You are here:: News Center Related News දියව්.! දියව්.!! අපට දියව්.!!! - අපෙ ජෙනරල් අපට දියව්! එජාපය මහා උද්ඝෝෂණයක .UNP DEMONSTRATION HEADING TOWARDS LIPTON CIRCUS
 
 

දියව්.! දියව්.!! අපට දියව්.!!! - අපෙ ජෙනරල් අපට දියව්! එජාපය මහා උද්ඝෝෂණයක .UNP DEMONSTRATION HEADING TOWARDS LIPTON CIRCUS

AddThis Social Bookmark Button
unpprotest_lipton_2011Opposition Leader Ranil Wickramasighe said the UNP will protest until the formation of a UNP government defeating the Rajapaksa regime. He made these comments a short while ago during a protest urging the government to release Sarath Fonseka, also urging them to bring down the price of commodities. The protesters commenced the march from the Campbell Park and are now in front of the main gates of the Welikada prison complex.


වර්තමාන ආණ්ඩුවේ මර්දනයට, ¥ෂණයට, භීෂණයට හා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අයුක්ති සහගත ලෙස සිර කර තැබීමට එරෙහිව එක්සත් ජාතික පක්‍ෂය විසින් සංවිධානය කරන ලද මහා උද්ඝෝෂණ ව්‍යාපාරයක් අද සවස කොළඹ දී පැවැත් විය.

එජාප නායක රනිල් වික‍්‍රමසිංහ, සජිත් පේ‍්‍රමදාස, කරු ජයසූරිය ඇතුළු සියලූ එජාප නායකයින් සහභාගි වූ විශේෂ ජන හමුවක් කොළඹ විහාර මහදේවි එළිමහන් රංගපීඨයේදී පැවැත්වීමෙන් පසු එයට සහභාගි වූ සියලූ එජාප නායකයින් විරෝධතා ව්‍යාපාරයක් සඳහා ලිප්ටන් වටරවුම වෙත පැමිණි අතර එහිදී ඔවුහු සියලූදෙනා එක්වී ආණ්ඩුවට එරෙහි සටන් පාඨ හඬ නැගූහ.

පසුව එතැන් සිට එජාප නායකයන් සියලූ දෙනා පුංචි බොරැුල්ල හන්දිය තෙක් පාගමනින් පැමිණිය අතර එහිදී එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු පිරිස නිදහස් දින තම සාමකාමී පාගමනට මැරයන් ප‍්‍රහාර එල්ල කළ පුංචි බොරැුල්ලේදී විරෝධතාවයකට ද එක්වූහ.

පුංචි බොරැුල්ල උද්ඝෝෂණයෙන් පසු උද්ඝෝෂකයින් පිරිසක් සමඟ බොරැුල්ල මැගසින් බන්ධනාගාරය වෙත පැමිණි රවි කරුණානායක, මංගල සමරවීර, පාලිත තෙවරප්පෙරුම, අජිත් පෙරේරා වැනි පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පොලිස් හා බන්ධනාගාර නිලධාරීන් විසින් දැඩි ආරක්‍ෂාවක් යොදා තිබූ බන්ධනාගාර ඉදිරි පිවිසුම වෙත පැමිණ ජෙනරාල් ෆොන්සේකා මහතා ඉල්ලා හඬ නැගූහ. උද්ඝෝෂකයෝ පුංචි බොරැුල්ලේ සිට බන්ධනාගාරය වෙත පැමිණෙද්දී සංඝමිත්තා බාලිකා විදුහල ඉදිරිපිට ඇති බොරැුල්ල පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතාගේ නිවස ඉදිරිපිටදී විශේෂ ‘හූ’... හඬක් නඟන්නට ද අමතක නොකළහ.