You are here:: News Center Related News ශ්‍රි ලංකා ගමනා ගමන මණඩලය සුවිශේෂී නවීකරණයක.....
 
 

ශ්‍රි ලංකා ගමනා ගමන මණඩලය සුවිශේෂී නවීකරණයක.....

AddThis Social Bookmark Button

nimal-siripalaaa-newsමෙවර අයවැය මගින් මෙරට ප්‍රවාහන ක්ෂේත්රුයේ සුවිශේෂී වෙනසක් ඇති වනු ඇතැයි මුදල් අමාත්යය රවී කරුණානයක මහතා ප්‍රකාශ කරයි. අමාත්යවරයා පෙන්වා දෙන්නේ ලංකා ගමනා ගමන මණ්ඩලය නවීකරණයට ලක් කිරීම රජයේ අපේක්ෂාව වන බවයි. ලංකා ගමනා ගමන මණඩලයේ මට්ටක්කුලිය ඩිපෝවේ නිරීක්ෂණ චාරිකාවට එක් වෙමින් අමාත්යවරයා මේ බව පැවැසීය. මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්යය නිමල් සිරිපාල ද සිල්වා මහතා ද එක්ව සිටියේ ය.


එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ රවී කරුණානායක මැතිතුමා -


“ ලංකා ගමනා ගමන මණ්ඩලය සුවිශේෂී නවීකරණයකට ලක්විය යුතුයි. ඒ නිසා තමයි මෙවර අයවැයෙන් ප්‍රවාහන ක්ෂෙත්‍රය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරල තියෙන්නෙ. ලංගමය කඩාවැටිල තියෙන්නේ. මෙතෙක් කල් සිදුවුණේ ගැටලුවලට පැළැස්තර විසදුම් ලබාදීමයි. ඒ විදියට තවදුරටත් ඉස්සරහට යන්න බෑ. වාර්ෂිකව රුපියල් මිලියන 4500 ක් විතර අලාභයක් ඇතිව තමයි අපි මේක පවත්වාගෙන යන්නේ. ඒ නිසා අප කළ යුත්තේ ඒ අලාභය අවම කරගනිමින් ලංගමය නවීකරණයට ලක් කිරීමයි. අපි මගී ජනතාවගේ පැත්තෙ ඉඳගෙන අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතුයි.


මේ කුමන නවීකරණය සිදුවුණත් එය ලංගම සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවයට කිසිදු ගැටලුවක් වෙන්නේ නෑ.” යැයි ද අමාත්යවරයා පැවැසීය.
මෙම අවස්ථාවට ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා ඇතුළු නිලධාරිහු පිරිසක් ද එක්ව සිටියහ.