You are here:: News Center Related News එක්සත් ජාතික පක්‍ෂයට තිබෙන අභියෝගය උතුරු කොළඹින් පටන් ගෙන හැකි ඉක්මනින් මුලු කොළඹම ජයගන්නවා.
 
 

එක්සත් ජාතික පක්‍ෂයට තිබෙන අභියෝගය උතුරු කොළඹින් පටන් ගෙන හැකි ඉක්මනින් මුලු කොළඹම ජයගන්නවා.

AddThis Social Bookmark Button
ravi_new_ofice-Colombo_north_අපි මෙ වනවිට උතුරු කොළඹ ශාඛා සමිති 54ක් පිහිටුවා ඇත. එම ශාඛා 54ම අප පටන් ගත්තේ අප පක්‍ෂයේ තිබෙන සියලු අර්බුදයන් මැදය. මෙ ශාඛා 54න් ජනතා බල ඇණියක් මෙරටෙ පිහිටුවිමටය. මෙි ශාඛා 54න් මවි ශාඛාවෙි සිට තරුණ ශාඛා දක්වා අප පිහිටුවා අවසන්ය. මෙයින් අප අදහස් කරන්නේ ගෙයින් ගෙට ගොස් හැම පාරක් ගානේ ගොස් අප මෙි බලවෙගය ආරමිභ කර ඇති බවයි. අප ප‍්‍රදේශයේ ගෙවල් 45800ක් පමණ නිත්‍යානුකූලව තිබුන අතර එයින් ගෙවල් 38000ක් අප ප‍්‍රදේශයේ හිටපු නාගරික මන්ත‍්‍රීවරු අප සමග කටයුතු කරන බව අප මතක් කරන්නට කැමතියි. මෙම ආසනය මෙරටෙි මහත්මා ගතිගුණ ඇති සුවිශේෂි පුද්ගලයනගේ ප‍්‍රධානත්වයෙන් කටයුතු කරපු ආසනයක්. 1960 සිට 1973 දක්වා සුගතදාස මැතිතුමන් කටයුතු කර තිබෙි. ඒ වගේම 1973 සිට 1993 දක්වා වින්ස්ටන් පෙරේරා හිටපු ඇතිතුමන් නායකත්වය දුන්නා. 1993 සිට 1994 දක්වා ක‍්‍රීස්ටි පෙරේරා මැතිතුමා නායකත්වය දුන්නා. 1994 සිට 2009 සිට ලිලන්ත පෙරේරා මැතිතුමා නායකත්වය දුන් බව මා ඉතාමත් ගෞරවයෙන් යුක්තව මතක් කර සිටිමි. මෙවන් නායකයන් විසින් දුන් නායකත්වය නිසා එවැන් දැ මතක් වෙන විට ජනතාවගේ ඇස් වලින් කදුලු නැගෙන අවස්ථා බොහෝ විට දක්නට ලැබෙි. මෙවන් වු යුගයකට නැවත පා තබන්නෙ උතුරු කොළඹ නියෝජනය කරන මාගේ නායකත්වයෙන් මෙම ජනතා බලය මෙි කොළඹ දිස්ත‍්‍රීක්කයේම එක්සත් ජාතික පක්‍ෂයේ බලය තහවුරු කරන අවස්ථාව වැඩි ඈතක් නැත.

අද මෙරටෙි යුද බියෙන් තොරව ගමන් කිරිමට සහ මෙරටෙි එදා අමිමාවරු තම සෙහෙසින් හදාවඩා ගත් දු දරුවන් පාසැල් ගොස් නැත එයිද යන සැකයෙන් සිටි. එම ලක්‍ෂ ගණනාවක අමිමාවරුන්ගේ දුක් කදුල සතුටු කදුලක් කරමින් වසර 30ක කුරුරි ත‍්‍රස්තවාදි යුද්ධය මෙරටින් තුරන් කල දේශයේ රණවිරුවා සරත් ෆොන්සේකා මැතිදුන් අද සිටන්නේ වැලිකඩ සිර ගෙදරයි. එදා බුද්ධාගමට කැළලක් ඇති කල සිරි දළද මාළිගාවට බෝමිබ එල්ල කර මෙරටෙි සියලු ජනතාව මරා දමන්නට තැත් කල කුරුරි ත‍්‍රස්තවාදි නායකයින් අද රාජ්‍ය ආරක්‍ෂා සහිතව සුඛෝපභෝගි ජිවිතයක් ගත කරයි. එසේ නමි අප රජයෙන් අසා සිටින්නේ මෙයද අප රටෙි සෑබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය. එදා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මළගම යැයි සදහන් කල අප දැන් මෙරටෙි එය ඇත්තෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මළගම යැයි ජනතාවට පෙනී යයි.

එසේ නමි මෙම උතුරු කොළඹ ආසනයේ විවිධ ජාතින්ට අයත් අය ජිවත් වෙි. මෙය කොළඹ දිස්ත‍්‍රීක්කයෙන් ඉතා සුවිශේෂි ආසනයක්. එදා අපේ මුතුන් මිත්තන් 1946 සැප්තැමිබර් 06 වන දින මෙම එක්සත් ජාතික පක්‍ෂය පිහිටුවා ගත්තේය. එදා අප පක්‍ෂයේ සුවිශේෂි නායකයන් මෙම රටට කල විශීෂ්ඨ සේවාවන් රැුසැක් කර තිබෙි. එසේ නමි එවන් වු යුගයකට නැවතත් පා තබන්නට ජනතා බලවෙගයෙන් උතුරු කොළඹින් පටන් ගෙන කොළඹ දිස්ත‍්‍රීකයම එක්සත් ජාතික පාක්‍ෂිකයන් ලෙසින් මෙි සියලු අභියෝගයන් මැද වැඩි ඇතක් යන්නට මත්තේ අප ජයගන්නවා කියා මතක් කරන්නට කැමතියි.