You are here:: News Center Press Releases මාලබේ වෛද්‍ය විද්‍යාලය ගැන ගැසට්‌ පත පමාවී ඉදිරිපත් කිරීම ගැන හොයා බලන්න
 
 

මාලබේ වෛද්‍ය විද්‍යාලය ගැන ගැසට්‌ පත පමාවී ඉදිරිපත් කිරීම ගැන හොයා බලන්න

AddThis Social Bookmark Button
front view1මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිගත් බවට උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා විසින් ප්‍රකාශයට පත්කළ අති විශේෂ ගැසට්‌ පත්‍රය ප්‍රමාදවී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ගැන හොයා බලන්නැයි එ.ජා.ප. මන්ත්‍රී රවී කරුණානායක මහතා ඊයේ (09 වැනිදා) කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

සවුත් ඒසියන් ඉන්ස්‌ටිටියුට්‌ ඔµa ටෙක්‌නොලොජි ඇන්ඩ් මෙඩිසින් (ප්‍රයිවට්‌) ලිමිටඩ් නමින් සංස්‌ථාපනය කළ එම වෛද්‍ය විද්‍යාලය පිළිගන්නා බවට උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා විසින් නිකුත් කළ අති විශේෂ ගැසට්‌පත්‍රය නිකුත් කර තිබෙන්නේ පසුගිය අගොස්‌තු 30 දාය. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ පසුගිය අඟහරුවාදාය.

ගැසට්‌ පත්‍රය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එය නිකුත් කර මාස ගණනාවකට පසුව යෑයි රවී කරුණානායක මහතා කීවේය.

මේ පිළිබඳව සොයා බලන බව කතානායක චමල් රාජපක්‍ෂ මහතා දැනුම් දුන්නේය.