම් කොමිසම ඇති කළේ අපි නම් ඇයි අපිට බැරි එහි නිර්දේශ ක්‍රියාත්මක කරන්න.

කළ යුතු දේ නොකර ජාත්‍යන්තරය එය අපට පෙන්වා දෙන විට ඊට එරෙහිව පාරට බැහැලා උද්ඝෝෂණ කරන්න ගියහම ප්‍රශ්න විසඳෙනවද? එතනදී වෙන්නේ නැති ප්‍රශ්න ඇති වෙන එක.

රජය එක්‌වරම ඉන්ධන මිල වැඩි ප්‍රතිශතයකින් ඉහළ දැමීම පිළිබඳ ජනතාව දැඩි විරෝධතාවක පසුවෙනවා. එහෙත් රජය පවසන්නේ ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල ඉහළ යැම නිසා මෙවන් තීරණයක්‌ ගැනීමට සිදුවූ බවයි. මේ සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්‌ද?

මුලින්ම කියන්න ඕනේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉකුත් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරද්දී ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල තිබුණේ මීටත් වඩා ඉහළ මට්‌ටමක. ඒ වන විට තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොල්ර් 139 යි කියලා ජනාධිපතිතුමා අයවැයේදී කිව්වා. ඒ බොර තෙල්ද පිරිසිදු කරපුවද කියලා අපි දන්නේ නැහැ.

නමුත් දැන් තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 119 දක්‌වා පහළ මට්‌ටමක තිබෙන්නේ. ඉතින් අයවැය ඉදිරිපත් කරන විට ලෝක වෙළෙඳ පොළේ 139 ට තිබුණු තෙල් මිල 119 දක්‌වා පහත වැටී තිබියදී රජය කොහොමද කියන්නේ වත්මන් මිල ඉහළ දැමීමට ලෝක වෙළෙඳ පොළේ මිල බලපෑවා කියලා.

මෙතනදී රජය කරන්න ඕනේ තෙල් මිල අඩුකරන එක. එහෙම තියෙද්දී ඇයි තෙල් මිල ඉහළ දැම්මේ? මේ සිදු කළේ සම්පූර්ණයෙන්ම රජයේ දූෂණය, නාස්‌තිය ජනතාව පිට පටවපු එක.

අද එක්‌සත් ජාතික පක්‍ෂය පවසනවා එජාප රජයක්‌ තිබුණා නම් පෙට්‍රල් රුපියල් 110 ටත් ඩීසල් රුපියල් 99 ත් දෙනවා කියලා. ඒක ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද? කරන්නේ කොහොමද?

පැහැදිලිවම ඒක ප්‍රායෝගිකව කරන්න පුළුවන්. අද සිංගප්පූරුවෙන් පෙට්‍රල් සහ ඩීසල් අඩුවට ගේන්න හැකියාව තිබෙනවා. ඒ පදනමේ ඉඳගෙනයි අපි එහෙම ප්‍රකාශ කළේ.

ඒ වගෙම තමයි බොරතෙල් කෙලින්ම ආනයනය කරලා ලංකාවේදී පිරිපහදු කරන වැඩිපිළිවෙළ කාර්යක්‍ෂම කළොක්‌ ඊටත් වැඩිය අඩුවෙන් ජනතාවට ඉන්ධන ලබා දීමේ හැකියාව තිබෙනවා. එවන් තත්ත්වයක්‌ තිබියදීයි රජය අත්තනෝමතික ලෙස මේ ඉන්ධන මිල ඉහළ දැමීම සිදු කළේ.

රජය කියනවා රුපියලේ මිල උච්චාවචනය වීමත් ඉන්ධන මිල ඉහළ දැමීමේ තීරණයට Rජුවම බලපෑව කියලා. ඉතින් එවැනි තත්ත්වයක්‌ පවතිද්දී එක්‌සත් ජාතික පක්‍ෂය දකින ලෙස කටයුතු කිරීමේ හැකියාව තිබෙනවද?

ආණ්‌ඩුව ලෝක ආර්ථිකයේ වන වෙනස්‌ කම් පිළිබඳ මුලින් අවධානය යොමු කළේ නැහැ. එක්‌කෝ නොදන්නා කමට, නැතිනම් උවමනාවෙන්ම එය මගහැරියා. ජනාධිපතිතුමා අයවැය ඉදිරිපත් කරනකම්ම රජය රුපියල රැක්‌කා. දැන් රුපියල පාකරලා. ඔන්න ඕකයි මෙතනදී වෙලා තිබෙන්නේ.

අද ඛනිජ තෙල් සංස්‌ථාවේ අලාභය රුපියල් බිලියන 57 ක්‌. එහෙමත් නැතිනම් රුපියල් කෝටි 5400 ක්‌. අනෙකුත් බොහෝ රාජ්‍ය ආයතනවල තත්ත්වයත් ඕකමයි. මේ පාඩු ලැබීම් තුළ තනිකරම තිබෙන්නේ දූෂණය හා නාස්‌තිය. මේවා පියවා ගන්නයි රජය මේ විදිහට වැඩ කරන්නේ.

ඔබ කියනවා රජයේ දූෂණය නාස්‌තිය නිසා පාඩු ලබන ආයතන රැසක්‌ තිබෙනවා කියලා. මොනවද ඒ ආයතන. එකී ආයතන එවන් තත්ත්වයකට පත්වෙලා තිබෙන්නේ වත්මන් රජයේ වැඩකටයුතු නිසාම පමණක්‌ද?

එක්‌සත් ජාතික පක්‍ෂ රජයන් කාලේ අපි කළේ ව්‍යාපාර ලෝකය ආරක්‍ෂා කරන එක. අපි හැම තීන්දු තීරණයක්‌ම ගත්තේ එතැන ඉඳගෙන. ඒත් අද බලන්න. සෙවනගල සමාගමට මොකක්‌ද කළේ.

මේ වෙනකොට ලංකා බැංකුවයි, මහජන බැංකුවයි ඇරෙන්න රජයේ ලාබ ලබන ආයතන කිසිවක්‌ නැහැ. ශ්‍රී ලංකන් ආයතනයේ පාඩුව කෝටි 1900 යි කියලා මම පාර්ලිමේන්තුවේදී කියනකොට ඒකේ සභාපතිම කියනවා නැහැ ඒක වැරදියි පාඩුව කෝටි 2800 ක්‌ කියලා.

ගෙවී ගිය අවුරුදු තුනහාමාරට මිහින් ලංකා පාඩුව රුපියල් මිලියන 13800 ක්‌ වෙනවා. වරාය, මහාමාර්ග අධිකාරිය, ගුවන්තොටුපළ, ආයෝජන මණ්‌ඩලය, දුම්රිය, ලංගම ආදී විවිධ ආයතන රැසක තිබෙන තත්ත්වය ඕකමයි.

අද මේ රජය වැඩ කරන්නේ ජනතාවට නෙමේ. සුපිරි පැළැන්තියේ අවශ්‍යතාවන්ට විතරයි. පහුගිය දවස්‌වල හැරී ජයවර්ධන මහත්තයා තෙල් සංස්‌ථා සභාපතිකමින් අයින් වුණේ ඒකේ තියෙන කඩා වැටීම නිසයි.

එදා චන්ද්‍රිකා කාලේ අපි රජය ගන්නකොට ආර්ථිකය තිබුණේ 1.5 Rණ අගයක. අපි ඒක යළිත් වර්ධනීය අගයකට ගෙනාවා. ආර්ථකය මාස හයෙන් හැදුවා. එදා යුද්දේ තියෙද්දී ආයෝජකයෝ ගෙනාවා.

එක්‌සත් ජාතික පක්‍ෂය හැමදාම හිටියේ කියන දේ කරන තැන. ඒත් දැන් රටේ වෙන්නේ මොනවද? එකක්‌ කියන්න ඕනේ අද ආණ්‌ඩුව කරන ජනතා විරෝධී ගනුදෙනු ඉදිරියේදී එක්‌සත් ජාතික පක්‍ෂ රජයක්‌ යටතේ පනත් තුළින්ම අපි නතර කරනවා. ඒක අවධාරණයෙන් කියන්න ඕන කාරණයක්‌.

ඔබ ඔය කියන කාරණා කරන කාලේ පැහැදිලිවම සිදුවුණේ රටේ ණය බර ඉහළ යැම නොවෙයිද? ඔබ කිව්වට යුද්දෙත් කරන අතරේ ආර්ථිකය වර්ධනය කළා කියලා ඒ දවස්‌වල එක්‌සත් ජාතික පක්‍ෂයේ ක්‍රියා ආර්ථික පිළිවෙත් නිසා ණය බර ඉහළ ගියේ නැද්ද?

1948 සුද්දගේ කාලේ ඉඳන් 2004 වෙනකොට මේ රටේ ණය බර තිබුණේ රුපියල් කෝටි එක්‌ලක්‍ෂ හැත්තහතරදහස්‌ අටසියයක්‌. ඒත් අද ඒක තියෙන්නේ කොතනද? අද රටේ ණය බර රුපියල් කෝටි පන්ලක්‍ෂ විසිදෙදහස්‌ තුන්සියය දක්‌වා ඉහළ ගිහින්.

ඉතින් ඒ ඉහළ යැමට වගකිව යුත්තේ වත්මන් රජය විතරද? එක්‌සත් ජාතික පක්‍ෂයත් 84 න් පස්‌සේ මේ රට කළා. ඇයි එජාපයට එහි වගකීමක්‌ නැද්ද?

මෙහෙමයි. ඡේ. ආර් ජයවර්ධන මහත්තයාගේ කාලේ ඉඳන් එක්‌සත් ජාතික පක්‍ෂයත් ණය ආධාර ගත්තා. ඒත් එජාපය ඒවා වියදම් කළේ ආයෝජන ව්‍යාපෘතිවලට.

මහවැලිය, කොළඹ වරාය දියුණු කිරීම වගේ ආයෝජන ව්‍යාපෘති රැසක්‌ එක්‌සත් ජාතික පක්‍ෂය ඒ මුදල්වලින් ක්‍රියාත්මක කළා. ඒ ආයෝජන තුළින් ලැබෙන ප්‍රතිලාභ යොදා ණය පියවීමට අපි ක්‍රියා කළා. ජාත්‍යන්තරය අපිට ණය දෙන්නේ ආදායමක්‌ උපදවාගෙන ඒ ණය පියවන්න.

ඒත් අද වෙන්නේ මොනවද? ණය ගන්නවා. පාරවල් හදනවා. වරායවල් හදනවා. නමුත් නැව් නැහැ. කිසිම ආයෝජනයක්‌ නැහැ. වියදම විතරයි. ඉතින් ණය බර දිගින් දිගටම ඉහළ යනවා. එතනදී ආණ්‌ඩුව අද කරන්නේ ජනතාව පිට බර පටවන එක. මේක තමයි අද සිදුවෙමින් තිබෙන්නේ.

මේ රජය ආර්ථික න්‍යායයන් දන්නේ නැහැ. නොදන්න පිරිසක්‌ තමයි අද හැමතැනම ඉන්නේ.

කැබිනට්‌ එකේ බැටි්‍ර බැහැලා. ඇමැතිවරුන්ට කොන්දක්‌ නැහැ. ප්‍රශ්නයකදී ප්‍රකාශයක්‌ කරන්න කෙනෙක්‌ නැහැ. කැබිනට්‌ එකේ යතුර තියෙන්නේ අරලියගහ මන්දිරේ.

දැන් ජනතාවට ලෝක ආර්ථික අර්බුදයක්‌ ගැන කියනවා. ඒත් පහුගිය කාලේ දිනේෂ් ගුණවර්ධන බන්දුල ගුණවර්ධනලා කිව්වේ ඇමරිකාව කඩා වැටුණත් අපේ ආර්ථිකය වැටෙන්නේ නැහැ කියලා.

ඒත් යුද්දේ නැති වුණත් අද ජනතාවට ඒකෙ ප්‍රතිලාභ අහිමි වෙලා. කැබිනට්‌ එකේ 65 ක්‌ ඉන්නවා. නමුත්a රෝහලක බෙහෙත් ටිකවත් දැන් ජනතාවට ලැබෙන්නේ නැහැ. ඉතින් එහෙම රජයකින් ඇති වැඩේ මොකක්‌ද?

රටේ ජනතාව විශ්වාස කරපු රජය අද ඒ ජනතාවගේ කම්මුලට ගහනවා. එක එක්‌කෙනා ලෝකය පුරා රැල්ලක්‌ වෙලා ගිය රෝස වසන්තයට වැට බඳනව කිව්වට මෙහෙම ගියොත් වැඩි දවසක්‌ යන්නේ නැතුව ඇල්ජීරියාව, ලිබියාව, සිරියාව වගේ රටවල් හරහා ගිය කුණාටුව ලංකාවට එන්නේ සුනාමියක්‌ වෙලා.

මේක මේ රටේ ජනතාව හොඳහැටි අත්විඳලා තියෙන දෙයක්‌. ඕනම පක්‍ෂයක්‌ බලය නැති කාලේ කියන දේ නෙවෙයි බලයට ආපුවහම කියන්නේ. යථාර්ථය ඒකයි. අනාගත එක්‌සත් ජාතික පක්‍ෂ රජයක්‌ බිහි වුණොත් එය වෙනස්‌ වෙයිද?

පැහැදිලිවම යළිත් කිව යුතුයි. එක්‌සත් ජාතික පක්‍ෂය කියන්නේ කියන දේ කරන පක්‍ෂයක්‌. එදා මාස හයෙන් ආර්ථිකය වර්ධනය කරපු එජාපයට මේ තියෙන තත්ත්වය වෙනස්‌ කරන්න ඒ තරම් අමාරු නැහැ. අපි ජනතාව වෙනුවෙන් කළ යුතු දේ නොබියව කරනවªª €ව් ඃ ÿදි

Divaina