You are here:: News Center Related News එජාප සම්මේලනයට එරෙහිව ඉල්ලූ වාරණ නියෝගය අධිකරණය ප‍්‍රතික්‍ෂෙප කරයි! COURT REFUSES INJUNCTION AGAINST UNP CONVENTION !
 
 

එජාප සම්මේලනයට එරෙහිව ඉල්ලූ වාරණ නියෝගය අධිකරණය ප‍්‍රතික්‍ෂෙප කරයි! COURT REFUSES INJUNCTION AGAINST UNP CONVENTION !

AddThis Social Bookmark Button
SirikothaDecember 10, 2010: Colombo District Court this afternoon refused the application filed through a lawyer seeking an injunction against the holding of the United National Party Convention scheduled for Sunday. UNP Southern Provincial Council member Attorney at Law Maithri Gunaratne had said earlier that a team of lawyers including himself, would go to court against the convention. ලබන ඉරිදා  සිරිකොතදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්‍ෂ මහා සම්මේලනය සඳහා තමන්ට ආරාධනා පත‍්‍රයක් නොලැබුණේ යැයි ඒ නිසා මහා සම්මේලනය ව්‍යවස්ථා විරෝධී යැයි ද පවසමින් සම්මේලනය පැවැත්වීම නතර කිරීම සඳහා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි බෙන්තොට ප‍්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායක ශ‍්‍රී ලාල් වික‍්‍රමසිංහ මහතා කොළඹ දිසාඅධිකරණයෙන් කළ ඉල්ලීම දිසා විනිසුරු රික්කාර් මහතා මීට ටික වේලාවකට පෙර ප‍්‍රතික්‍ෂේප කළේය.

මෙම අධිකරණ නියෝගය ඉල්ලා ගොනුකළ පෙත්සම අද කොළඹ දිසා අධිකරණ කටයුතු නිමවීම සඳහා කෙටි වේලාවක් තිබියදී ඉදිරිපත් වී තිබේ.

මෙම පෙත්සමට විරුද්ධව ගුණරත්න වන්නිනායක, රොනල්ඞ් පෙරේරා හා මෛත‍්‍රී ගුණරත්න යන නීතිඥවරුන් කරුණු දක්වා ඇත.


අධිකරණයෙන් පිටත ආරංචි මාර්ගවලට අනුව රජයේ බලවත් ඇමැතිවරයකුගේ ආශිර්වාදය යටතේ පසුගිය මහ මැතිවරණය පරාජය වූ ගාලූ දිස්ත‍්‍රික් මන්ත‍්‍රීවරයකු, මාතර දිස්ත‍්‍රික් මන්ත‍්‍රීවරයකු හා තවත් එජාප කොළඹ දිස්ත‍්‍රික් ප‍්‍රබල මන්ත‍්‍රීවරයකුගේ අනුදැනුම සහිතව මෙම තහනම් නියෝගය ගැනීමේ උත්සාහය දරා ඇති බව පැවැසේ.

මෙම පෙත්සම අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේදී එය එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට විරුද්ධව පැවැරූ එකක් ලෙස හැඟවීමට එජාප මන්ත‍්‍රීවරුන් පිරිසක් උත්සාහ ගෙන ඇති අතර එහිදී එජාප තරුණ මන්ත‍්‍රීවරුන් වන සුජීව සේනසිංහ, දයාසිරි ජයසේකර යන මන්ත‍්‍රීවරුන් විසින් නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතාට හා මහලේකම් තිස්ස අත්තනායක මහතාට අවකැපෙන වචනවලින් උසාවි භූමියේදිම සංග‍්‍රහ කර තිබේ.  

එජාප නායක වික‍්‍රමසිංහ මහතාගේ පාර්ශවය නියෝජනය කරමින් උතුරු මැද පළාත් විපක්‍ෂ නායක කිත්සිරි අනුරාධනායක, මංජු ශ‍්‍රී අරංගල, දයා ගමගේ වැනි මන්ත‍්‍රීවරුන් ද දිසා අධිකරණයට පැමිණ තිබේ.