You are here:: News Center Related News මුදල් ඇමැතිට විශ්වාසභංගයක්‌ ගෙන ඒම අවබෝධයෙන් තොර වැඩක්‌ - අගමැති
 
 

මුදල් ඇමැතිට විශ්වාසභංගයක්‌ ගෙන ඒම අවබෝධයෙන් තොර වැඩක්‌ - අගමැති

AddThis Social Bookmark Button

raniltalking3අයවැය යෝජනාවලිය සකස්‌ කරන ලද්දේ ජනාධිපති, අගමැති හා මුදල් ඇමැති ප්‍රමුඛ ප්‍රධානීන්ගේ පූර්ණ අධීක්‍ෂණය අනුව බවත් ඊට කැබිනට්‌ අනුමැතිය ද ලැබී ඇති බැවින් එක්‌ ඇමැතිවරයකුට එරෙහිව විශ්වාසභංගයක්‌ ගෙන ආ නොහැකි බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (26 දා) ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්‌ඩායමට දැනුම් දී ඇත.



අයවැය යෝජනාවලිය පරාජයට පත් නොකොට මුදල් ඇමැතිවරයාට විශ්වාසභංග යෝජනාවක්‌ ගෙන ඒමට ක්‍රියා කිරීම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ ප්‍රතිපාදන පිළිබඳ හරිහැටි අවබෝධයකින් තොරව කටයුතු කිරීමක්‌ බව ද අගමැතිවරයා පෙන්වා දී තිබේ.

ඕනෑම විසර්ජන හෝ මුදල් කෙටුම්පතක්‌ පරාජය කිරීමෙන් මුදල් ඇමැතිවරයා පමණක්‌ නොව සමස්‌ත ආණ්‌ඩුවම ගෙදර යෑවිය හැකි බව ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන්ට පෙන්වා දී ඇති අගමැතිවරයා ඊට අදාළ සියලු ප්‍රතිපාදන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ පැහැදිලිව දක්‌වා තිබෙන බව ද පෙන්වා දී ඇත.

ආණ්‌ඩුවේ මංගල අයවැය පරාජය කිරීමට යම් පාර්ශ්වයක්‌ උත්සාහ දරන්නේ නම් එය ග්‍රාම රාජ්‍ය සංකල්පය යටතේ නව පාලන තන්ත්‍රයකට එරෙහිව යැමක්‌ බව ද කියා ඇති අගමැතිවරයා අයවැය සම්මත කර ගැනීමට කිසිම බාධාවක්‌ නැති බව ද පවසා ඇත.