You are here:: News Center Related News තෛපොංගල් සුභාශිංසන පණිවුඩය !
 
 

තෛපොංගල් සුභාශිංසන පණිවුඩය !

AddThis Social Bookmark Button
Pongalදෙමළ දින දර්ශනයට අනුව වසරේ පළමු මාසය “තෛයි” ලෙස හැදින්වේ. එහි මුල්ම දිනය හෙවත් තෛපොංගල් දා සශ්‍රීකත්වයට උරදුන් සැම මහත් කෘතවේදීත්වයෙන් යුතුව පුදනු ලැබීම වැදගත් හා උත්කෘෂ්ඨ ගුණාංගයකි. නිවෙස් හා ගෙවතු සුද්ධ පවිත්‍ර කොට යහපත් අස්වැන්නකට අවකාශය සලසා දුන් සූර්ය දෙවියන් නැමදීමත්, වගා කටයුතු සදහා උපකාර කළ සතා සීපාවුන් නහවා පිරිසිදු කොට ඔවුන්ට සංග්‍රහ කිරීමත් තෛපොංගල් දිනට ආවේණික සුවිශේෂ කාර්යයන් අතර වෙයි. ඒ අනුව නව බලාපොරොත්තු සමගින් ජීවිතය නැවත පුබුදුවාලීමට තෛපොංගල් උදාව ඉවහල් කොට ගනු ලැබේ.   කෘතවේදීත්වය පෙරදැරිව කටයුතු කිරීම පෙරදිග ශිෂ්ඨාචාරය තුළ ගැබ්වී පවතින මානව හිතවාදී සළකුණකි. මිනිසුන්ට හුදකලා විය නොහැකි බවත්, උනුන් අතර සබැදියාව හා අන්‍යෝන්‍ය උපකාරය නොනැසී පැවතීම පිණිස කෘතවේදීත්වය හේතු වන බවත් තෛපොංගල් උත්සවය අපට සිහිපත් කරදෙයි. නූතන විෂම ලෝකය තුළ මිනිසාගේ සිත දළ බවින් හා අසංවේදීත්වයෙන් පිරී පැවතීම හේතුවෙන් උනුන් අතර සාමය, සංහිදියාව හා සබැදියාව ගිලිහී යාමට හේතු වෙයි. එහිලා අපේ සිත් සතන් නැවත පුබුදුවාලීමට තෛපොංගල් උළෙල මහග් පිටිවහලකි. එළැඹුණු තෛපොංගල් උත්සවය ශ්‍රී ලංකා හා ලෝකවාසී දමිළ ජනතාවට අසිරිමත් එකක්ම වේවා ය යන්න මගේ පැතුමයි